access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

කාර්යාලයේ වාතාශ්‍රය ගුණාත්මක කරගත හැකි ක්‍රම

 

ශාකවලට ස්වාභාවිකවම වාතයේ තත්ත්වය වර්ධනය කරන්න පුළුවන් වගේම අලංකාර දර්ශනයක් සපයනවා (P1)

අසීරු වාතාවරණයද?

තමන්ගේ අවට වාතය බර ගතියකින් හා පොඩි දුර්ගන්ධයකින් යුතුයි වගේ දැනෙන අවස්ථා ඔබටත් තිබිලා ඇති. මේක සිද්ධ වෙන්නේ වහලා තියෙන පොඩි ප‍්‍රදේශයක් ඇතුළත වාතය දූෂණය වීමෙන්. අපිට මුලින් දැනෙන්නේ අපහසුතාවයක් විතරක් වුණත් කාලයක් තිස්සේ මෙහෙම හිටියොත් අපේ නීරෝගීකම ගැන ගැටළු ඇති වෙන්න පුළුවනි.

ගොඩනැගිල්ලක අභ්‍යන්තර වාතාශ‍්‍රයට කාබන් ඩයොක්සයිඞ් (CO2) ප‍්‍රමාණය, කාබන් මොනොක්සයිඞ් (CO) ප‍්‍රමාණය, වාෂ්පශීලී කාබනික සංයුති [volatile organic compounds (VOCs)] ප‍්‍රමාණය සහ ඉහළ අංශුමය අගයක් ගන්නා දේවල් ප‍්‍රමාණය බලපානවා. මෙතනින් VOCs කියන දේවල් අපි එදිනෙදා භාවිතයට ගන්න තීන්ත, ටිෂූ, ග්‍රොසරි බෑග් වගේ දේවල් වල තියෙනවා. මේ සංයුතීන්වල ප‍්‍රමාණය වැඩි වුණාම අහිතකර වුණත්, සීමාවක් ඇතුළේ පාවිච්චි කරන්න පුළුවන් නම් මේවායින් වැඩ කරන තැන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන්.

 
 
Individual wearing a mask attempts at removing a vent on ceiling

ගෘහස්ථ වායු දූෂණය ඔබේ සෞඛ්‍යයට දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකියි. (P2)

වාතයේ ගුණාත්මකබව පාලනය කිරීම

උස් ගොඩනැගිලිවල අභ්‍යන්තරයේ වාතයේ තත්ත්වය පවත්වාගෙන යාමට හොඳම ක‍්‍රමය මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් පවත්වා ගෙන යන එක.(1) මධ්‍යම වායු සමීකරණ පද්ධතියකට, අනවශ්‍ය වායු සංයුති හා දූවිලි අංශු ඉවත් කරලා වාතයේ ගුණාත්මකබව පාලනය කරන්න පුළුවන්. මධ්‍යම වායු සමීකරණ පද්ධති වැඩ කරන ආකාරය පිළිබඳව මෙතනින් තවදුරටත් දැනගන්න පුළුවන්.

ඒ වගේම අභ්‍යන්තරයේ වවන පැළ වලට මධ්‍යම වායු සමීකරණ පද්ධතියක මේ කාර්යභාරය තවත් පහසු කරන්න පුළුවන්. නාසා ආයතනය විසින් 1980 වසරේදී කරපු පර්යේෂණයකින් තහවුරු කරගෙන තියෙනවා පැළ වර්ග වලට ගෘහ අභ්‍යන්තරයේ අහිතකර වායූන් උරා ගන්නට පුළුවන් කියලා.(2) ඒක එහෙම නම්​, වාතයේ ගුණාත්මකබව පවත්වා ගෙන යාමට වඩාත් හරිත තිරසාර විකල්පයක් අපිට තියෙනවා නේද ?

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.