access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

රැකියා ස්ථානයේ මානසික ආතතිය ජයගන්නේ කොහොමද ?

 

ආතතියෙන් පෙළෙන කාර්යාල සේවකයෙක් (P1)

 

ඔබ අවධානමින්ද?

මෑතකදී කෙරුණු සමීක්ෂණවලින් හෙළි වෙලා තියෙන ආකාරයට ආයතනයක සේවකයින්ගෙන් 70% - 80% ත් අතර ප‍්‍රමාණයක් තමන්ගේ වැඩවලට  100%  ක්ම අවධානයෙන් නැහැ. සේවකයින් තමන් කරන වැඬේට 100% ක් අවධානය නැහැ කියන්නේ වැඩ කරන පරිසරයකට එතරම් හොඳ දෙයක් නෙවෙයි. මේ නිසා සේවකයින් වැඩට නොපැමිණීම වැඩි වෙන්නත් ආයතනයේ ගනුදෙනුකරුවන් එක්ක තියෙන සම්බන්ධතාවය නරක අතට හැරෙන්නත් ඉඩ තියෙනවා.(1)

ඒ නිසා ඵලදායී පරිසරයක්, එහෙම නැත්නම් වැඩක් කෙරෙන තැනක් නිර්මාණය කිරීම, සේව්‍යයාගේ එහෙම තැන්නම් ආයතනයේ වගකීමක් වෙනවා. අනෙක් අතට සේවකයිනුත් මේ තත්වය තේරුම් අරගෙන තමන් වැඩ කරන තැන හා සම්බන්ධ මානසික ආතතිය කළමනාකරණය කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒකට හොඳම ක‍්‍රමය තමයි relax කරන එක.

 

 
Relaxed office worker

සැහැල්ලූවෙන් වැඩ කරන කාර්යාල සේවිකාවක් (P2)

හරි අාකාරව විවේක ගැනීම

ගොඩක් අය හිතන්නේ දවස අන්තිමේ රූපවාහිනිය හෝ පරිඝණක තිරය ඉස්සරහ  දිගෑදිලා ඉන්න එක විවේක ගැනීමක් කියලා. ඒත් ඇත්තටම අපේ දෛනික මානසික ආතතිය සමනය කරන්න මේකෙන් වෙන සෙතක් නැහැ. හරියටම මානසික ආතතිය සමනය කරන්න නම් ඔබේ ශරීරයේ ස්වාභාවිකව සිදුවන විවේක ගැනීමේ යාන්ත‍්‍රණය ක‍්‍රියත්මක කිරීම අවශ්‍යයි. ඉංග‍්‍රීසියෙන් කියනවා නම්  Natural Relaxation Mechanism.

මේක හොයාගත්තේ හාර්වර්ඞ් විශ්ව විද්‍යාලයේ Mind Body Institute ආරම්භ කළ ආචාර්ය හර්බර්ට් බෙන්සන්. සාමාන්‍යයෙන් අපිට මානසික ආතතිය දැනෙන කොට අපේ මනසින් ලැබෙන ප‍්‍රතිචාරය ''මුහුණ දෙනු නැත්නම් පලා යනු'' වගේ එකක්. හැබැයි අපේ  ''Natural Relaxation Mechanism'' එක ක්‍රියාත්මක වෙනකොට ලැබෙන ප‍්‍රතිචාරය ඊට සම්පූර්ණයෙන්ම වෙනස් එකක්.  ''Natural Relaxation Mechanism'' එක ක‍්‍රියාත්මක වෙනකොට;

  • ශරීරයේ මාංශ පේශී ලිහිලි වෙනවා.
  • රුධිර පීඩන මට්ටම පහල යනවා.
  • ශරීරයේ රසායන ද්‍රව්‍ය ක‍්‍රියාවලිය යහපත් වෙනවා.
  • හෘද ස්පන්දන වේගය අඩු වෙනවා.

කාර්යාවල වේලාවේදී මෙන්ම ඉන් පිටතදීත් relax කරන විදිය තවදුරටත් මෙතනින් දැනගන්න පුළුවන්.

   

References

උපුටා ගැනීම්
1. JLL Fully Engaged Report. Jones Lang LaSalle, 2017. Web. 
2. "RELAXATION TECHNIQUE By Dr. Herbert Benson". Wellness Group. N.p., 2017. Web

පින්තූර
P1. Inside Access
P2. Inside Access

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.