access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

හුස්ම සමග මානසික ආතතියත් පිට කරමු

 

හුස්ම ගැනීමේ අභ්‍යාස ආතතිය අඩු කර ජීවිතයේ ගුණාත්මක බව වැඩි කරනවා(P1)

 

ගැඹුරින් හුස්ම ගැනීම

මානසික ආතතිය පිළිබඳව ඇමෙරිකානු ආයතනය (American Institute of Stress) පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙන ආකාරයට ඔබේ මානසික සැහැල්ලූව, සුවය ලබාගැනීමට හොඳම ආකාරය නිසියාකාරව හුස්ම ගැනීමයි.

ඒ වගේම දකුණු කැරොලිනා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ  (Medical University of South Carolina)  පර්යේෂකයින් ගැඹුරු යෝගී ආශ්වාස ප‍්‍රශ්වාසයේ ප‍්‍රථිඵල විද්‍යාත්මකව තහවුරු කරලා තිබෙනවා. මේ පර්යේෂකයින් හොයා ගෙන තිබෙන ආකාරයට ගැඹුරු යෝගී හුස්ම ගැනීම තුළින්  proinflammatory cytokines  කියන සංඥා අණු විශේෂය නිෂ්පාදන වීම අවම කරනවා. මේ අණු විශේෂය මානසික ආතතියට ස්වභාවික ප‍්‍රතිචාරයක් වශයෙන් නිෂ්පාදනය වන්නක්. (1   

 

 

Meditation helps reduce stress

සිතිවිලි නිරීක්ෂණය කිරීම හා සන්සුන් වීම (P2) Image Credits: Relaxing Music

විපස්සනා භාවනාව

භාවනාව කීවාම අපේ මනසේ ඇඳෙන්නේ පහසුවෙන්, සැහැල්ලූවෙන් එක තැනක වාඩි වෙලා කරන භාවනාව ගැන පින්තූරයක්. අපි මොන ආකාරයට භාවනා කළත් භාවනාවේ අරමුණ වන්නේ මනස නිශ්චල කිරීමයි. එක මොහොතකට සිතිවිලි දහස් ගණනක් අපේ මනස තුළ ඇති වෙලා නැති වෙලා යනවා. අපි මනස නිශ්චල කරගන්නේ ඒ සිතිවිලි නවත්වා ගැනීමෙන් නෙවෙයි, සිතිවිලිවලට ඉඩ දීලා නිරීක්ෂණය කිරීමෙන්. එතකොට අපිට පුළුවන් වෙනවා ඒ සිතිවිලිවල හිර නොවී, අපි ජීවත් වෙන වර්තමාන මොහොතට අපේ අවධානය ගෙන එන්න.

භාවනා කිරීමේ ප‍්‍රථිඵලයක් වශයෙන් මානසික ආතතිය නිසා සිදුවන වැරදි අවම වන බව භාවනාව පිළිබඳව කෙරී ඇති පර්යේෂණවලින් තහවුරු වෙනවා.

මේ පර්යේෂණ කෙරිලා තියෙන ආකාරය හරිම අපූරැයි. ඉහත සටහනේ දැක්වෙන්නේ මේ එක් පර්යේෂණයකට භාවිතා කරපු පාට වගුවක්. මේ වගුවේ තීරු දෙකේම තියෙන්නේ පාට වල නම්. වම් තීරුවේ නම් ලියැවිලා තියෙන්නේ නමෙන් කියැවෙන පාටින්මයි. නමුත් දෙවැනි තීරැවේ පාටේ නම ලියැවිලා තියෙන්නේ නමෙන් කියැවෙන පාටින් නෙවෙයි.

 

 

Stroop Test

Stroop Test

පර්යේෂණයට සහභාගී වූ අයට තිබුණේ නම ලියැවිලා තියෙන පාට කියන්න. නමෙන් කියැවෙන පාට කියන්න නෙවෙයි. උදාහරණයක් විදියට පළමු තීරුවේ පළමු වචනය ලියැවිලා තියෙන්නේ රතු පාටින්. දෙවැනි තීරුවේ පළමු වචනය ලියැවිලි තියෙන්නේ කහ පාටින්. මේකට කියන්නේ stroop test එකක් කියලා.(2)

නම ලියැවිලා තියෙන පාටයි, නමෙන් කියැවෙන පාටයි අතර ඇති වෙනස නිසා පර්යේෂණයට සහභාගී වූ අයට දෙවැනි තීරුවේ නම්වල පාට කියන එක අමාරු වුණා. නමුත් මේ පර්යේෂණයට සහභාගී වූ භාවනා කරන අය භාවනා නොකරන අයට වඩා හොඳ ප‍්‍රථිඵල ලබා ගත්තා.

මේ වගේ අවස්ථාවලදී වෙන්නේ අපේ මොළය ගැටළුව ලිහා ගන්න උත්සාහ කරන කොට මොළයේ Error Response එකක් නිර්මාණය වෙනවා. මේ Error Response එකට අපි හැඟීම්වලින් ප‍්‍රතිචාර දක්වන විට අපේ මනසේ ආතතිය නිර්මාණය වෙනවා.

අපේ මොළයේ තියෙන Executive Center කියන කොටස අපේ හැඟීම් ආවේග පාලනය කරලා හොඳම විසදුම හොයාගන්න අපිව මෙහෙයවනවා. අපි සිතිවිලි, හැඟීම් සහ ආවේග නිරීක්ෂණය කරන විට අපිට හැඟීම් සහ ආවේගවල පාලනයට යට වෙන්නේ නැතිව වර්තමාන මොහොතට අවධානය ගේන්න පුළුවන්. මේක දක්ෂතාවයක්. අභියෝගාත්මක පරිසරයක වැඩ කරන කොට මේ දක්ෂතාවය ඉතාම වැදගත් වෙනවා.

ඒ නිසා මනසට ආතතියක් දැනෙන විට ගැඹුරින් හුස්ම කිහිපයක් ගන්න. මේ මොහොතට අවධානය ගෙනෙන්න. කණගාටුව, බය, තරහව වැනි හැඟීම් අයින් කරලා ප‍්‍රශ්න දිහා බලන්න. සැහැල්ලූවක් ඔබට දැනේවි. මේ ක‍්‍රමය ඔබට මානසික ආතතිය ජය ගන්න උපකාරී වේවි.

කාර්යාල වේලාව තුළ හා ඉන් පසුව ඵලදායීතාවය වැඩි කරගැනීම පිළිබඳව මේ වගේ ලිපි තව කියන්න මෙතනින් පිවිසෙන්න.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.