access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

පිරිසිදු කිරීම හා නඩත්තුව

Manager - Access Realities

Consultant : Dulip Peris

Manager - Access Realities

 

පොදු ප‍්‍රදේශ පිරිසිදු කිරීම (P1)

වැඩ කරන තැනක ඵලදායීතාවයට, එතැන පිරිසිදුකම හා පිළිවෙල කෙළින්ම බලපානවා. මේකට යන වියදම කොටස් දෙකකට බෙදන්න පුඵවන්.

 

නඩත්තු වියදම

විදුලි ආලෝකය, විදුලි සෝපාන, වායු සමීකරණ වගේ හැමෝම පාවිච්චි කරන පහසුකම් නඩත්තු කිරීමට යන වියදම සහ පොදු පරිශ‍්‍රයන් පිරිසිදු කිරීමේ වියදම, නඩත්තු වියදම්වලට අයත් වෙනවා. ඒක නිසා දීර්ඝ කාලයකට කාර්යාල ඉඩක් බද්දට ගන්නවා නම්, එතැන නියමිත උපාංග දාලා හදලා තියෙනවාද? නඩත්තුවට දක්ෂ සේවකයින් ඉන්නවාද? අයිතිකාරයා ගොඩනැගිල්ලේ නඩත්තුව හරියට කළමනාකරණය කරනවාද? වගේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න.

පසුගිය වසර 20 ක කාලයක් පුරා කොළඹ නගරයේ විශාලතම ගොඩනැගිල්ලක් වෙන Access Tower 1 සාර්ථකව කළමනාකරණය කළ Access Realties සමාගම කියන විදියට ඔවුන්ගේ සාර්ථකත්වයට මූලික වෙන්නේ හොඳ කළමනාකරණ පිළිවෙත්. මේ ඒ අතරින් කීපයක්;

  • පරිඝණකගත නඩත්තු ක‍්‍රමවේදයක් භාවිතා කිරීම.
  • නඩත්තු ඉංජිනේරුවන් විසින් සතිපතා වායු සමීකරණ, ජල නල, විද්‍යුත් පරිපථ පරීක්ෂා කිරීම හා නඩත්තුව.
  • ගොඩනැඟිල්ලට වාතය ලැබෙන පද්ධතිය හා වායු සමීකරණ පද්ධතිය මාස දෙකකට වරක් පරීක්ෂා කිරීම.
  • විදුලි සෝපාන මසකට වරක් නඩත්තු කිරීම.

 

නඩත්තු සේවකයින් බඳවා ගැනීම

ඔබේ අවශ්‍යතාවයට අනුව පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන වශයෙන් සේවකයින් බඳවා ගන්න පුඵවන්. දැන් නම් ලංකාවේ ගොඩක් සමාගම් සේවකයින්ටම තමන්ගේ තේ එක හදා ගෙන කෝප්පයත් සෝදන්න පුරුදු කරනවා තමයි. ඒත් පොදු පරිශ‍්‍රයන්ගේ නඩත්තුව සහ පිරිසිදුකම ගැන හොඳ කළමනාකරණ පිළිවෙත් නැති නම්, අර්ධ කාලීන ක‍්‍රමයට නඩත්තු කිරීමේ හා පිරිසිදු කිරීමේ සේවකයින් බඳවා ගත්තට වැඩක් නැති බවත් මතක තියා ගන්න  ඕනේ.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.