access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ඔබේ කාර්යාලයේ පොදුකාර්ය වියදම් (overhead) කළමනාකරණය සඳහා ක්‍රම 4ක්

Manager - Energy Management

Eng. Sujeewa Fernando

Manager - Energy Management

Access Energy Solutions

 

බිල් ගෙවන එක කවදාවත් ලේසි වෙන වැඩක් නෙවෙයි (P1)

උපයෝගීතා වියදම් එහෙම නැත්නම් Utility Costs කියලා කියන්නේ ගොඩනැගිල්ලක වායු සමීකරණ පහසුකම්, ජලය, විදුලිය වගේ පහසුකම් වෙනුවෙන් වැය වෙන වියදම. දවසින් දවස වැඩි වෙන මේ වියදම ගැන ගොඩනැගිලි ඉදි කරන සමාගම් ඉතාම සැළකිලිමත්. ඒ නිසා ඔවුන් දැන් වැඩි වැඩියෙන් බලශක්තිය ඉතිරි කරන තිරසාර ක්‍රමවේදයන්ට යොමු වෙමින් පවතිනවා.

අනෙක් අතට දැන් දැන් කාර්යාලවල සේවකයින්ට වැඩට එන්න යන්න නම්‍යශීලී වේලාවන් ලැඛෙන නිසා, ගොඩක් ගොඩනැගිලි පවත්වා ගෙන යන සමාගම් එක් එක් කාර්යාලවලින් පැකේජ ගාස්තුවක් අය කරනවාට වඩා සම්පත් භාවිතා කරන ප්‍රමාණයට අනුව ගාස්තු අය කරන්න කැමතියි.

මේ තියෙන්නේ ගොඩනැගිලි පවත්වා ගෙන යන සමාගම් වියදම් අවම කරගැනීම සඳහා යොදා ගන්න කාර්යක්ෂම තාක්ෂණයන් කිහිපයක්. ඔබේ කාර්යාල ගොඩනැගිල්ල පවත්වා ගෙන යන සමාගම මෙයින් මොන ක්‍රම වේදය භාවිතා කරනවාද කියලා හොයලා බලන්න.

 

 

Air conditioning compressor fans on top of a building

නිවැරදි වායු සමීකරණ පද්ධතිය තෝරා ගැනීම (P2)

වායු සමීකරණය

කාර්යාල ගොඩනැගිලිවල ලොකුම වියදම තමයි විදුලි වියදම. මෙයින් වැඩිම වියදමක් සිද්ධ වෙන්නේ වායු සමීකරණ යන්ත්‍ර නිසා. සුවපහසු කාර්යාල පරිසරයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම ගැන අපේ  work spaces that work ලිපි යටතේ කතා කළා. නමුත් අපි සුවපහසු කාර්යාල පරිසරයක් පවත්වා ගෙන යන්න ඕනේ අධික වියදමක් දරමින් නොවේ.

උදාහරණයක් විදියට වායු සමීකරණ පද්ධති ගමු. කාර්යාල වගේ තැන් වෙනුවෙන් අලූතින්ම එන Magnetic Chiller එකක් සහ Variable Frequency Drive  (VFD) තාක්ෂණය සහිත වායු සමීකරණ යන්ත්‍ර, එම තාක්ෂණය නොමැති වායු සමීකරණ යන්ත්‍රවලට වඩා 30% ක් අඩුවෙන් විදුලිය පරිභෝජනය කරනවා. ඔබ කාර්යාල හිමියෙක් නම් මේකේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ඔබට VFD සහ එහි ප්‍රයෝජන ගැන වැඩිදුර විස්තර මෙතනින් දැනගන්න පුළුවන්. (1)

 

 

A dripping faucet

නිත්තුවකට ජලය බිංදු දෙකක් අපතේ යනවා කියන්නේ වසරකට ලීටර 270 ක් පමණ බව ඔබ දැන සිටියාද? (2) (P3)

ජලය

බොහෝ වේලාවට ගොඩනැගිල්ලක ජල වියදම ගොඩනැගිල්ල පවත්වා ගෙන යන හිමිකරු බාර ගන්නවා. කෙසේ වෙතත්, ඔබට ඔබ භාවිතා කරන ජල ප්‍රමාණය ගැන අදහසක් ගන්න ඕනේ නම් washroom fittings වල ජල කාර්යක්ෂමතා ලේබලය  Water Efficiency Label (WELL)  බලන්න පුළුවන්. මේ ශ්‍රේණිගත කිරීම බලලා ඔබට කොතරම් වතුර ප්‍රමාණයක් ඉතිරි කරනවාද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.  

උදාහරණයක් විදියට ජල කරාමයක් සාමාන්‍යයෙන් විනාඩියකට ජලය ලීටර් 18 ක් දක්වා ප්‍රමාණයක් පිට කරනවා. ඒත් Aerating Tap එකකට විනාඩියකට වතුර ලීටර 2 ක් වගේ ප්‍රමාණයකට කළමනාකරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ එතන 80% ක ඉතිරියක්. ඒ වගේම සාමාන්‍ය වැසිකිළි පෝච්චියක් එහෙම නැත්නම් commode එකක් වතුර ලීටර් 12 එක සැරයකට ගනිද්දී  dual flush commode එකක් වතුර ලීටර 4 කින් වැඩේ සම්පූර්ණ කරනවා. එතැන 70% ක ඉතිරියක්. (3)

 

 

Ethernet cable

ස්ථාවර අන්තර්ජාල සබඳතා සාමාන්‍යයෙන් වඩා විශ්වාසනීයයි (P4)

බ්‍රෝඩ්බෑන්ඩ් සහ අන්තර්ජාලය

නවීන fibre optic තාක්ෂණයේ සිට හැමතැනම පාවිච්චි කරන 4G සහ අනෙකුත් බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයන් දක්වා තාක්ෂණය කුමක් වුවත් ගොඩනැගිල්ලේ ඩිජිටල් සබඳතාවයන් ගැන තක්සේරුවක් තබා ගැනීම වැදගත්. fibre optic තාක්ෂණය; බ්‍රෝඩ්බෑන්ඩ් තාක්ෂණයේ අලූත්ම සොයාගැනීම, 4G තාක්ෂණයට වඩා 10 ගුණයකින් වේගවත්. මේ නිසා වේගය අඩු වෙන්නේ හෝ වියදම වැඩි වෙන්නේ නැතිව ඔබට ඉතා ඉක්මනින් අන්තර්ජාලයේ සැරිසරන්න පුළුවන්. වැඩි පිරිසකට එකවර අන්තර්ජාලය පරිහරණය කරන්න පුළුවන්. සේවකයින්ට වුණත් ඕනෑ තැනක කට ඇරලා කියන්න පුළුවන් අපේ office එකේ තියෙන්නේ fibre optic කියලා.

 

 

generator

හදිසි විදුලි ජනක යන්ත්‍ර තබා ගැනීමේ වැදගත්කම (P5)

හදිසි විදුලි සැපයුම

කොළඹ නගරයට විදුලිය විසන්ධි වීම් නුපුරුදු දෙයක් නෙවෙයි. ඒ නිසා ව්‍යාපාරය බාධාවක් නැතිව පවත්වා ගෙන යන්න නම් කාර්යාල ගොඩනැගිලිවල අවශ්‍ය තරම් backup generators  තියෙනවාද කියලා හොයලා බලන එක හොඳයි. නිස්කාරණේ දත්ත තොරතුරු නැති කරගන්නවාට වඩා ඩෙස්ක්ටොප් පරිඝණක හා සර්වර් වලට වෙනම Uninterrupted Power Supply (UPS) තියාගන්න එක හොඳයි. 

මේ වගේ කාර්යාලයට අදාළ අනෙකුත් වියදම් පිළිබඳව ලිපි මෙතනින් කියවන්න.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.