access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ඔෆිස් එකේ කූල් එකේ ඉන්න රහස් 4 ක්

 

ඇති තරම් ජලය පානය කරන්න (P1)

 

ජලය පානය කරන්න

ඔබේ මානසික ඒකාග‍්‍රතාවය තබාගැනීමට හොඳම ක‍්‍රමයක් තමයි ජලය පානය කිරීම. අපි හිතුවේ නැති වුණාට සුළු විජලනයකට පුළුවන් අපි ප‍්‍රතිචාර දැක්වීමට ගතවන කාලය වැඩි කරන්නත් අපේ අවධානය යොමු කිරීමේ හැකියාව අඩු කරන්නත්. මේකේ අවසන් ප්‍රතිඵලය අපේ ක‍්‍රියාකාරීත්වය අඩපණ වීම බව කියන්න  ඕනේ නැහැනේ.

මේ ගැන කරලා තියෙන පර්යේෂණවලින් තහවුරු කරලා තියෙන විදියට, මෘදු විජලනයක ප‍්‍රතිඵලය විදියට මූඩ් එක අප්සට් යන්න වගේම සාංකාව, පීඩනය හා වෙහෙස වැඩි කරන්නටත් හේතු වෙන්න පුළුවන්. (1)

මේ පර්යේෂණ සම්බන්ධයෙන් විශේෂම දේ තමයි සහභාගී වූ අය සියළුම දෙනා මෘදු විජලන තත්ත්වයක පසුවීම. මෘදු විජලන තත්ත්වයක් කියන්නේ අපි හැම දෙනාටම දවසේ කුමන අවස්ථාවක හෝ ඇති විය හැකි තත්ත්වයක්. මේ ගැන වැඩි දෙනෙක් දන්නේ නැති නිසා මූඩ් එක සහ ඵලදායීතාවයට මේකෙන් වෙන බලපෑම ගැන දන්නේත් නැහැ.

 

 

Cup of green tea

Green tea වලට පුළුවන් ආතතිය අඩු කරන්න (P2) Image credits: Martin Phox

ආතතිය අඩු කිරීමට Green Tea

Green Tea හොඳ බර අඩු කරගන්න විතරක් නෙවෙයි, වැඩ කරන වේලාවේ ආතතිය මඟ හරවාගන්නත් Green Tea බොන එක හොඳ ක‍්‍රමයක්. Green Tea වල බහුල වශයෙන් අඩංගු ෆ්ලැවනොයිඩ් සහ L-theanine කියන ඇමයිනෝ අම්ලය ශරීරයේ dopamine වර්ධනය කරනවා. මේ dopamine වලට ආතතිය පහළ දාන්නත්, ඵලදායීතාවය වැඩි කරන්නත් පුළුවන්. (2)

මේ සම්බන්ධයෙන් කෙරුණු පර්යේෂණයකින් නිරෝගී මිනිසුන්ගේ ශරීරවල ෆ්ලැවනොයිඩ්වල ක‍්‍රියාකාරීත්වය අධ්‍යයනය කළා. සති 6 කට පසුව මේ කණ්ඩායම මානසික පීඩනය ඇති කරන කාර්යයක යොදවලා පරීක්ෂා කරන විට හෙළි වුණේ මේ අයගේ ශරීරවල කෝර්ටිසෝල් කියන ආතතිය ඇති කරන හෝමෝනය ඉතා ඉක්මනින් පහළ යන බවයි. (3)

 

 

office space with a view

ලස්සන දර්ශනයන්ට පුළුවන් හිතේ සන්සුන් බව ඇති කරන්න (P3)

ඇහැට ප‍්‍රිය දර්ශන නරඹන්න

ලස්සන දර්ශනයකට අපේ මූඩ් එක වෙනස් කරන්න පුළුවන් බව දැන දැන වුණත් අපි ඇත්තටම හිතා මතා ඒ දේ කරන්නේ ඉතාම කලාතුරකින්. එළියට යන එකට වටේ පිටේ උෂ්ණත්වය ආර්ද්‍රතාවය වගේ කරුණුත් බලපානවා නේ. ලස්සන දර්ශනයන් ඇහැට ප‍්‍රිය වෙනවා විතරක් නෙවෙයි, දුරක් දිහා බලන්න ඇහැ යොමු වෙන නිසා ඇහැට සැහැල්ලූවක් ඇති කරනවා. මේ නිසා ඔබේ මූඩ් එකත් හරියනවා වගේම සන්සුන් බවකුත් ඇති කරනවා.

ඔබ වැඩ කරන තැන ඵලදායීතාවය වැඩි කරන්න කරන්න පුළුවන් තවත් දේ ගැන මෙතනින් දැන ගන්න.

 

 

lavender aromatherapy

ලැවැන්ඩර් ඔයිල් වලට පුළුවන් විඩාව වැනි ආතතිය නිසා ඇතිවන තත්ත්වයන් පාලනය කරන්න (P4)

ඇරෝමා තෙරපි

සුගන්ධයට අපේ මූඩ් එකට සහ මානසික ආතතියට කරන්න පුළුවන් බලපෑම, හෙදකම වැනි මානසික ආතතිය අධික රැකියාවන් ආශ‍්‍රයෙන් කළ පර්යේෂණවලින් තහවුරු කරලා තියෙනවා. 

මේ වගේ එක අධ්‍යයනයකදී හෙදියන්ගේ ඇඟේ මේ පොඩි ලැවැන්ඩර් කුප්පියක් එල්ලලා විඩාව, සාංකාව, නිදිමත නැතිවීම, නොසන්සුන් බව, තරහව හා වැඩ සම්න්ධයෙන් සිදු වන වැරදි වැනි දේවල් ගැන සොයා බැලූවා. (4)

දින හතරක් පුරා සිදුවුණ අධ්‍යයනයෙන් කිසිම සුගන්ධයක් වහනය නොවුණු කුප්පි ඇඟේ එල්ල ගෙන හිටිය හෙදියන්ට වඩා ලැවැන්ඩර් කුප්පි එල්ලන් හිටිය හෙදියන් ගෙන් ලැබුණු පැමිණිලිවල තිබුණේ විශාල අඩුවක්. අපේ මානසික ආතතිය පාලනය කරන්න සුගන්ධයකට ඇති හැකියාව මෙයින් පෙන්නුම් කරනවා.

ඵලදායීතාවය වැඩි කිරීම ගැන තවත් ලිපි මෙතනින් කියවන්න පුළුවන්.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.