access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

විදුලිය ඉතිරි කරගන්න උදව් වෙන අලූත් තාක්ෂණයන්

 

ඔබේ නිවසේ බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිත කිරීම

දවසින් දවස ඉහළ මිසක් පහළ යන්නේ නැති ජීවන වියදමත් එක්ක මාසේ අන්තිමේට කීයක් හරි ඉතිරි කරගන්න පුළුවන් ක‍්‍රම ගැන ඔබත් හිතලා ඇති. වියදම් අඩු කරන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන්ම පවුලේ ආදායම උපයන එකම කෙනා ඔබ නම්, ඒක තවත් අමාරු වෙනවා.

මොන ක‍්‍රමයකින් හරි මේ මාසික වියදම අඩු කරගන්න පුළුවන් නම් ඒක ලොකු සැහැල්ලූවක්. නමුත් මේක පටන් ගන්නේ කොහෙන්ද කියලා වත් හිතාගන්න බැරි තරම් සංකීර්ණ වැඩක්. ඔබේ නිවසේ මුදල් වැඩියෙන්ම වැය වෙන දේවල් කිහිපයක් තියෙනවා. වායු සමීකරණ, විදුලි ආලෝකය සහ ජලය රත් කිරීම මේ අතරින් මූලික දේවල්. නව තාක්ෂණයන් යොදා ගෙන මේ දේවල් වලට වැය වෙන මාසික වියදම අඩු කරගන්න පුළුවන්. අපි මේ නව තාක්ෂණයන් මොනවාද කියලා හොයලා බලමු.

 

 

split type air conditioner

වායු සමීකරණය පිළිවෙලක් ඇතිව භාවිතා කිරීම විදුලිය ඉතිරි කිරීමට වැදගත් ක‍්‍රමයකි (P2)

වායු සමීකරණය

අපවර්තක තාක්ෂණය (Inverter Technology) සහිත වායු සමීකරණ : විදුලිය අවම ලෙස භාවිතා කරලා උෂ්ණත්වය ඔබ කැමති මට්ටමක පවත්වා ගෙන යන්න අපවර්තක තාක්ෂණය උදව් වෙනවා. අපවර්තක තාක්ෂණය තියෙන වායු සමීකරණයක සම්පීඩක කොටසට (AC compressor unit) එහි සම්පූර්ණ ධාරිතාවයෙන් 20% ත් 30% ත් අතර ප‍්‍රමාණයකින් වැඩ කරන්න පුඵවන්. Off කරන්න On කරන්න විතරක් පුඵවන් පරණ ක‍්‍රමයේ සම්පීඩක කොටස් වලින් දීර්ඝ කාලයක් භාවිතා කරන විට ලොකු නාස්තියක් සිදු වෙනවා. හරියට බලශක්තිය ඉතිරි කරගන්න නම් වායු සමීකරණය තෝරා ගන්නා විට වෘත්තීමය වායු සමීකරණ කාර්මිකයෙක්ගේ උපදෙස් ඇතිව හරියන ප‍්‍රමාණයේ වායු සමීකරණයක් තෝරා ගන්න. වායු සමීකරණය අවශ්‍ය ප‍්‍රමාණයට වඩා කුඩා නම්, එයට වැඩිපුර විදුලිය වැය කරන්න වෙනවා. ඒ නිසා ඉතිරි කිරීම සාර්ථක වෙන්නේ නැහැ.

 

 

LED BUlbs

LED බල්බයක් මිලදී ගන්න විට තාපය හොඳීන් අවශෝෂණය කරන heatsink එකක් ඇති බල්බයක් තෝරා ගන්න (P3)

LED ආලෝකය

විදුලිය ඉතිරි කිරීමට නම් දරාපු LED බල්බ විවිධ හැඩයන්ගෙන්  ඕනෑම හෝල්ඩරයකට ෆිට් වෙන විදියට ලබාගන්න පුළුවන්. හොඳම විදුලි බල්බවල වර්ණය සහ දීප්තියත් කැමති විදියට වෙනස් කරන්න පුළුවන්. LED බල්බ සාමාන්‍යයෙන් ටිකක් ගණන් නිසා හරියටම ෂුවර් කරලා කල් පවතින එකක් ගන්න. කරන්න පුළුවන් හොඳම දේ, දන්න කියන පිළිගත් නිෂ්පාදනයක් ගන්න එක. එහෙම නැත්නම් හරියට බලලා හොඳ heat sink එකක් තියෙන උසස් තත්ත්වයේ බල්බ් එකක් ගන්න එක. සාමාන්‍යයෙන් හාර්ඩ්වෙයාර් එකේ හරි කඩේ හරි මුදලාලිට පුළුවන් මෙතනදී ඔබට උදව් කරන්න.

 

 

Solar Water Heater

ඔබේ සූර්ය පැනලය හා ටැංකිය නිසි ප‍්‍රමාණයට තිබේද ? පින්තූරය Access Solar  (P3)

සූර්ය තාප වතුර හීටර (Solar Thermal Water Heaters)

සූර්ය තාප වතුර හීටරයක ප‍්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒ හිරු රශ්මිය අවශෝෂණය කර වතුර උණුසුම් කරන පැනලය සහ උණුසුම් වතුර ගබඩා කරන තාප පරිවෘත (thermally insulated tank) ටැංකිය කියන කොටස් දෙක. ඒ නිසා සූර්ය තාප හීටරයක් තෝරා ගන්නා විට මේ පැනලය සහ වතුර ටැංකිය ඔබේ අවශ්‍යතාවයන්ට ගැලපෙන ප‍්‍රමාණයෙන් තියෙනවාද කියලා බලන එක වැදගත්. හැබැයි, ඔබ පාවිච්චි කරන ෂවර් හෙඩ් (shower head) එක අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ෂවර් හෙඩ් එකකට මිනිත්තුවකට ජලය ලීටර 15 - 25 ක ප‍්‍රමාණයක් වැය වුණත් වඩා කාර්යක්ෂම ෂවර් හෙඩ් එකකට මිනිත්තුවකට වැය වෙන්නේ ජලය ලීටර 7 - 14 පමණයි. ඒ නිසා වතුර හීටරයක් සවි කරන්න කළින් ඔබේ ෂවර් හෙඩ් මාරු කරන්න අවශ්‍යද කියලා බලන්න.

   

References

පින්තූර:

P1. https://pixabay.com/en/green-ecology-echo-1966408/

P2. http://blogpiscinaslass.es/wp-content/uploads/2017/06/39430604_l.jpg

P3. Unknown source

P4. Access solar

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.