access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

පරිසරය සුරකින ගමන් මුදල් ඉතිරි කරගනිමු

Manager - Energy Management

Eng. Sujeewa Fernando

Manager - Energy Management

Access Energy Solutions

 

විදුලි බිල නිසා සාක්කුවම හිස් වෙන්න පුඵවන් (P1)

දවසින් දවස ඉහළ යන ජීවන වියදම නිසා, මාසේ අන්තිමේට කීයක් හරි ඉතිරි කරගන්න ක්‍රමයක් ඔබත් සමහරවිට හොයනවා ඇති. වියදම් අඩු කරන එක කොහොමත් සෑහෙන්න අමාරුයි. ඒ මදිවට ගෙදර විදුලි බිල් ගෙවන්නේ ඔබ නම්, මේ අභියෝගය විශේෂයෙන් අසීරු එකක්. මේ මාසික වියදම අඩු කරන්න විදියක් තිබුණොත්, ඒක ලොකු දෙයක්. ඒත් කොහෙන් පටන් ගන්නද?

විදුලි බිල ඉහළ යන්න ප‍්‍රධානම හේතු:

1. වායු සමීකරණ

2. විදුලි බුබුලු

3. ජල හීටර

මේ සෑම අංශයක් සඳහාම පාරිභෝගිකයින්ට තමන්ගේ මාසික විදුලි පරිභෝජනයට වැය වන වියදම ඉතිරි කරන්න උදව් වෙන අලුත් නිපැයුම් තියෙනවා. මේ ලිපියෙන් අපි හොයා බලන්නේ, එම නිපැයුම්වලට මාරු වී යාවත්කාල වීම  (upgrade)  සඳහා මුදල් යට කිරීම වටිනවාද කියන එකයි.

 
 
Split type AC with remote

 

විදුලිය උපරිමයෙන් ඉතිරි කිරීමට උෂ්ණත්වය 23°C ට ඉහළින් තබන්න (1) (P2)

අපවර්තක (inverter) වායු සමීකරණ

සාමාන්‍ය වායු සමීකරණ යන්ත්‍රයක් අවශ්‍ය ප‍්‍රමාණයට කාමරය සිසිල් කරන්න මිනිත්තු  45  ත් 60 ත් අතරත් කාලයක් ගන්නවා. එයින් පස්සේ වායු සමීකරණය සෑම මිනිත්තු 10 - 15 කට වරක් සක්‍රිය හා අක්‍රිය වෙමින් ක්‍රියා කරනවා. අපවර්තක වායු සමීකරණ යන්ත්‍රත් (Inverter ACs) කාමරය සිසිල් කරන්න ඒ හා සමාන කාලයක් ගන්නවා. නමුත් සිසිල් කිරීමෙන් පස්සේ වායු සමීකරණය ක‍්‍රියාත්මක වෙන්නේ 30% output එකක. ඒ කියන්නේ පැය 6 - 8ත් අතර කාලයක් ක‍්‍රියාත්මක වුණොත් 40% ක පමණ විදුලිය ඉතිරියක්. ඔබේ වායු සමීකරණය දිනපතා පාවිච්චි කරනවා නම් මාසයකට ඔබට ඉතිරි වෙන මුදල රුපියල්  7000  ත්  9000  ත් අතර වෙනවා. ඒ විදියට බලන කොට ඔබ අපවර්තක තාක්ෂණය තියෙන වායු සමීකරණකට යට කරන මුදල වසර දෙකක් වගේ කාලයක් ඇතුළත විදුලි බිලෙන් ඉතිරි වෙන මුදලින් ආවරණය කරගන්න පුළුවන්.

උපරිම බලශක්ති ඉතිරිය හා නඩත්තු වියදම අඩු කරගැනීම සඳහා කාමරයේ ප‍්‍රමාණයට සරිලන වායු සමීකරණයක් මිලදී ගන්න සැලකිලිමත් වෙන්න. එසේ නොවුණොත් වායු සමීකරණයේ සම්පීඩක ඒකකය (AC compressor unit) පමණ ඉක්මවා වැඩ කිරීම නිසා ඉතා ඉක්මනින් ගෙවී යන්න පුළුවන්.

 
 
LED CFL and incandescent bulb

හොඳ තාප හායකයක් (heatsink) සහිත LED ලාම්පුවක් සොයා ගන්න(P3) 

ආලෝකකරණය

LED බල්බ පාවිච්චි කළොත් ඔබට ටියුබ් ලයිට් හෝ CFL බල්බවලට වඩා  50% - 70%  ක ප‍්‍රමාණයක විදුලි වියදමේ ඉතිරියක් අපේක්ෂා කළ හැකියි. ඔබ තවමත් පාවිච්චි කරන්නේ තාපදීප්ත බල්බ (Incandescent Bulbs) නම් මේ ඉතිරිය 90% ක් හෝ ඊට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ විදුලි බුබුලක් දවසකට පැය 5කට වැඩි කාලයක් දල්වා තබනවා නම් ඔබ එය භාවිත කරන පළමු අවුරුද්ද ඇතුළත විදුලි වියදමේ ඉතිරියෙන් ඔබට බල්බය සඳහා දැරූ වියදම ආවරණය කරගන්න පුළුවන්. LED බල්බයකට වසර 3 - 5 ත් අතර ආයු කාලයක් තියෙන නිසා ඒක ඉතාම වාසිදායකයි. මේවා උණුසුම් වර්ණවලින් ලබාගන්න පුළුවන් වගේම සමහර මාදිලි ආලෝකයේ වර්ණය වෙනස් කිරීමට ඉඩ සලසමින් ඔබට ගෙදර “මූඩ් එක” සකසන්නත් උදව් වෙනවා.

කෙසේ වෙතත්, මේ බුබුලු සාමාන්‍යයෙන් මිල අධික නිසා ඔබ මිලදී ගන්නා නිෂ්පාදනය කල් පවතින එකක් බව සැක හැර දැනගන්න. ඒ වගේ ම එක්කෝ පිළිගත් සන්නාමයක් වෙතින් මිලදී ගන්න, නැතිනම් ලෝහ හෝ සෙරමික් යොදා තැනූ හොඳ තාප හායකයක් (heatsink) සහිත විදුලි බුබුලු ලබාගන්න.

 
 
solar water heater absorption panels and tank

අවශෝෂක සූර්ය පැනල (absorber panels) සහ ටැංකිය (tank) හරි ප්‍රමාණයේ ඒවා වීම වැදගත් (P4)

සූර්ය තාප ජල හීටර (Solar Thermal Water Heaters)

ඉලෙක්ටි‍්‍රක් වතුර හීටර වෙනුවට ජලය ටැංකියක් සහිත සූර්ය තාප වතුර හීටර (Solar Thermal Water Heater) සවි කරගන්න නිවෙස් හිමියන්ට පුළුවන්. ඔබේ නාන කාමරයේ තියෙන්නේ සාමාන්‍ය ෂවර් හෙඩ්ස් නම් වතුර ලීටර  300  ක ඒකකයකට පුළුවන් ඔබට මාසයකට මිනිත්තු  60  ක පමණ කාලයක් ස්නානය සඳහා (සෙල්සියස් අංශක 45 ක පමණ උෂ්ණත්වයෙන් යුතු) උණු වතුර ලබා දෙන්න. ඒ කියන්නේ මාසයකට රුපියල්  6000  ක විතර ඉතිරියක් සිදු වන අතර ඔබට අවුරුදු 3 1/2 ක් වගේ කාලයක් ඇතුළත ඔබේ මූලික ආයෝජනය ආවරණය කරගන්න පුළුවන්. ඒ වගේම සූර්ය තාප වතුර හීටරයක උපරිම ප‍්‍රයෝජනය ලබාගන්න ෂවර් හෙඩ්ස් යාවත්කාල කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න. සාමාන්‍ය ෂවර් හෙඩ් එකක් මිනිත්තුවකට ජලය ලීටර 15 සිට 25 පමණ දක්වා පාචිච්චි කරන අතර වඩා කාර්යක්ෂම ඒවා පාවිච්චිය කරන්නේ මිනිත්තුවකට ලීටර 1 – 14 අතර ප්‍රමාණයක්. ඔබේ මූලික ආයෝජනය ඉතිරි කරගැනීම සඳහා අවශ්‍ය නම් සූර්ය තාප ජල හීටරයක් සවි කිරීමට පෙර ඔබේ ෂවර් හෙඩ්ස්වල ජල කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම වඩා හොඳයි.

   

References

උපුටාගැනීම්

1. Kite Air Conditioning. (2017). tips for running your air conditioner for less

 

පින්තූර

P1. Inside Access 

P2. Source Unknown

P3. Source Unknown

P4. Image courtesy Solar

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.