access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ආලෝකය සහ වැඩ කරන mood එක

 

නිවැරදි ආලෝකනය නිසා ඔබ වැඩිය වැඩ කිරීමට හැකි නමුත්, ජනේල වලින් ලැබෙන එළිය නිසා සේවක කාර්යක්ෂමතාව වැඩිවෙන්න පුළුවන් (P1)

ආලෝකය සහ අපේ ඇස ගැටෙන දර්ශන අපේ සෞඛ්‍යයට සහ යහ පැවත්මට බලපෑමක් කරනවාද?  මේ සම්බන්ධයෙන් දැනටමත් විශාල වශයෙන් පර්යේෂණ සිදු කෙරෙනවා. මේ ගැන කතා කරද්දී කාර්යාලය ඇතුලේ අපිට ලැබෙන කෘතිම ආලෝක තත්ත්වයන් හා ස්වාභාවික ආලෝක තත්ත්වයන් ගැනත් විමසා බලන එක වැදගත්

දීප්තිමත් සුදු එළිය, ඇස් විඩාවට පත්කරන අතර දිගු කාලයක් එයට නිරාවරණය වීමෙන් විඩාපත්වීම වැඩිවෙනවා (P2)

කෘතීම ආලෝකය

බොහෝ කාර්යාලවල වැඩි වශයෙන් White fluorescent  ආලෝකය භාවිතා කරනවා දකින්න පුළුවන්. මේ ආලෝකයන්හි වැඩි වශයෙන් තියෙන්නේ නිල් පැහැයයි. සාමාන්‍යයෙන් පිළිගැනීම තියෙන්නේ නිල් පැහැති ආලෝකය දිවා කාලයේ එළිමහනේ තියෙන එළියට සමාන නිසා ඒක අපිව වඩා අවදියෙන් තියන්න උපකාරී වෙනවා කියලායි.

ඒත් White fluorescent, කාර්යාලය ඇතුළට නම් හොඳම තේරීම නෙවෙයි.

කාර්යාලයක් හරියට ආලෝකමත් කළාම එතැන නියම ගතිය එනවා විතරක් නෙවෙයි, නෝර්වේවල කරපු පර්යේෂණයකින් තහවුරු කරලා තියෙන විදියට සම්පූර්ණ full spectrum LED භාවිතා කළ කාර්යාලවල ඵලදායීතාවය වැඩියි වගේම සෞඛ්‍යය සම්බන්ධව ගැටළු මතු වෙලා තියෙනවාත් අඩුයි; විශේෂයෙන්ම දීර්ඝ පැය ගණනක් වැඩ කරන විට. (1)

 

 
modern office setup

නිවැරදි ආලෝකනය මඟින් කාර්ය අවකාශය ශක්තිමත් කරනවා (P3)

ස්වාභාවික ආලෝකය

දිවා එළිය, යම් තැනක් ආලෝකමත් කරන්න ඉතා වැදගත් වෙන, ඒත් අපි ඉතා අඩුවෙන් භාවිතා කරන දෙයක්. පර්යේෂණවලින් තහවුරු කරලා තියෙන විදියට lux 250 සිට 500 දක්වා දිවා ආලෝකය වැඩි කිරීම තුළින් වැඩ කරන තැන ඵලදායීතාවය 13% කින් වැඩි කරන්න පුඵවන්

හැබැයි අපි දිවා එළිය වැඩි වශයෙන් ලබාගන්නවා වගේම අධික රශ්මිය ඇතුළට එන එක වළක්වා ගන්නත් වෙනවා. අධික රශ්මිය එන ජනේල නිසා වැඩ කරන අයගේ ක‍්‍රියාශීලී බව 15% - 20 % ත් අතර ප‍්‍රමාණයකින් අඩු වෙන බව මානසික ක‍්‍රියාකාරීත්වය පිළිබඳව පර්යේෂණ ගණනාවකින් තහවුරු වෙලා තියෙනවා. (2)

සේවකයින්ගේ ක‍්‍රියාශීලී බව වර්ධනය කරන තවත් දෙයක් තමයි ලස්සන දර්ශනයන්. මානසික ක‍්‍රියාකාරීත්වය හා මතකය පිළිබඳ පරීක්ෂණවලදී ලස්සන දර්ශනයන් ඇස ගැටෙන සේවකයින්, එහෙම දර්ශනයක් ඇස නොගැටෙන සේවකයින්ට වඩා 10% ත් 25% ත් අතර වැඩි ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරලා තියෙනවා. අපි හැමෝටම එහෙම ලස්සන දර්ශන තියෙන තැනක් ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා වරින් වර එළියට ගිහින් ලස්සන දර්ශනයක් බලලා එන එක අපේ ඵලදායීතාවය වැඩි කරනවා විතරක් නෙවෙයි, ඇස්වල අමාරුවත් අඩු කරනවා.(3) මේ වගේ ඔබේ ඵලදායීතාවය වැඩි කරන්න යොදා ගන්න පුළුවන් තවත් ක‍්‍රම ගැන දැනගන්න මෙතනින් පිවිසෙන්න.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.