access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ආතතියට තිත

 

දහදිය හෙළා මානසික පීඩනය නසන්න (P1)

අපි ඇහැරිලා ඉන්න වෙලාවෙන් වැඩි කොටසක් වැය කරන්නේ රස්සාව කරන්න. මානසික ආතතිය ඇති කරන්න මේක හොඳටම ඇති. මානසික ආතතිය හරියට කළමනාකරණය කරගන්න බැරි වුණොත්, ඒක අපේ ශරීර සෟෙඛ්‍යයට​ අහිතකර විදියට බලපානවා විතරක් නෙවෙයි, අපි නරක පුරුදුවලට යොමු වෙන්නත් අපේ ජීවන විලාසිතාව නරක පැත්තට හැරෙන්නත් පුළුවන්.

ඉතින් මේ ගැන මොනවද කරන්න පුළුවන්  ?

වැඩ කරන තැන ඵලදායීතාවය වැඩි කරගන්න පුළුවන් ක‍්‍රම ගැන අපි කළින් කතා කරලා තියෙනවා. මේ ලිපියෙන් අපි කතා කරන්නේ සාමාන්‍ය වැඩ කරන දවසක අවසානයේ ඔබේ මානසික සුවතාවය වෙනුවෙන් කරන්න පුළුවන් ක‍්‍රියාකාරකම් 3 ක් ගැන. 

 
 
A marathon runner

දිවීම (P2)

ව්‍යායාම කිරීම

ව්‍යායාම කිරීම නිසා ශක්තිමත් සිරුරක් සහ හොඳට වැඩ කරන හෘදය වස්තුවක් ලැබෙන බව අපි දන්නවා. හැබැයි ව්‍යායම කරන එකෙන් ශාරීරික ප‍්‍රතිලාභවලින් එහා ගිය මානසික ප‍්‍රතිලාභ ලැබෙනවා. අපිට දිනපතා ලැබෙන ව්‍යායාම ප‍්‍රමාණය අපේ මානසික ශක්තියට කෙළින්ම බලපානවා කියලා පර්යේෂණවලින් දැන් තහවුරු කරලා තියෙනවා. ඒ කියන්නේ පිළිවෙලට ව්‍යායාම කළොත්; අවධානය යොමු කිරීමේ හැකියාව, මතකය, ඉගෙනීම, නිර්මාණශීලී බව සහ මානසික අාතතීය දරා ගැනීමේ ශක්තිය වගේ පැතිවලින් මානසික කි‍්‍රයාකාරීත්වය වර්ධනය කරගන්න ඔබට පුළුවන්. මේ සියල්ලම වැඩ කරන තැනත් ඉන් පිටත් ඔබේ ඵලදායීතාවය වර්ධනය කරන්න හේතු වෙන බව අමුතුවෙන් කියන්න  ඕනේ නැහැ.(1)

ව්‍යායාම කිරීම gym එකට පමණක් සීමා කරන්න එපා. පිහිනීම, ආත්මාරක්ෂක ක‍්‍රම, ශාරීරික ව්‍යායාම හා නර්තනය වගේ වෙනත් ශාරීරික ක‍්‍රියාකාරකම් ඔබේ දින චර්යාවට එකතු කරගන්න. මේ වගේ දේවල් gym එක වෙනුවට හොඳ විකල්පයන්.  Gym එකේ ඒකාකාරී ව්‍යායාම රටාව නිසා කාලයක් යන කොට වැඩේ මගදී අත් ඇරෙන එකට මේක හොඳ විසදුමක්. 

 
 
A back massage

සිරුරේ මාංශ පේශී ලිහිලි කරගන්න (P3

සම්බාහනය

වැඩ කරන දවසක උදේ ඉඳන් හවස් වෙනකන් එකතු වෙන මානසික ආතතිය මගහරවාගැනීමට​ හොඳම ක‍්‍රමයක් තමා සම්බාහනය. සම්බාහනය එහෙම නැත්නම් මසාජ් ගැන සමාජයේ සාමාන්‍යයෙන් තියෙන්නේ වැරදි මතයක් නිසා කට්ටිය මේ ගැන වැරදි ඇහැකින් බලන්න ඉඩ තියෙන බව ඇත්ත. ඒ වුණාට සම්බාහනය තුළින් මානසික සහ ශාරීරික ආතතිය නැති කරන්න පුළුවන් බව පර්යේෂණ ගණනාවකින් තහවුරු කරලා තියෙනවා. සම්බාහනය සහ රැකියා ස්ථානය අතර අැති සම්බන්ධතාවය පිළිබඳ කර අැති පර්යේෂණවලට අනුව, සම්බාහනය සේවකයින්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම තුළින්, සේවකයින් පැමිනීම ඉහළ නැංවීම ඔවුන්ගේ වගේම ඵලදායීතාවය වැඩි කරන්නත් උපකාරී වෙලා තියෙනවා.(2)

හොඳ මසාජ් තෙරපිස්ට් කෙනෙක් හොයා ගන්න ලේසිම ක‍්‍රමය තමා දන්න අයගෙන් අහන එක. එහෙම නැත්නම් බලපත‍්‍ර ඇති, සහතිකලත් හෝ ලියාපදිංචි අත්දැකීම් සහිත තෙරපිස්ට් කෙනෙක් ළඟට යන්න. ඒ මොකද කියනවා නම් හරියට නොකළොත් සම්බාහනය නිසා මාංශ පේශීවල වෙනත් ගැටළු ඇති වෙන්න පුළුවන්.

 
 
girl doing yoga

සිරුර ලිහිල් කරගන්න (P4)

යෝගා

යෝග ව්‍යායාම කියන්නේ ශාරීරික හා මානසික සුවය වෙනුවෙන් කරන්න පුළුවන් තවත් හොඳ ක‍්‍රියාකාරකමක්. යෝගා කියන්නේ හුස්ම ගැනීම, භාවනාව, ශාරීරික ඉරියව් හා චලනයන් එකට මිශ‍්‍ර වූ වසර දහස් ගණනක් පැරණි ව්‍යයාම ක‍්‍රමයක්. යෝගී ව්‍යායාමවලින් ශරීරය සහ මනස අතර සම්බන්ධතාවය වර්ධනය කරනවා.

යෝගී ව්‍යායමවලින් ලැබෙන ප‍්‍රතිලාභ විශාලයි වගේම විවිධාකාරයි. පර්යේෂණවලින් පෙන්වා දෙන විදියට වයස්ගත වීම නිසා මොළයේ සිදුවන වෙනස්කම්වලින් ආරක්ෂාව ලැබෙනවා විතරක් නෙවෙයි අවධානය, පරිකල්පනය, ඉරියව් සහ මානසික ආතතිය පාලනය වගේ පැතිවලින් මොළයේ ක‍්‍රියාකාරීත්වය වර්ධනය කරනවා.(3)

මේ වගේ කරපු එක පර්යේෂණයකදී Dru Yoga  කියන යෝගී ව්‍යායාම ක‍්‍රමය සති 8 ක කාලයක් පුහුණු කරපු 37 දෙනෙක් නිරීක්ෂණය කළා. Dru Yoga කියන්නේ Pilates සහ තායි චී වලට සමාන යෝග ව්‍යායාම ක‍්‍රමයක්. මේ යෝගී ව්‍යායාම නිසා ඉවසීම, දරා සිටීමේ හැකියාව වගේ හැකියාවන් වර්ධනය වීමට අමතරව මාංශ පේශී ලිහිල් වීම නිසා මානසික සුවතාවය ඇති වෙන බවත් තහවුරු වුණා. මේ නිසා යෝගී ව්‍යායාම බොහෝ විශේෂඥයින් විසින් නිර්දේශ කරන ක‍්‍රියාකාරකමක්. රැකියා ස්ථානයේ මානසික ආතතිය, සාංකාව, Post Traumatic Stress Disorder (PTSD) නමින් හඳුන්වන දැවැන්ත කම්පන්ට පසු ඇතිවන මානසික ආතතියටත් ප‍්‍රතිකාර කිරීමේ ක‍්‍රමයන්ට යෝගී ව්‍යායාම එකතු කරගෙන තියෙන්නේ මේ නිසයි.

මේ ක‍්‍රියාකාරකම් දෛනිකව කිරීමෙන් ඔබට මේ වර්තමාන පරිසරයේ අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය  සන්සුන් මනසක් ඇති කරගන්නටත් උදව් වෙනවා. 

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.