access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සද්දේ අඩු කරලා office එකේ cool එකේ ඉන්න හැටි

 

අධික ශබ්දය සේවා ස්ථානය තුළ සේවකයින්ගේ ඵලදායිතාවට සහ මානසික යහපැවැත්මට බලපෑ හැකියි. (P1)

වෙනස්වන කාර්යාලවල ශබ්දය

Open office සංකල්පය කාර්යාලයක් කියන තැන සෑහෙන්න වෙනස් කරපු සංකල්පයක්. Open office concept එකට තියෙන කාර්යාලයක් ඇතුලේ තමන්ගේ කණ්ඩායමේ අයත් එක්ක සන්නිවේදනය කරන එක පහසු වුණත්, ඇතුලේ ශබ්දය නිසා වැඩට අවධානය යොමු කරන්න අමාරු වෙන එක බොහෝ අයට තියෙන ප‍්‍රශ්නයක්.

මේ විදියට ශබ්දය නිසා සේවකයින්ගේ මානසික ආතතිය වැඩි වීම, ඵලදායීතාවය අඩු වීම හා එකවර වැඩ දෙක තුනක් කිරීමට තියෙන හැකියාව අඩු වීම වෙන්න පුඵවන්.     

සිඞ්නි විශ්ව විද්‍යාලය විසින් කරපු පර්යේෂණයකදී අනාවරණය වෙලා තියෙන විදියට විවෘත කාර්යාලයක සේවකයින්ට තියෙන විශාලම ගැටළුව, පුද්ගලිකත්වයට ඉඩක් නොමැති වීමයි.

 

 

plants in the office

ශාක තිරයක් සේ තැබීම කාර්යාලයට සැබැවින්ම ජීවයක් එක් කරයි (P2)

ශබ්ද අපවාරකයක් ලෙස ශාක

Acoustic වීදුරු සහ ශබ්දය ඇතුළු නොවෙන partition, මේ ගැටළුවට විසඳුමක් වශයෙන් භාවිතා කෙරෙනවා. ඒ වගේම මේකට තියෙන තවත් විකල්පයක් තමයි කාර්යාලය ඇතුලත ශාක පැළ තැබීම. පැළ වලට පුළුවන් ස්වාභාවිකවම ශබ්දය උරාගනිමින් හෝ ශබ්ද තරංග බිඳීම මඟින් ශබ්දය පාලනය කරන්න.

විශාල ප‍්‍රමාණයේ පැළ සහ කොම්පෝස්ට් පොහොර වැඩියෙන් ඇති පෝච්චිවලට, වඩා හොඳින් ශබ්දය උරා ගන්න පුළුවන්. විවිධ ප‍්‍රමාණයේ පෝච්චි හා පැළ භාවිතා කිරීම වඩාත් ප‍්‍රථිඵලදායී වෙනවා. 

පැළ තිරයක් (Plants screen) වගේ තියන එක Acoustic පැනල්වලට හොඳ විකල්පයක් විතරක් නෙවෙයි, ඇහැටත් සෞම්‍ය දර්ශනයක් වෙන අතරේ වාතයේ ගුණාත්මකබවත් වර්ධනය කරනවා.

ඵදායීතාවයට හේතුවෙන ගොඩක් කාරණා තියෙනවා. ඒ අතරින් වඩාත්ම වැදගත් මොන කාරණාද? කොයි ප‍්‍රමාණයෙන්ද? කියන එක හරියටම කියන්න අසීරු වුණත්, හැකි උපරිමයෙන් සේවකයින්ට වැඩ කරන්න ආස හිතෙන පරිසරයක් නිර්මාණය කිරීම ඵලදායීතාවය ඉහළ නංවන්න හොඳම ක‍්‍රමයයි.

 

 

feeling the heat

සුවපහසු උෂ්ණත්වයක වැඩ කිරීමේ වැදගත්කම (P3)

සුවපහසුමත් කිරීම

වැඩ කරන තැන ඵලදායීතාවය ගැන කතා කරනවා නම්, එතැන උෂ්ණත්වය සුවපහසු මට්ටමක තබාගැනීම, එහෙම නැත්නම් Thermal comfort කියන එක ඉතාම වැදගත් දෙයක්. සෙල්සියස් අංශක 22 ත් 26 ත් අතර උෂ්ණත්වයක් පවත්වා ගෙන යෑම සහ වාතයේ ආර්ද්‍රතාවය 70% කට වඩා අඩුවෙන් පවත්වා ගැනීම මගින් ඵලදායීතාවය ඉහළ නැංවෙනවා කියලා පර්යේෂණවලින් තහවුරු කරලා තියෙනවා. කොහොම වුණත්, හොඳම විදිය සේවකයින්ට කතා කරලා ඔවුන්ට සුවපහසු මට්ටමකට උෂ්ණත්වය පවත්වා ගන්න එක.

2004 වසරේදී එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවල කෝර්නෙල් විශ්ව විද්‍යාලය මගින් සිදු කළ පර්යේෂණයකට අනුව, සේවකයින් තමන්ට සුවපහසු උෂ්ණත්ව අගයක වැඩ කරන විට ඔවුන්ගේ ඵලදායීතාවය 150% කින් වැඩි වී ඇති බව පෙන්වා දෙනවා. සාමාන්‍යයෙන් කාර්යාලය ඇතුලේ උෂ්ණත්වය පාලනය කරන හොඳම විදිය කාර්යක්ෂම මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් භාවිතා කරන එක. මධ්‍යම වායු සමීකරණ පද්ධතියක් හරහා වාතයේ ආර්ද්‍රතාවය සහ උෂ්ණත්ව මටට්ම පාලනය කරන්න පුළුවන්. මධ්‍යම වායු සමීකරණ පද්ධතිය පිළිබඳ වැඩිදුර සොයාබැලීමට මෙතන ක්ලික් කරන්න.

ඊට අමතරව performance glass වගේ විශේෂ වීදුරු සහ glass tint වර්ග වලින් ජනේලවලින් එන දැඩි රශ්මිය අවම කරන්න පුළුවන්. මේ නිසා කාර්යාලය පුරාම එක සමාන උෂ්ණත්වයක් පවත්වා ගන්න පුළුවන්. එහෙම නැතිව ජනේලවලින් එන රස්නය අඩු කරන්න වායු සමීකරණ උෂ්ණත්වය වැඩි කළොත්, එය ඇතැම් අයට අපහසු වෙනවා.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.