access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

නින්දේ වැදගත්කම

 

නින්දේ වැදගත්කම (P1)

පර්යේෂණ දිහා බැලූවොත්

ප‍්‍රමාණවත් නින්දක් නොලැබීම ඔබේ රැකියාවේ වගේම පෞද්ගලික ජීවිතයේත් ප‍්‍රශ්න ඇති කරන්න හේතු වෙන බව තහවුරු වෙලා තියෙනවා. ඇති තරම් නින්ද නොලැබීමේ ප‍්‍රතිඵලයක් විදියට අවධානය පවත්වා ගෙන යාමේ දුෂ්කරතා, බාධකවලට කල්තියා සූදානම් වීමේ අපහසුතාවය සහ ආශාවන් පාලනය කරගැනීමේ අපහසුතාවය වගේ තමන්ව පාලනය කරගැනීම සම්බන්ධ ප‍්‍රශ්න ගොඩක් ඇති වෙන්න පුළුවන්. මේ ගැන බොහෝ පර්යේෂණවලින් තහවුරු කරලා තියෙනවා. මේ වගේ කරපු එක පර්යේෂණයකින් නින්ද සහ අතපසුවීම් ගැන සොයා බැලූවා. එහිදී අනාවරණය වුණේ පර්යේෂණයට සහභාගී වූ අය හොඳ නින්දක් ලැබූ දවස්වල ඔවුන් අතින් සිදු වූ අතපසුවීම් ප‍්‍රමාණය අවම බවයි. (1)

කෙනෙක්ට දවසකට නිදා ගන්න අවශ්‍ය පැය ගණන පුද්ගලයෙක්ගෙන් පුද්ගලයෙක්ට වෙනස් වෙනවා. නමුත් සාමාන්‍යයෙන් පිළිගන්න විදියට අඩුම පැය 7 ක් හෝ ඊට වැඩි කාලයක නින්දක් කෙනෙක්ට අවශ්‍යයි. පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලය සහ වොෂින්ටන් ස්ටේට් විශ්වවිද්‍යාලය එක්ව මේ ගැන පර්යේෂණයක් කළා. මේ පර්යේෂණයට සහභාගී වුණු 48 දෙනෙක් අතරින් පැය 8 කට වැඩි නින්දක් ලැබූ අයගේ මානසික ක‍්‍රියාකාරීත්වය හොඳීන් පවතිද්දී පැය 6 ට අඩු නින්දක් ලැබූ අයගේ මානසික ක‍්‍රියාකාරීත්වය දවසින් දවස පහළ යන බවක් මේ පර්යේෂණයේදී දකින්න පුළුවන් වුණා. ප‍්‍රමාණවත් නින්දක් නොලැබීමේ අහිතකර ප‍්‍රතිඵල දවස්පතා එකතු වෙමින් වර්ධනය වෙන බව සහ තමන්ටම නොතේරී ක‍්‍රමානුකූලව ක‍්‍රියාකාරීත්වය අඩු වෙන බව පර්යේෂණය අවසානයේදී තහවුරු වුණා.(2)

 
A girl sleeping in a naturally well lit room

විදුලි ආලෝකය ඔබට සුව නින්දක් ලබාගැනීමට බාධාවක් වෙන්න පුළුවන් (P2)

මේ ගැන මොකද කරන්න පුළුවන් ?

මෙතනදී ඔබට ප‍්‍රධාන කාරණා දෙකක් ගැන හිතන්න වෙනවා. පළමු කාරණය ඔබට දවසට පැය කීයක නින්දක් අවශ්‍යද කියන එක. අනෙක් කාරණය ඔබේ නින්ද කොයි තරම් සුවදායීද කියන එක.

පුද්ගලයාගෙන් පුද්ගලයාට නින්දේ රටාව වෙනස් වෙනවා. ඔබ නිදියන හා අවදි වෙන රටාව තීරණය වෙන්නේ ඔබේ ශරීරයේ ජීව විද්‍යාත්මක ඔරලෝසුව ක‍්‍රියාත්මක වෙන ආකාරයටයි. ඔබේ ඒ ජීව විද්‍යාත්මක ඔරලෝසුව ක‍්‍රියා කරන විදිය තීරණය වෙන්නේ ඔබ ඉන්න පරිසරය අනුවයි. ඒ වගේම මේකට ඔබේ ජානවලත් බලපෑමක් තියෙනවා. දවසේ වැඩි වේලාවක් හිරු එළියට නිරාවරණය වීම, විදුලි ආලෝකය අවම කර නින්දට යාම සහ විපස්සනා භාවනාව පුහුණු කිරීම වගේ සරල දේවල් වලින් ඔබේ නින්දේ රටාව ක‍්‍රමවත් කරගන්න ඔබට පුළුවන්. ඔබේ නින්දේ රටාව ක‍්‍රමවත් වුණාම ඔබට ශරීරය සහ මනස හරියට වැඩ කරන්න උපකාරී වෙන සුවදායී නින්දක් ලබාගන්න පුළුවන්. 

සතිය පුරාම කාර්යබහුල වෙලා හරි නින්දක් ලැබුවේ නැති වුණාම සති අන්තයේදී ඇරියසුත් කවර් කරන්න නිදියන අවස්ථා ඔබටත් ඇති. අඩු නින්ද නිසා ඇති වෙන වෙහෙසත් අසීරුබවත් පාලනය කරගන්න මේක හොඳයි. ඒත් නින්ද අඩු වීම නිසා ඇති වෙන මානසික ක‍්‍රියාකාරීත්වය පහළ යාම වළක්වා ගන්න මේක එතරම් ප‍්‍රයෝජනවත් නැහැ. ඒ නිසා ඔබේ මනස ඉහළ ක‍්‍රියාකාරීත්වයකින් තියා ගන්න නම්, වැඩ කරන සතිය පුරාම දෛනිකව අවශ්‍ය නින්ද ලබා ගන්න උත්සාහ කරන්න.   

අපි වැඩ කරන විදිය සම්බන්ධයෙන් අපේ නින්දට විශාල බලපෑමක් කරන්න පුළුවන්. ඒ නිසා හොඳ නින්දක් ලබාගැනීම ඔබේ ක‍්‍රියාකාරීත්වය පමණක් නොවෙයි, ඔබේ ජීවිතයේ ගුණාත්මකබවත් වර්ධනය කරනවා.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.