access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ශ්‍රී ලංකාවේ එන්ඩොස්කොපි

 

ශල්‍යකර්මයෙන් පසු රෝහල තුළ සාත්තුව (P1)

 

එන්ඩොස්කොපික සැත්කම් ගැන පිළිබඳ සටහනක්

එන්ඩොස්කොපි කියන්නේ අවම මැදිහත් වීමෙන් යුතු සැත්කම්. ලැපරොස්කොපි කියන පදය මෑතදී එන්ඩොස්කොපි සැත්කම්වලට සමානාර්ථවත් ලෙස යෙදෙන ප්‍රචලිත වචනයක් බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් ලැපරොස්කොපි කියන්නේ උදර හා ශ්‍රෝණි කුහර තුළ සිදු කෙරෙන එන්ඩොස්කොපි සැත්කම් වර්ගයක් බව දැනගැනීම වැදගත්.

එම නිසා "ලැපරොස්කොපි" කියන පදය ශල්‍ය වෛදයවරු හා නාරිවේදී ශල්‍ය වෛද්‍යවරු භාවිත කරන්නේ තම ක්ෂේත්‍රයේ එන්ඩොස්කොපි සැත්කම් පිළිබඳ සඳහන් කරන්නයි. ශ්‍රී ලංකාවේ මේ ක්ෂේත්‍ර දෙක තුළ අවම මැදිහත් වීම සහිත සැත්කම් බෙහෙවින් තහවුරු වී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ලැපරොස්කොපික ඇපෙන්ඩෙක්ටමි (උණ්ඩුක පුච්ඡය ඉවත් කිරීම - appendectomies) හා ලැපරොස්කොපික කොලෙසිස්ටෙක්ටමි (පිත්තාශය ඉවත් කිරීම - cholecystectomies) දැන් දිවයිනේ බොහෝ රෝහල්වල සුලභයි. නාරිවේදය තුළ ලැපරොස්කොපික ඕවේරියන් සිස්ටෙක්ටමි (ඩිම්බාධාර ඉවත් කිරීම - ovarian cystectomies) සහ වෙනත් විමර්ශනාත්මක කාර්යයනුත් ප්‍රමිතිය බවට පත් වී තිබෙනවා

කණ, නාසය, උගුර (ENT) හා විකලාංග ක්ෂේත්‍රවලදීත් එන්ඩොස්කොපික කාර්යයන් සුලභයි. තෝරැකොස්කොපික සැත්කම් (හෘදය වස්තුව හා පෙණහලු සහිත පපු ප්‍රදේශයෙහි එන්ඩොස්කොපික සැත්කම් - thoracoscopic surgery) සහ මොළයේ කොටස් කැපීමකින් තොරව මොළය තුළ සැත්කම් කිරීමේ ඉඩ ශල්‍ය වෛද්‍යවරුන්ට ලබා දෙන එන්ඩොස්කොපික ස්නායු සැත්කම්, එන්ඩොස්කොපි ක්ෂේත්‍රයේ පෙරමුණෙහි තියෙනවා.

 
 
Four doctors and nurses

මෙම වෘත්තියේ යෙදී සිටින වෛද්‍යවරු කීපදෙනෙක් (P2)

ශ්‍රී ලංකාවේ ලැපරොස්කොපි

රාජ්‍ය සහ පෞද්ගලික අංශවල තියෙන්නේ අධිමිල ලැපරොස්කොපි මධ්‍යස්ථාන කිහිපයක් විතරයි. මේ අතර කළුබෝවිල, ජාතික රෝහල, ශ්‍රී ජයවර්ධනපුර, නයින්වෙල්ස්, නවලෝක, ලංකා හොස්පිට්ල්, ඩර්ඩන්ස් සහ ආසිරි සර්ජිකල් තියෙනවා. විවිධ අංශවල ලැපරොස්කොපි සැත්කම් සඳහා විශේෂ වුණු ඒකක මේ රෝහල් සතුයි. කෙසේ වෙතත්, විශේෂඥ දැනුම, උපකරණ හා පුහුණුව හිඟ වීම නිසා ඉහළ මට්ටමේ ලැපරොස්කොපි සැත්කම් සිදු කෙරෙන්නේ තෝරාගත් මධ්‍යස්ථාන කිහිපයක විතරයි. ලැපරොස්කොපි යනු සැත්කම්වල අනාගතය බැවින් මේ තත්වය වෙනස් විය යුතුයි. මේ වර්ධනයන් සමග පෙරට යාම වැදගත්.

තමන්ට කරගත හැක්කේ මොන ලැපරොස්කොපි සැත්කම් යන්නත් එවැනි සැත්කම් සමග ලැබෙන ප්‍රතිලාභ මොනවාද යන්නත් දැනගැනීම රෝගීන්ට වැදගත්. කෙසේ වුවත්, ලැපරොස්කොපි සැත්කමකට ලක් වන විට, සංකූලතා තත්වයකදී අවශ්‍ය විය හැකි විවෘත සැත්කමක් සඳහා අනුමැතිය පළ කරන ලියවිල්ලක් අත්සන් කිරීම ද අවශ්‍ය බව රෝගීන් මතක තබාගැනීම අවශ්‍යයි. ඒ නිසා රෝගීන් සිය වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන අනුව තීරණයක් ගැනීම අත්‍යවශ්‍යයි

   

References

රූප:

P1. Ninewells Hospital, 3rd eye productions 
P2.http://www.sundaytimes.lk/141123/news/a-first-at-kalubowila-hospital-129269.html

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.