access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

බහුලව සිදුවන එන්ඩොස්කොපික සැත්කම් ක්‍රියාවලි

 

එන්ඩොස්කොපික කෝටරක (sinus) සැත්කමක් (P1)

එන්ඩොස්කොපික සැත්කම් යනු, එන්ඩොස්කොපික වීඩියෝ කැමරාවක් සහ එන්ඩොස්කෝප්ස් (endoscopes) ලෙස හැදින්වෙන, සිහින් උපකරණ කීපයක් යොදා ගනිමින් සිරුරු කුහරයක් තුළ සිදුකෙරෙන, අවම මැදිහත්වීමකින් යුතු (minimally invasive) සැත්කම් ක්‍රියාවලියක්. (1) මෙම ලිපියෙන්, නාරිවේදය, කණ - නාසය - උගුර (ENT) සහ විකලාංග වෛද්‍යවිද්‍යාව ඇතුළු බොහෝ ක්ෂේත්‍රවල ශල්‍ය වෛද්‍යවරුන් බහුලව තෝරාගන්නා ක්‍රමය එන්ඩොස්කොපි වී ඇති ආකාරය සලකා බැලෙනවා. එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම්වල වාසි නිසා, රෝගීන්ට වඩාත් හොඳ වෛද්‍ය සත්කාර ක්‍රම තෝරාගැනීමට අවස්ථාව සැලසීම සදහා විවිධ ක්ෂේත්‍රවල ශල්‍ය වෛද්‍යවරු මෙම ක්‍රමය භාවිතයට යොමුවෙමින් ඉන්නවා.

 

 
Illustrated diagram of a laparoscopic gall bladder removal surgery

ලැපරොස්කොපි මාර්ගයෙන් කොලෙසිස්ටෙක්ටමි (පිත්තාශය ඉවත්කිරීම)(P2)

සාමාන්‍ය සැත්කම් තුළ එන්ඩොස්කොපි

සාමාන්‍ය සැත්කම්වලදී සැලකිල්ලට ගැනෙන්නේ, ආහාර ජීර්ණ පද්ධතිය සමග සම්බන්ධ; ආමාශය, පිත්තාශය, අක්මාව, කුඩා හා මහා බඩවැල්, උණ්ඩුක පුච්ඡය සහ ගුදය යන උදරයේ ඇති අවයවවලට ප්‍රතිකාර කිරීමයි. මේ අතරින් එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන බොහෝ සැත්කම් උදර කුහරයේ සහ උකුළු ප්‍රදේශයේ සිදුකෙරෙන නිසා, ඒවා සාමාන්‍යයෙන් ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම් ලෙස හැඳින්වෙනවා. මේ වන විට, විවෘත සැත්කම් වෙනුවට ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම් බහුලව යොදාගැනෙනවා. ලැපරොස්කොපි මාර්ගයෙන් වැඩියෙන් සිදුකෙරෙන සැත්කම, කොලෙසිස්ටෙක්ටමි (පිත්තාශය ඉවත්කිරීම - cholecystectomy), සැත්කමයි.(1) ලැපරොස්කොපි මාර්ගයෙන් වැඩියෙන් සිදුකෙරෙන වෙනත් ක්‍රියාවලි වන්නේ, උණ්ඩුක පුච්ඡය ඉවත්කිරීම, මහා බඩවැලේ කොටස් සහ වකුගඩු ඉවත්කිරීමයි. නැවතත් (මෙමගින්), සාම්ප්‍රදායික සැත්කම්වලට වඩා කැපුම් කුඩා වන නිසා, පශ්චාත් ශල්‍ය ආසාදන අඩු කරමින්, රෝහලේ නැවතී සිටීමේ කාලය කෙටි කරමින්, වේදනාව අවම කරනවා.

 

 
Illustration of a gynecological surgery

නාරිවේදී ලැපරොස්කොපික සැත්කම.(P3)  

නාරිවේදය තුළ එන්ඩොස්කොපි

නාරිවේදී සැත්කම් මගින් ප්‍රජනන පද්ධතියේ ඇතිවන ලෙඩරෝග සදහා ප්‍රතිකාර කෙරේ. සාමාන්‍ය සැත්කම් වලදී මෙන්, මෙම සැත්කම්ද, උදරය සහ උකුළු ප්‍රදේශය තුළ සිදුකෙරෙන නිසා, සාමාන්‍යයෙන් ලැපරොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම් ලෙස හැඳින්වේ. එමගින් නාරිවේදී සැත්කම් වැඩි ප්‍රමාණයක්, අවම මැදිහත්වීමක් (minimally invasive) සහිතව කිරීමට අවස්ථාව සැලසේ. මේ අතර, මුල් අවස්ථාවේ ඇති පිළිකා, පිළිකා නොවූ වැඩීම්, ෆයිබ්රොයිඩ් (fibroids - තන්තුමය අර්බුද) හ එන්ඩොමෙට්රියෝසියාව (endometriosis) නිසා ඇති වන ඇලීම් (adhesions) ඉවත්කළ හැකියි. අද බොහෝ නාරිවේදී ශල්‍යකර්ම ලැපරොස්කොපි මාර්ගයෙන් සිදු කරන්න පුළුවන්.(1)

 

 
Illustrated diagram of a laparoscopic knee surgery

දණහිසේ ආත්රොස්කොපි මාර්ගයෙන් සිදුකෙරෙන සැත්කම් ක්‍රියාවලිය. පරිවහන උපකරණය (irrigation instrument), වෛද්‍යවරයා සිය දසුන් දක්නය (viewing scope) තුළින් බලාගත යුතු ප්‍රදේශය පැහැදිලි කරදෙනවා. යම් හානියක් ඇත්නම්, කප්පාදු කරන උපකරණයක් (trimming instrument) පාචිච්චියෙන් කණ්ඩරා (tendons) හෝ කාටිලේජ පිළිසකර කෙරෙනවා.(P4)
 

අවම මැදිහත්වීමකින් කෙරෙන විකලාංග සැත්කම්

විකලාංග සැත්කම් යනු පේශි සහ අස්ථි (musculoskeletal) පද්ධතිය [අස්ථි, කණ්ඩරා (tendons), කාටිලේජ බද්ධ වී ඇති තන්තුමය පටකය (ligaments) සහ සන්ධි] ආශ්‍රිත ලෙඩරෝගවලට කෙරෙන සැත්කම්. වැඩිහිටියන් අතර බහුලව ඇති, පරිහායක රෝග (degenerative diseases): ක්ෂතිමය බිඳීම් (traumatic fractures), අස්ථි ආසාදන සහ අර්බුද (tumours) සඳහා බොහෝවිට සැත්කම් අවශ්‍ය වෙනවා. මේවායින් බොහෝ සැත්කම්, මේ වන විට එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකළ හැකි අතර, වඩාත්ම බහුල  එන්ඩොස්කොපික විකලාංග සැත්කම වන්නේ ආත්රොස්කොපි මාර්ගයෙන් රෝග හඳුනාගැනීම සහ චිකිත්සක මැදිහත් වීමයි. උරහිස, දණහිස සහ මැණික් කටුවේ ලෙඩරෝගවලදී මෙය බහුලව යොදාගැනෙනවා (කාපල් ටනල් සින්ඩ්‍රෝමය - carpal tunnel syndrome).

අවම මැදිහත්වීම් සහිත ක්‍රමවේද යොදාගන්නා තවත් විකලාංග සැත්කම් වර්ගයක් තමයි, කොඳුඇට පේළියේ සැත්කම. පිටකොන්දේ පහත ප්‍රදේශයේ ඉතා දැඩි වේදනාවක් සහ ස්නායු තෙරපීම ඇති රෝගීන්ගේ එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකරන පෙරළුණු කශේරුකා බිම්බය (prolapsed intervertebral disc) ඉවත්කිරීම (එන්ඩොස්කොපික  ඩිසෙක්ටමි - endoscopic discectomy) හෝ කැබලිති (debris) ඉවත්කිරීම (එන්ඩොස්කොපික  ෆරමිනටමි - endoscopic foraminotomy) මගින් ස්නායු වෙත ඇති ආතතිය සමනය කිරීම සදහා යොදාගත හැකියි. (2,3)

එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකරන වෙනත් සැත්කම් හා සමානව, නැවත සුවවීමට ගතවන කාලය හා රෝහලේ සිටියයුතු කාල පරාසය, විවෘත සැත්කම්වලට වඩා අඩුයි. විකලාංග රෝගීන්ගේ සුවය සහතික කිරීමට මූලික අංගයක් වන භෞත චිකිත්සක ක්‍රියාවලිය, සැත්කමෙන් පසු ඉක්මනින්ම පටන්ගැනීමට පුළුවන් නිසා මෙය වාසිදායකයි. 

 

 
surgical instruments

එන්ඩොස්කොපි "snare" (P4)

එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදු කරන ENT සැත්කම්

ENT හෝ “කන, නාසය හා උගුර” සම්බන්ධ සැත්කම් වලදී, ලෙඩරෝග හදුනාගැනීමට සහ සැත්කම් මගින් ඒවාට පිළියම් සැලසීමට, වැඩි වශයෙන් අඩු මැදිහත් වීම සහිත ක්‍රමවේද භාවිත වෙලා තියෙනවා.

එන්ඩොස්කෝප්ස් හා ගවේෂණය සදහා උපකරණ ඇතුළු කිරීමට, නාසය හා උගුර  ස්වභාවික මාර්ගයක් ලෙස ක්‍රියාකරන නිසා, කෝටරක (sinuses) සම්බන්ධ ලෙඩරෝග සඳහා ප්‍රතිකාරකිරීමටත්, නාසයේ වූ ඇතිවූ පොලිප් (polyps) සහ මස් දළු ඉවත්කිරීමටත්, හිස්කබලේ පහළ කොටසට බලපාන ලෙඩරෝගවලට පිළියම් කිරීමටත් හැකි වෙනවා.(4)

මෙමගින් මුහුණට සිදු වන ආගන්තුක හා පැතිරුණු කැපුම් ද අස්ථි හා පටක (tissues) වලට සිදුවන හානි ද වැළකෙනවා. විශේෂයෙන්ම දසුන් දක්න (scopes) මගින්, වෙනත් විධියකින් ලබාගත නොහැකි ආකාරයේ, ව්‍යුහ සහ ඉන්ද්‍රියන්ගේ පැහැදිලි, විශාලනය කෙරුණු දර්ශනයක් ලබා දෙනවා.  

එන්ඩොස්කොපි මාර්ගයෙන් සිදුකරන ක්‍රියාවලි, හෘද උරස් (කාඩියොතොරැසික් - cardiothoracic) සහ ස්නායු සැත්කම් (neuro surgery) යන ක්ෂේත්‍රවල වෙනත් සංකීර්ණ සැත්කම්වලදීත් යොදාගැනෙන ඇත. කෙසේවුවත්, ශ්‍රී ලංකාව තුළ මෙම ක්ෂේත්‍රවල ඒවා එතරම් භාවිත වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුළ එන්ඩොස්කොපි සම්බන්ධයෙන් විස්තර සඳහා, මෙතන බලන්න.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access is a local initiative powered by Access to curate and promote information with the aim of facilitating more informed conversations. The initiative works together with local organizations, private and public to create a resource of knowledge that will be beneficial to the development of individuals, business and in due course, Sri Lanka.