access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සාර්ථක සන්නිවේදනයකට මග කියන Agile ක්‍රමවේද

 

Agile ක්‍රමවේද යොදා ගැනීමෙන් සන්නිවේදනයේ අඩුපාඩු හා දුර්වලතා අවම කරගන්න පුළුවන් (P1)

හැඳින්වීම

'Agile' යන්නෙන් අදහස් වන්නේ නිතර වෙනස් වන පාරිභෝගික අවශ්‍යතා, ව්‍යාපාරික කරුණු සහ කාර්මාන්ත ආශ්‍රිත ප්‍රවණතා ආදියට ප්‍රතිචාරාත්මක විය හැකි  සාම්ප්‍රදායික නොවන, අනුක්‍රමික ව්‍යාපෘති කළමනාකරණ ක්‍රමවේදයක්. මේ නිසාම වඩා විනිවිදභාවයෙනු යුතු හා සහක්‍රියාකාරී සේවා පරිසරයක් ඇතිකර ගැනීමට එය හේතු වෙනවා. ඔබත් Agile ක්‍රමවේදයන් ඔබේ සන්නිවේදන අවශ්‍යතා වෙනුවෙන් යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් හොඳම දේ පිළිගත් ප්‍රමිතිගත Agile පිළිවෙත් අනුගමනය කරන එකයි. විනිවිදභාවය වර්ධනය කරන්න පුළුවන් Agile ක්‍රම කිහිපයක් අපි මීට පෙර 'සුචල්‍ය චින්තනය' නම් ලිපියෙන් සාකච්ඡා කළා.

මෙහිදී අප සලකා බලන්නේ සාර්ථක සන්නිවේදනයක් සිදු කිරීම සඳහා agile ක්‍රමවේද යොදා ගන්නේ කෙසේද යන්නයි. සාමාන්‍යයෙන් ව්‍යාපෘති කළමනාකරුවෙකුගේ කාලයෙන් 90% ක්ම ගත වෙන්නේ විවිධ කණ්ඩායම් හෝ පුද්ගලයින් සමග සිදු කරන සන්නිවේදනයටයි. මේ සන්නිවේදනය නිවැරදි මාධ්‍යය භාවිතා කරමින් නිවැරදි ආකාරයට නොකෙරුණොත් ලැබෙන ප්‍රතිඵලය වන්නේ කාලය නාස්ති වීමක් වගේම තත්ත්වයෙන් පහළ ප්‍රතිඵල උදා වීමයි.(1)

Agile ක්‍රමවේදයන් නිර්මාණය කරලා තියෙන්නේ සහයෝගීතාවය සහ පුනහ්කරණීය සංවර්ධනය (iterative development) කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්. ඒ නිසා කණ්ඩායම් අතර නිරන්තර අදහස් හුවමාරුව සිදු විය යුතුයි. මෙහිදී සන්නිවේදනය සඳහා ගත කරන්නට සිදු වන කාලය අඩු කිරීම සඳහා සන්නිවේදන ප්‍රොටොකෝල, එහෙමත් නැත්නම් සන්නිවේදනය පහසු කරන කාරණා ක්‍රියාවට නංවනවා. ගැලපෙන සන්නිවේදන මාධ්‍ය, පැහැදිලි අරමුණු සහ කාල රාමු වැනි දේවල් නිශ්චිතව තීරණය කරගැනීම මෙතනදී සිද්ධ වෙන දෙයක්.

ඔබේ සන්නිවේදනයට ගැලපෙන නිවැරදි සන්නිවේදන මාධ්‍යය තෝරා ගන්න (P2)

නිවැරදි සන්නිවේදන මාධ්‍යය තෝරා ගැනීම

සන්නිවේදනය සාර්ථක වීමට ඒ සඳහා නිවැරදි මාධ්‍යය තෝරා ගැනීම වැදගත් බව ඔබ හොඳින් දන්නවා. සාමාන්‍යයෙන් වඩා හොඳම සන්නිවේදන මාධ්‍යය තෝරා ගැනීමේදී සහභාගී වෙන පාර්ශ්වන් සිටින ස්ථානයන්" ඔවුන් අතර ඇති සම්බන්ධතාවයේ ස්වභාවය" ඔවුන්ගේ සූදානම වගේ කරුණු කාරණා සලකා බැලෙනවා. ඒ වගේම හුවමාරු වෙන තොරතුරුවල සංකීර්ණත්වය සළකා බැලීමත් මෙතනදී ඉතා වැදගත්.(2) හැබැයි සන්නිවේදන මාධ්‍යය කොයි තරම් හොඳ වුණත්" සංකීර්ණ තොරතුරු හුවමාරු කරගැනීමට විතරක් මදි බව මතක තබා ගත යුතුයි. ඒ නිසා අදාළ කණ්ඩායම් සූදානම් කරගැනීම වැදගත්. මුහුණට මුහුණ සිදු කරන සාකච්ඡාවලට ලේඛනගත සන්නිවේදනය වැදගත්. කාර්යයට අදාල වෙන තොරතුරු කණ්ඩායමට ලබාදීමෙන් පසුව ඊළඟ රැස්වීමේදී ඒ අයගේ ප්‍රතිචාර ලබාගන්නත්" ගැටලු සාකච්ඡා කරන්නත් පුලුවන්. රැස්වීම මෙහෙයවන කෙනාගේ සූදානම හොඳ නම් රැස්වීමේ අරමුණ සම්පූර්ණ වෙන්නත් ප්‍රතිඵල ඉතාම හොඳ වෙන්නත් එය හේතු වෙනවා.

සාකඡා කළ දේවල් මේ විදියට සැලසුම් කිරීම කථා කරගත්ත ආකාරයට වැඩේ සම්පූර්ණ කරගන්න උපකාරී වෙනවා (P3)

සන්නිවේදන අරමුණට අදාළ වන්න

ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ලොකුම අභියෝගය වෙන්නේ සිතේ ඇති අදහස අවසන් නිෂ්පාදනය බවට පරිවර්තනය කිරීමේ දුෂ්කරතාවයි. මේ වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන කණ්ඩායම් එකට වැඩ කළ යුතු වෙනවා. අභියෝග ජයගෙන නිවැරදි වේලාවට හොඳ තීරණ ගැනීමට නම් සන්නිවේදනය කාර්යක්ෂම වීම සඳහා මනා මගපෙන්වීමක් අවශ්‍යයි. රැස්වීම්වලට ගතවෙන කාලය සලකා බලන විට මේක දිනපතා කරන එක අසීරු දෙයක් වගේ පෙනුනත් Agile ක්‍රමයට අනුව නිරන්තර රැස්වීම් පැවත්වීම අවශ්‍යතාවක්. බොහෝ  Agile කණ්ඩායම් අවම වශයෙන් දිනකට වරක්වත් රැස් වෙලා පහත සඳහන් ප්‍රශ්න සාකච්ඡා කරනවා:  

  • අවසන් වරට පැවැත්වූ රැස්වීමේ සිට මේ දක්වා සම්පූර්ණ ඇති වැඩ මොනවාද?
  • ඊළඟ රැස්වීම වනවිට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන වැඩ මොනවාද?
  • ඊට තිබෙන අභියෝග හා බාධක මොනවාද

මෙහිදී කණ්ඩායමේ සාමාජිකයින් සංඛ්‍යාව අනුව සෑම කණ්ඩායම් සාමාජිකයෙකුටම මිනිත්තු 5 - 10 ක් වැනි සුළු කාලයක් ලැබෙන අතරම එම රැස්වීම්වලින් බාහිරවත් වැඩිදුර කරුණු සාකච්ඡා කිරීමට දිරිමත් කිරීමක් සිදු වෙනවා.(3)

Agile කණ්ඩායම් හැමවිටම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වර්ධනය කරගැනීමට කාලය වැය කරනවා. අනවශ්‍ය දේවල් ඉවත් කිරීම සහ අමාරු තැන්වලට පිළියම් යෙදීම වගේ දේවල් මේ අය කරනවා. අපි මීට සඳහන් කළ සුචල්‍ය චින්තනය ලිපියෙන් සාකච්ඡා කළ ප්‍රත්‍යාවලෝකනය එහෙම නැතිනම් නැවත නැවත විමසා බැලීම මෙය සිදු කරන එක් හොඳ ක්‍රමයක්. මෙතනදී පහත දැක්වෙන ආකාරයේ කරුණුවලට වැඩි අවධානයක් යොමු කෙරෙනවා:   

  • ගැටලුවකින් තොරව හොඳින් සිදුවෙන දේවල් මොනවාද? 
  • එසේ නොමැති දේවල් මොනවාද සහ ඒ ඇයි
  • මේ තත්ත්වයන් වර්ධනය කරගැනීමට සිදු කළ යුත්තේ මොනවාද? 

මේ හරහා කණ්ඩායමේ ක්‍රියාකාරීත්වය වඩා කාර්යක්ෂම කරගැනීමට හැකි වෙනවා පමණක් නොවෙයි, පහළම මට්ටමේ සිට ඉහළ දක්වා ආයතනය තුළ සහයෝගීතාවය පදනම් කරගත් වැඩ සංස්කෘතියක් නිර්මාණය කරන්නත් පුළුවන්.(4)

 
team work

සාර්ථකකත්වය බෙදාහදා ගැනීම හොඳ කණ්ඩායම් හැඟීමක් වර්ධනය කරන්න හේතු වෙනවා (P4)

සාමූහික සාර්ථකත්වය

සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා Agile ක්‍රමය අනුගමනය කරන ආයතන සිදු කරන දෙයක් තමයි එකම කණ්ඩායමක් වශයෙන් සාර්ථකත්වය සැමරීම. ජයග්‍රහණ හා සාර්ථක වූ අවස්ථා මේ විදියට සැමරීම තුළින් තමන්ගේ මෙහෙවර ආයතනය විසින් අගය කරනවා කියන අදහස සේවකයින්ට දැනෙන එක සාමාන්‍ය දෙයක්. සමහර ව්‍යාපාර දැනටමත් තමන්ගේ සාර්ථකත්වය සැමරීමට ආයතනයේ විවිධ ව්‍යාපාර කණ්ඩායම්" තාක්ෂණික කණ්ඩායම් වගේම පාරිභෝගිකයිනුත් එකතු කරගන්නවා. පුද්ගලයින් තනි තනිව ඇගයීමට ලක් කරනවාට වඩා කණ්ඩායමක් විදියට ජයග්‍රහණ සැමරීම මගින් කණ්ඩායම් සාමාජිකයින් අතර බැඳීම වගේම ඔවුන් සහ සමාගම අතර බැඳීමත් වර්ධනය කරනවා. මේ නිසා එකිනෙකා අතර තරඟකාරීත්වය මුසු වූ තනි පුද්ගලවාදය  වෙනුවට සහයෝගීතාව පිළිබඳ හැඟීම වෙනුවෙන් පරිවර්තනයක් සිදු වෙනවා.(5)

ව්‍යාපෘති කළමනාකරණයේදී නම්‍යශීලී වීම පාරිභෝගික සම්බන්ධතාවයන් වගේම සමාගමේ අභ්‍යන්තර සම්බන්ධතාවයන් වර්ධනය කිරීමටත් හේතු වෙනවා.(P5)

සාරාංශය

Agile ක්‍රමවේදය භාවිතා කරන බොහො සමාගම් මෘදුකාංග සංවර්ධන කර්මාන්තය නියෝජනය කළත් සාර්ථක සමාගම් බොහොමයක් දැන් තම ව්‍යාපෘති කළමනාකරණය සඳහා මේ ක්‍රමවේදවල ඵල නෙළා ගන්නවා. අප ඉහත සාකච්ඡා කළ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් කණ්ඩායම් ඇතුළත සාමාජිකයින් අතර වගේම එකිනෙකට වෙනස් කණ්ඩායම් අතර සම්බන්ධතාවයන් පමණක් නොව සැපයුම්කරුවන් හා පාරිභෝගිකයින් වැනි බාහිර පාර්ශ්වයන් සමග සම්බන්ධතාවයන්ද සවිමත් කරගැනීමටත් පුලුවන්.

   
Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.