හැඳින්වීම
මේ මාතෘකාව ගැන පළ වුණු අපේ මීට පෙර ලිපිය, ක්ෂුද්‍ර ජීවීන් අපේ ආහාර වේල්වලට බලපාන අන්දම ගැන හොයා බැලුවා; නිශ්චිතව කිව්වොත් ඔවුන් අපටත් අපේ ආහාර වේල් පිළිබඳ තීරණවලටත් බලපෑම් කරන්න කැරට් අලයේ උපක්‍රමය යොදාගන්නේ කෙසේද යන්න ගැන. මේ අධ්‍යයනවලින් පේන්නේ ක්ෂුද්‍ර ජීවීන් අපේ ශරීරයට කරන බලපෑම මීට කලින් හිතුවාට වඩා ගොඩක් විශාල බවයි. (1) ඒ නිසා ඔබ මුලින් ඒ ලිපිය කියවා තිබීම ප්‍රයෝජනවත්. ඉතා උචිත අන්දමින් අන්ත්‍ර-මස්තිෂ්ක අක්ෂය (gut-brain axis - GBA) හැටියට හැඳින්වෙන, අපේ බඩවැල් හා මොළය අතර පවතින සංකීර්ණ සම්බන්ධතාවක් ඔස්සේ මේ බලපෑම සඳහා පහසුකම් සැලසෙනවා. මේ ලිපියේදී අපි මේ සංකීර්ණ සම්බන්ධය දෙස බලමින් මේ අවයව දෙක එකිනෙකාට බලපෑම් කරමින් අපට ක්‍රියාත්මක වෙන්න උදව් කරන්නේ කෙසේදැයි ගවේෂණය කරනවා.
ඔබේ මොළයේ ඇති ඩොපමයින් හා සෙරොටොනින්වලින් 50%කට වඩා නිපදවන්නේ ක්ෂුද්‍ර ජීවීන් විසිනුයි (P2)
අන්ත්‍ර මස්තිෂ්ක අක්ෂය (The Gut Brain Axis)
ආන්ත්රික ක්ෂුද්‍ර ජීවීන් සහ මොළය අතර දෙපසට දිවෙන මේ සන්නිවේදන මාර්ගය පද්ධති ගණනාවකින් සමන්විතයි. මොළයේ චිත්තවේගී කේන්ද්‍රවලට හා ඉහළ මට්ටමේ ඥානන කාර්යයන්ට (cognitive functions) බලපෑමෙහිලා ආන්ත්රික ක්ෂුද්‍ර ජීවීන් ඉටු කරන වැදගත් භූමිකාව මෑතදී කෙරුණු පර්යේෂණවලින් පෙන්නුම් කෙරී තියෙනවා. (2) එසේ බලපාන එක් ආකාරයක් තමයි අපේ මනෝභාව හා චර්යාවන් නියාමනය කිරීම සඳහා ක්ෂීරපායී හෝමෝන උනපූරණය කරන ස්නායු රසායන ක්ෂුද්‍ර ජීවීන් විසින් නිපදවීම. (3)
අපේ කලින් ලිපියේ පෙන්නුම් කර තිබුණ විදිහට, අපේ ශරීරවල තියෙන ඩොපමයින්වලින් 50%කට වැඩියෙනුත්, සෙරොටොනින්වලින් විශාල ප්‍රමාණයකුත් හටගන්නේ බඩවැල් ඇතුළේ. (4) බඩවැල් තුළ සාමාන්‍යයෙන් හටගන්නා ක්ෂුද්රජීවීන් වැඩි ප්‍රමාණයක් ඩොපමයින් නිපදවනවා. මේ ක්ෂුද්‍රජීවීන්ගේ බැක්ටීරීය රෝපණවලින් පෙන්නුම් කරන්නේ මිනිස් රුධිරයේ සාමාන්‍යයෙන් දැකගත හැකි ඩොපමයින් සාන්ද්‍රණයට වඩා 10-100 ගුණයකට වඩා වැඩි ඩොපමයින් මට්ටමක්.(5)
ක්ෂුද්රජීවීන් ඔබේ මනෝභාවයන්ට බලපාන බව සොයාගෙන තිබෙනවා (P3)
හැඟීම් බර ක්ෂුද්‍ර ජීවියෝ
මීයන් අතර ක්ෂුද්රජීවීන් සංක්‍රමණය මඟින් කාංසාව වැනි ගතිලක්ෂණත් සංක්‍රමණය වන අයුරු අධ්‍යයන පෙන්නුම් කර තිබෙනවා. කාංසාව හා සමාන චර්යා සහිත මීයන්ගෙන් ලබාගත් අශූචි ගුළි විෂ බීජවලින් තොර, පාලිත මීයන්ට (control mice) කවනු ලැබූ විට පාලිත මීයන් උත්සන්න මට්ටමක බයාදුකමක් පෙන්නුම් කළා. කාංසා සහගත මීයන්ට පාලිත මීයන්ගෙන් ලබාගත් අශූචි ගුළි කවනු ලැබූ විට ඔවුන්ගේ බයාදු බව පහ වුණු අතර ඔවුන් පාලිත මීයන්ට සමාන අන්දමේ ගවේෂණාත්මක චර්යාවන් පළ කළා. (6)
ප්රෝබයෝටික්ස්වලට පුද්ගලයකුගේ මනෝභාව වැඩිදියුණු කරන්න පුළුවන් බව සායනික පරීක්ෂණ මඟිනුත් පෙන්නුම් කෙරී තිබෙනවා. එවැනි එක පරීක්ෂණයකදී ඊට සහභාගී වූ මිනිසුන්ට actobacillus caseiනමැති නිශ්චිත ප්‍රෝබයෝටික් වර්ගයක් ලබා දුන් පසු ඔවුන්ගේ මනෝගතීය සැලකියයුතු අන්දමින් දියුණු වුණු බව සොයාගත්තා. (7) ලඝු දාම මේද අම්ලයක් වන (short chain fatty acid) බියුටිරේට් නිපදවීමටත් බොහෝ සෙයින් වගකිව යුත්තේ ක්ෂුද්‍ර ජීවීන්. එය මීයන්ගේ මධ්‍යම ස්නායු පද්ධතියට බරපතල බලපෑමක් සිදු කොට ඔවුන්ගේ මනෝගතීන්ගේත් චර්යාවේත් පැහැදිලිව දැකගත හැකි වෙනස්කම් සිදු කරන බව පෙන්නුම් කර තිබෙනවා. (7)
අප ගන්නා තීරණවලට බලපෑ හැකි භූමිකාවක් ක්ෂුද්රජීවීන් ඉටු කරන බව අධ්‍යයන පෙන්නුම් කරනවා (P4)
චර්යා හැඩගැස්වීම
කාංසාව කෙරෙහි බලපෑමට අතිරේකව, ක්ෂුද්‍ර ජීවීන්ට අපේ චර්යාවන් හැඩගැස්වීමට බලපාන්න පුළුවන් වෙනත් ආකාර, අධ්‍යයන ගණනාවකින් පෙන්නුම් කෙරී තිබෙනවා. එක අධ්‍යයනයකින් විශ්ලේෂණය කෙරුණේ ජලයෙහි සිටි මීයන්ට lactobacillus rhamnosus (JB-1) නමැති නිශ්චිත ක්ෂුද්‍ර ජීවී විශේෂයක් කවනු ලැබූ විට ඔවුන් පළ කළ චර්යාවයි. ආතතිය ඇති කරන හෝමෝනවල අඩු වීමක් ඔවුන් පෙන්නුම් කළා. එහි ප්‍රතිඵලයක් ලෙස JB-1 කවනු ලැබූ මීයෝ පාලිත ආහාර ලබා දුන් මීයන්ට වඩා වැඩි දුරක් පිහිනන්න සමත් වුණා. ඒත් ඔවුන්ගේ බඩවැල් සහ මොළය අතර දිවෙන සංචාර ස්නායුව (vagus nerve) පර්යේෂකයින් විසින් කපා දමනු ලැබූ විට මේ වැඩි දියුණුව නැති වී ගියා. එයින් ඇඟවෙන්නේ මේ ස්නායුව ක්ෂුද්‍ර ජීවීන් සිය සත්කාරකයා හැසිරවීමේ ක්‍රියාව සම්බන්ධයෙන් තීරණාත්මක භූමිකාවක් ඉටු කරන බවයි. අනිත් අතට JB-1 අනුභව නොකළ පාලිත මීයන්ගේ සංචාර ස්නායුව කපාදැමීමෙන් ඔවුන්ගේ පිහිනීමට කිසිදු බලපෑමක් සිදු වුණේ නැහැ.
චර්යාවන්ට බලපාන ක්ෂුද්‍ර ජීවීන් සඳහා තවත් නිදසුනක් තමයි toxoplasma gondii. මේ ක්ෂුද්‍ර ජීවීන් කවනු ලැබූ මීයන්ට බළලුන්ගේ ගන්ධයන් කෙරෙහි තිබුණු බිය නැති වුණා. ඒ වගේම ඔවුන් බළලුන්ගේ මුත්‍රා නිසා ලිංගිකව උත්තේජනය වුණා; එයින් උන් බළලුන්ගේ පහසු ගොදුරු බවට පත් වුණා. (8)
අප ආහාරයට ගන්නා දේවල් හා අප තුළ වෙසෙන ක්ෂුද්‍ර ජීවීන් අපේ මනෝගතීන්ටත් චර්යාවන්ටත් සැලකිය යුතු බලපෑමක් සිදු කරන බවට සාක්ෂි ඇති පදම් තියෙනවා. ඉහත සඳහන් වුණු අධ්‍යයන, අප තුළ ඇති ක්ෂුද්‍ර ජීවය පළ කරන ගතික ක්‍රියාකාරීත්වයත් එය අපේ මොළය සමඟ පවත්වන සංකීර්ණ අන්තර් සම්බන්ධය ගැනත් වාර්තා කරනවා. එය මීට පෙර හිතුවාට වඩා විශාල වැදගත් තැනක් දරනවා. කවුද දන්නේ? ඔබේ මීළඟ ආහාර වේල තුළ ඔබ වඩා සතුටට හා ඵලදායක බවට පත් කරන රහස් රස ද්‍රව්‍ය ඇතුළත් වෙන්න පුළුවන්!