හැඳින්වීම
ඇක්වාපොනික්ස් (Aquaponics) කියන්නේ, සරල, සහජීවී චක්‍රයක් ඔස්සේ ජලජීවී වගාව (aquaculture) හා ජලජ රෝපණය (hydroponics) එකට එකතු කරන කෘෂිකාර්මික තාක්ෂණයක්. මේ ක්‍රමවේදය ලොව පුරා පුරාණ ශිෂ්ටාචාරවල යොදාගැනුණත් පසුව පසෙකට තල්ලු වුණා. ඒත් දැන් පාරිසරික වශයෙන් තිරසාර නාගරික කෘෂිකාර්මික තාක්ෂණයක් හැටියට එය අලුත් ආකර්ෂණයක් දිනාගනිමින් සිටිනවා.
ජලජ රෝපණ තාක්ෂණය රඳා පවතින්නේ මිල අධික, පෝෂක සපිරි ජලයේ ශාක වගා කිරීම මතයි. මේ සාරවත් ජලය කලින් කලට පද්ධතියෙන් බැහැර කිරීම අවශ්‍ය වෙන නිසා ජලජ රෝපණ ගොවිපලවල් සැලකියයුතු මට්ටමක අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුවකටත් මුහුණ පානවා. ඒ වගේම එහෙම බැහැර කරද්දී ගොවිපල අවට පරිසර පද්ධතිවල, වැව් හා ගංගා වැනි ජලස්කන්ධවල සමබරතාව අවුල් වෙන්නත් ඉඩ තියෙනවා.
ඇක්වාපොනික්ස් පද්ධති ස්වාභාවික ජලමාර්ග අනුකරණය කරනවා (P2)
ඇක්වාපොනික්ස් පද්ධතියක් වැඩ කරන හැටි
ඇක්වාපොනික්ස්, මිහිමත ඇති සෑම ස්වාභාවික ජලමාර්ගයකටම ආවේණික ක්‍රියාවලිය අනුකරණය කරනවා. එමගින් නාගරික ප්‍රදේශ තුළ තිරසාර ආකාරයකින් උච්ච සංකේන්ද්‍රිත ගොවිතැනකට ඉඩ සැලසෙනවා. ඇක්වාපොනික්ස් පද්ධතියකට ප්‍රධාන වශයෙන් යෙදවෙන්නේ මත්ස්‍යයින් විසින් ජනනය කෙරෙන ආහාරයි. මත්ස්‍යයින් මූත්‍රා හා මළ හැටියට අපද්‍රව්‍ය පිට කරනවා. මත්ස්‍ය මූත්‍රාවල ඇමෝනියා ඇතුළත් වන අතර මත්ස්‍යයින්ගේ මළ විෂමපෝෂී බැක්ටීරියාවන් විසින් ඇමෝනියා බවට බිඳ දැමෙනවා. අධික සංකේන්ද්‍රණයක් තුළ ඇමෝනියා ශාක හා මසුන් යන දෙකොටසටම විෂ සහිත වුණත්, නයිට්රීකාරක බැක්ටීරියාවෝ, ඇමෝනියා නයිට්රයිට් බවටත්, ඉන් පසු ශාක මගින් උරාගන්නා නයිට්රේට් බවටත් පෙරළනවා. මේ විෂමපෝෂී හා නයිට්රීකාරක බැක්ටීරියා, ඇමෝනියා සහ නයිට්රේට් සහිත පරිසර තුළ ස්වාභාවිකවම ජනනය වී ඇක්වාපොනික්ස් පද්ධතියේ ටැංකි බිත්ති, පහුරු, කාබනික ද්‍රව්‍ය, වර්ධක මාධ්‍ය හා ජල කුළුණුවල බැඳෙනවා.
මේ නිසා කාර්යක්ෂම ඇක්වාපොනික්ස් පද්ධතියක් පවත්වාගෙන යාම සඳහා ඔබ සමබරව තබාගත යුතු ජීවී විශේෂ තුනක් ඉන්නවා: මත්ස්‍යයින්, ශාක, සහ හිතකර බැක්ටීරියා. මේ ජීවී විශේෂ තුන නොනැසී පැවතීම සඳහා එකිනෙකා මත රඳා පවතිමින් සහජීවී ක්‍රියාවලියක් නිර්මාණය කරනවා. බැක්ටීරියා මත්ස්‍ය අපද්‍රව්‍ය අනුභව කරමින් ශාකවලට ඒවායේ වර්ධනයට අත්‍යවශ්‍ය පෝෂක සපයනවා. ඒ අතර ශාකත්, ජලයෙන් පෝෂක උරාගනිමින්, මත්ස්‍යයින්ගේ වාසයට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනවා.
වැඩෙන ශාක සමග මසුන් බෝ කිරීම මඟින් ඇක්වාපොනික්ස් මේ අඩුපාඩුව විසඳනවා. ස්වාභාවිකව හටගන්නා බැක්ටීරියාවන්ට ස්තුති වන්නට, මාළු ටැංකිවලින් එන අප ජලය ශාකවල පෝෂණය සඳහා ගන්නවා. පිරිසිදු කෙරුණු ජලය ආපසු මාළු ටැංකි කරා ප්‍රතිචක්‍රීකරණය කරනවා. පද්ධතියට කෘත්‍රිමව එකතු කරන්න වෙන්නේ පෝෂක ඉතා අවම ප්‍රමාණයක් විතරයි. මේ නිසා මෙය ඉහළින්ම තිරසාර තත්වයේ පවතින සංවෘත වළල්ලක් සහිත පද්ධතියක් (closed loop system) බවට පත් වෙනවා.
මේ තිරසාර කෘෂි-තාක්ෂණික පද්ධතිය වැඩ කරන අන්දම ගැනත්, එය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේදී මුහුණ දෙන්නට සිදු වන අභියෝග ගැනත් වැඩිදුර දැනගන්න, ශ්‍රී ලාංකීය ඇක්වාපොනික්ස් සමාගමක් වන Crop Circle Pvt Ltd සමග අපි කතා කළා.
ශ්‍රී ලාංකික සමාගමක් වන Crop Cycle Pvt Ltd විසින් මෙම තාක්ෂණය යොදාගන්නා ආකාරය (P3)
ඇක්වාපොනික්ස් ඉතිහාසය / සම්භවය
ඇක්වාපොනික්ස් කියන්නේ නූතන සොයා ගැනීමක් නෙමෙයි. ඇත්තටම එහි සම්භවය පුරාණ ආසියානු හා ඇස්ටෙක් ශිෂ්ටාචාර කරා දිව යනවා. අවුරුදු 600කටත් පෙර මෙක්සිකෝවේ ටෙක්සොකෝකෝ විලේ වගුරු සහිත ඉවුරුවල පදිංචි වුණු ඇස්ටෙක්වරුන් බට සහ මඩ යොදාගෙන “chinampas” නමින් හැඳින්වුණු පාවෙන වේදිකා නිර්මාණය කරගත්තා. ඔවුන් මේ පාවෙන වේදිකා මත විවිධාකාරයේ බෝග සිටුවා ඔවුන්ගේ සමස්ත ජනගහනයටම ආහාර සැපයූ ගොවිතැන් ක්‍රමයක් නිපදවා ගත්තා. ශාකවල මුල් විල් ජලයේ ගෑවීම මගින් විලේ ජලජ ජීවීන් විසින් නිර්මාණය කරන ලද පෝෂක ඒවාට උරාගැනීමට හැකි වීම නිසා මේ ක්‍රමය අතිශයින්ම සාර්ථක වුණා. (1)
ඊටත් ඉස්සර වසර 1,700කට පෙර චීන වැසියන් ඇක්වාපොනික්ස් ක්රමයේ ප්රතිලාභ ලබමින් වී-මත්ස්‍ය වගා ක්‍රමයක් ක්‍රියාත්මක කළා. මේ ක්‍රමය 1960 ගණන් හා 70 ගණන්වල සීමාන්තික අන්දමින් පළිබෝධ නාශක භාවිත කිරීම හා චීන සංස්කෘතික විප්ලවයේ අවාසිදායක ආර්ථික පිළිවෙත් නිසා අභාවයට ගියා. ඒත් මෑතකදී එය පුනර්ජීවනයක් ලබා තිබෙනවා. දැන් ලොව විශාලතම ඇක්වාපොනික්ස් පද්ධතිය තියෙන්නේ චීනය සතුවයි; ටයිහු (Taihu) විල මත පාවෙන අක්කර හතරක ගොවිපළක්. මේ පාවෙන තෙත්බිම සැලසුම් කර තියෙන්නේ අවට ගොවිබිම්වලින් අතිරික්ත පොහොර සේදී විල තුළට පැමිණෙන විට එයට ඇතුළු වන, අහිතකර ඇල්ගී හටගැනීමට මග පාදන පෝෂක ඉවත් කිරීමේ පියවරක් හැටියටයි. ඒ වගේම ස්ථිර තෙත්බිම් වගේ නෙවෙයි, පාවෙන තෙත්බිම් ජල මට්ටම එක්ක ඉහළ පහළ යනවා. ඒ අනුව එහි තිබෙන ශාක, ජල මට්ටමේ ඉහළ පහළ යාම් නිසා මිය නොයන අතර, ජලයට පෙරළා පෝෂක මුදා හරිනවා.
ඇක්වාපොනික්ස් අවකාශයක් තුළ බෝ කෙරෙන මත්ස්‍යයනුත් ආදායම් මාර්ගයක් වන නිසා ඔබ නියම මත්ස්‍ය වර්ග තෝරාගත්තොත් එය අතිශයින්ම ලාභදායක වෙන්න පුළුවන් (P4)
ඇක්වාපොනික්ස් පද්ධතිවල ප්රතිලාභ
සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවේද සමග සන්සන්දනාත්මකව බලන විට ඇක්වාපොනික්ස් පද්ධති ක්‍රියාත්මක කිරීමෙන් පුළුල් පරාසයක ප්රතිලාභ අත්විඳින්න පුළුවන් බව පෙනී යනවා. නිදසුනක් වශයෙන් ඇක්වාපොනික්ස් පද්ධති ජලය මත අඩුවෙන් යැපෙන නිසා එයින් ජලය 90%ක් දක්වා ඉතිරි වෙනවා. කාලයත් සමග සාම්ප්‍රදායික ක්‍රමවේදවලදී, වාෂ්පීභවනය හා පස හරහා ජලය කාන්දු වීම නිසා ජලය විශාල ප්‍රමාණවලින් අපතේ යනවා.(2) ඇක්වාපොනික්ස් ක්‍රමය යොදා ගැනීමේදී ශාකවලට අවශ්‍ය පෝෂක මත්ස්‍යයින්ගේ අපද්‍රව්‍යවලින් නිපදවෙන නිසා අතිරේක පොහොර අවශ්‍ය වෙන්නේත් නැහැ. ඇක්වාපොනික්ස් පද්ධති නඩත්තු කෙරෙන්නේ සංවෘත ව්‍යුහ තුළ නිසා ඒවා තුළ වැඩෙන ශාක පළිබෝධ හා රෝගවලට ඉහළින්ම ඔරොත්තු දෙනවා. ඒ වගේම ශාක වැඩෙන්නේ පස තුළ නොව ගලන ජලය තුළ වීම නිසා රෝගවලට ශාකය කරා ළඟා වීමේ මාධ්‍යයක් නැහැ. ශාකවල වර්ධනය සඳහා උසස්ම පරිසරයක් හා ප්රශස්ත මට්ටමේ පෝෂක සැපයුමක් සම්පාදනය කිරීමෙන්, ශ්‍රමය සැලකියයුතු අන්දමින් අඩු කරන අතර නිෂ්පාදිතයේ ගුණය වැඩි කරමින් සමස්ත පද්ධතියම ස්වයංක්‍රීය බවට පත් කළ හැකියි.
මෙහි ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ එළවලු වර්ගවල වගා කාලය අඩු කරන්න පුළුවන්. පලා වර්ග සති 4 සිට 6 දක්වා කාලයක් තුළ වගා කරන අතර, එළවලු හා පළතුරු සති 8 සිට 10 දක්වා කාලයකින් වගා කළ හැකියි. සාම්ප්‍රදායික ක්‍රමවේද යොදාගත්තොත් මේ වගා කාලය දෙගුණයකින් වැඩි වෙන්න පුළුවන්. මේ ක්‍රමයට වගා කළ හැකි විවිධාකාර බවබෝග අතර ලෙටූස්, කැරට්, බැසිල්, සැල්දිරි, තක්කාලි, රට මෑ, නිවිති, වම්බටු, සැවෝයි, ගෝවා, මිරිස්, මල්ගෝවා, බෝංචි, පිපිඤ්ඤා, කහ, ස්ට්‍රෝබෙරි හා සපුෂ්ප ශාක විශේෂ ගණනාවක් තියෙනවා.
ඇක්වාපොනික්ස් පද්ධති තුළ හානිකර පළිබෝධ නාශක නොතිබීම නිසා සංවර්ධිත ආර්ථිකයන් තුළ වැඩි වෙන ඉල්ලුම සහිත ස්වාභාවික කාබනික බවබෝග නිපදවීමත් සිදුකළ හැකියි. එසේම, ඇක්වාපොනික්ස් පද්ධතියකට අවශ්‍ය වෙන්නේ සාම්ප්‍රදායික ක්‍රමවේදවලට වඩා බෙහෙවින් අඩු බලශක්තියක්. ඇක්වාපොනික්ස් පද්ධතියක ප්‍රධාන බලශක්ති යෙදවුම එහි පොම්ප හා වාතක (aerators) සඳහායි. කලින් සඳහන් කෙරුණු පරිදි මෙහි අනිත් ප්‍රධාන යෙදවුම මත්ස්‍යයින් විසින් ජනනය කෙරෙන ආහාරයි. තිලාපියා, ට්‍රවුට්, කැට්ෆිෂ්, ආඳා, කාර්ප්, පොකිරිස්සා හා ගෝල්ඩ්ෆිෂ් හා කෝයි කාර්ප් වැනි විසිතුරු මසුන් බඳු මිරිදිය මත්ස්‍යයින් වර්ග රාශියක් ඇක්වාපොනික්ස් පද්ධතියක අංගයක් වශයෙන් බෝ කළ හැකියි.
කණගාටුවට කාරණය නම් අපේ දේශගුණය තුළ විශාල පරිමාණයෙන් මෙවැනි පද්ධති දැනුම්වත්භාවය අඩු වීමයි. (P5)
ඇක්වාපොනික්ස් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේදී ඇති අභියෝග
ඇක්වාපොනික්ස් පද්ධති ක්‍රියාත්මක කිරීමේ ප්රතිලාභ ගොඩක් තිබුණත්, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක් තුළ ඒවාට ආවේණික අභියෝගත් නැත්තේ නෑ. වෙළඳපොලේ තියෙන නූතන ඇක්වාපොනික්ස් පද්ධති ඝර්ම කලාප දේශගුණයන්ට සරිලන විදිහට නිර්මාණය වෙලා නෑ. මේ නිසා මිලදී ගත් පද්ධතියක් කෙලින්ම භාවිතයට ගන්න බැහැ. ඇක්වාපොනික්ස් පද්ධතිවලට අඩු ශ්‍රම සූක්ෂ්මතාවක් තිබුණත් ජලජීවී වගාව හා කෘෂිකර්මය යන දෙකම පිළිබඳ දැනුම හා අත්දැකීම් සහිත ඉහළ නිපුණත්වයකින් යුත් පුද්ගලයින් ඒවාට අවශ්‍ය වෙනවා. මේවා වත්මන් රැකියා වෙළඳපොල තුළ සොයාගැනීම අභියෝගයක් වන නිපුණතා.
මීට අමතරව, දැනට කාබනික සහතිකපත්‍ර ලබා දෙන්නේ පාංශු පරීක්ෂාව මත පදනම් වෙමිනුයි. ඒ නිසා වර්තමානයේ ඇක්වාපොනික්ස් බවබෝග සඳහා කාබනික සහතිකපත්‍ර ලබාගන්න සමාගම්වලට ඉඩක් නැහැ. එවැනි සහතිකපත්‍ර තිබුණොත් එවැනි පද්ධතියක් සැකසීමේදී වැය වුණු පිරිවැය උපයාගත ගත හැකි පරිදි සිය නිෂ්පාදිත වඩා හොඳ අගයකින් මිල කරන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා. ඉහළ පරිණත තත්වයක පවතින ශ්‍රී ලංකාවේ දේශීය කෘෂිකාර්මික ක්ෂේත්රයට ඇක්වාපොනික්ස් පද්ධති හඳුන්වාදීම අභියෝගයක් බවට පත් කරන්නේ ආයෝජනවල හා දැනුමෙහි මඳකමයි. ඇක්වාපොනික්ස් වර්ධනය වෙන්න නම් මේ තත්වය ජයගන්න වෙනවා. Crop Circle සමාගම සිය ඇක්වාපොනික්ස් පද්ධතිය ඉදි කළේ 100%ක දේශීයව මිලදී ගත් උපකරණ හා අමුද්‍රව්‍ය යොදාගෙනයි. ඒ නිසා ශ්‍රී ලංකාව තුළ ඇක්වාපොනික්ස් මෙහෙයුම් සකසා ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන බව පැහැදිලියි. කෙසේ වෙතත්, මේ අත්දැකීම් අඩු, එහෙත් විප්ලවකාරී විභවයක් සහිත තාක්ෂණය වර්ධනය වෙන්න නම්, වඩවඩා ආයතන මේ විසඳුම අපේ ඝර්ම කලාපීය දේශගුණය සඳහා ගැළපෙන පරිදි ප්රශස්ත කිරීමේ අරමුණින් පර්යේෂණ හා සංවර්ධන අංශ සඳහා ආයෝජනය කිරීමත් එහි ප්රතිලාභ උපරිම කරගත හැකි සුදුසුම බවබෝග හඳුනාගැනීමත් අවශ්‍යයි.

ඇක්වාපොනික්ස් පර්යේෂණ කාමරයෙන් පිටත ප්‍රධාන ධාරාවට පැමිණිය යුතුයි (P6)
සාරාංශය
ඇක්වාපොනික්ස්, කෘෂිකාර්මික බෝග සඳහා අතිශයින් තිරසාර, අඩු බලශක්තියක් වැය වන විසඳුමක් ඉදිරිපත් කරන බව ඉතා පැහැදිලියි. එහි සහජීවී ස්වභාවය නිසා, සාම්ප්‍රදායික වගා ක්‍රමවලට වඩා පාරිසරික අතින් යහපත් විකල්පයක් සම්පාදනය කරමින් වඩා විශාල අස්වැන්නක් සපයනවා. එයට විශාල විභවයක් තිබුණත්, මේ තාක්ෂණය ශ්‍රී ලංකාව තුළ වර්ධනය කිරීමට මීට වඩා විශාල අවධානයක් යොමු කරන්න වෙනවා. කාබනික සහතිකපත්‍ර ලබාදීමේ යාවත්කාල කෙරුණු ක්‍රමයකුත් මෙය යොදාගැනීම ප්‍රවර්ධනය සඳහා අවශ්‍යයි. වෙනත් කෘෂිකාර්මික තාක්ෂණන් පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා කරුණාකර මෙතන ක්ලික් කරන්න.