access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

මාර්ග සංවර්ධන ව්‍යාපෘති සඳහා Geosysnthetic නිෂ්පාදන යොදා ගන්නා අයුරු

 

කඩවත-නිට්ටඹුව මර්ගයේ Geo composite යෙදීමෙන් අනතුරුව ගල් තාර යෙදීම (P1)

මෙම ලිපිය මෙම සබැඳියෙන් පිවිසිය හැකි Access Engineering බ්ලොග් අඩවියේ මුලින්ම පළ වූවකි.

හැඳින්වීම

යටිතල පහසුකම් සංවර්ධනය මගින් ජාතියක සංවර්ධන වේගය වෙත විශාල බලපෑමක් එල්ල වන නිසා ඕනෑම රටකට අතිශයින් වැදගත් උපායමාර්ගික පියවරක් වශයෙන් මාර්ග ජාල වැඩිදියුණු කිරීම සඳහන් කළ හැක. ගත වූ දශක දෙක පුරාවටම ශ‍්‍රී ලංකාවේ බිහි වූ රජයයන්ද මෙම අවශ්‍යතාව හඳුනාගැනීමෙහි ප‍්‍රතිඵලයක් වශයෙන් පැවැති මාර්ග පද්ධති රැසක් නවීකරණය කිරීමට හා අභිනව අධිවේගී මාර්ග ඉදිකිරීමට පියවර ගන්නා ලදි. මෙම කාරණා දෙක නිසාම රට පුරාම භාණ්ඩ ප‍්‍රවාහන කටයුතු සැලකිය යුතු තරමින් වැඩිදියුණු වී තිබේ. කෙසේ වෙතත්, රජය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මෙකී නවීකරණය කරන ලද මාර්ග පද්ධති වෙනුවෙන් සැලකිය යුතු ව්‍යාපෘති කාලයක් වැය කර ඇති නමුදු මෙකී බොහොමයක් මාර්ග ව්‍යාපෘති ආශ‍්‍ර සතුටට පත් විය නොහැකි තත්ත්ව හා අසාර්ථක තත්ත්වයන්ද දක්නට ලැබුණි. මාර්ග මතුපිට කඩතොලු වීම, කැබලි කැඩී යාම, මතුපිට ගල් තාර තට්ටුව කැඩීයාම, රැළි වැටීම සහ පාදමේ දෝෂ ආදිය මේ අතර වේ.

මෙවන් ගැටළු හඳුනාගත් වහාම ඒවා නිවැරදි කිරීම සඳහා ගත වන පිරිවැය අඩු කිරීමට නම් කඩිනමින් විසඳුම් යෙදිය යුතු වේ. ඇතැම් අවස්ථාවලදී එහි වගකීම කොන්ත‍්‍රාත්කරුටද, තවත් අවස්ථාවලදී මාර්ග සංවර්ධන අධිකාරිය වෙතද පැවරේ. බොහෝ විට ඊට මුල් වන හේතුව නිවැරදිව හඳුනා ගැනීමකින් තොරව අධික කාලයක් ගත වන, එමෙන්ම පිරිවැය අධික ගතානුගතික නිවැරදිකරණ පිළිවෙත් අනුගමනය කරන බවද දක්නට ලැබේ. කෙසේ වෙතත්, බොහෝ විදේශ රටවල නම් මාර්ග කොටස් ආශ‍්‍රිත ඉහත කී පූර්ව-පරිණති දෝෂ මතු වීම වැළැක්වීම සඳහා  geosysnthesis  ආදී සාර්ථක හා දියුණු ක‍්‍රමවේද අනුගමනය කරනු ලැබේ. මාර්ගයේ පාදම හා ගල් තාර තට්ටුව සවිමත් කිරීම උදෙසා geogrids නමැති වැරගැන්නුම් ජාල සහ බහු තට්ටු ක‍්‍රමවේදයක් වන geocomposites ආදී ක‍්‍රම සඵලදායී ලෙස යොදාගත හැකි වේ. මේ වන විට, ගුණාත්මකභාවයෙන් ඉහළ පස් (ඉහළ CBR ප‍්‍රතිශතයක් සහිත) සොයාගැනීමට ඇති හැකියාව අතිශයින් සීමිත වන අතර රජය විසින් බලාත්මක කර ඇති දැඩි පාරිසරික නීති හා රෙගුලාසි හේතුවෙන් දේශීය පරිසරය තුළ සලකා බැලීමට සිදු වන වැඩිදුර සීමාකම්ද පවතින බව නොරහසකි.

එකී සීමාවන්, සම්පත් ලබාගැනීමට ඇති අවහිරතා සහ ගත වන අධික කාලය හා පිරිවැය ආදී හේතූන් සමග ශ‍්‍රී ලංකාවේදී ඉදිකිරීම් කර්මාන්තය තුළ කටයුතු කිරීමේදී ඉහත කී geosysnthesis නම් තාක්‍ෂණය වෙත ඉහළ ආකර්ෂණයක් හිමිව ඇති අතර Access Engineering PLC සමාගම මෙම තාක්‍ෂණික ක‍්‍රමවේදය යොදා ගැනීමෙහි ප‍්‍රමුඛයෙකු බවට පත් තිබේ. පොදුවේ යොදා ගැනෙන මෙවැනි ක‍්‍රමවේද කිහිපයක ඉංග‍්‍රීසි නම් වශයෙන් geotextiles, geogrids, geo nets, geo membranes, geo synthesis clay liner, geo cells සහ geo composites ආදිය සඳහන් කළ හැක. මේ අතරින්ද මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලදී මාර්ග පාදම හා ගල් තාර තට්ටුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම උදෙසා පිළිවෙළින් geo grids සහ geo composites යන ක‍්‍රමවේද සාර්ථකව යොදාගත හැක.

මෙමගින් ඉදිකිරීම් කර්මාන්තයට ලබාගත හැකි ප‍්‍රධාන ප‍්‍රතිලාභ රැසක් අතරින් කිහිපයක් පහත දැක්වේ:

  • ඉඩ ඉතිරි වීම

  • කාලය ඉතිරි වීම

  • වියදම් ඉතිරිය

  • ඉහළ ඉදිකිරීම් තත්ත්ව පාලනයක් පවත්වා ගැනීමට හැකි වීම

  • තාක්‍ෂණික වශයෙන් ඉතා ඉහළ වීම

  • අවශ්‍ය අමුද්‍රව්‍ය පහසුවෙන් ලබා ගත හැකි වීම සහ තත්ත්ව පාලනය

  • පාරිසරික සංවේදීතාව

 

 

geogrids

Access Engineering PLC විසින් යෙදා ගන්නා Geo Composite සහ Geo Grids (P2)

ගල් තාර සහ පාදම් තට්ටු සඳහා යොදා ගැනීම

ගත වූ වසර හතර පුරාවට ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් සමාගම් විසින් විවිධ geosysnthesis නිෂ්පාදන හා ක‍්‍රමවේදයන් යොදා ගනිමින් පවතින නමුදු එකී ක‍්‍රමවේදය ගල් තාර තට්ටු වෙනුවෙන් සහ උප පාදම් පාංශු වෙනුවට ආදේශකයක් ලෙස යොදා ගැනීම පැවතියේ ඉතා අවම මට්ටමකය. මේ මාතෘකාව හා බැඳී ඇති තාක්‍ෂණික අධ්‍යයන පුළුල්ව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව Access Engineering PLC සිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලදී විශාල වශයෙන් ටැද geo composites නම් ක‍්‍රමවේදය යොදා ගැනීම සාර්ථක ලෙස ඉටු කිරීමට සමත්ව ඇත. මේ සඳහා නිසි අනුමැතීන් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතින් ලබා ගෙන ඇත.

ගල් තාර තට්ටු අතරට Geo composites යෙදීමෙහි ප‍්‍රතිලාභයක් ලෙස පූර්ව කාලීන පළුදුවීම් ඇති වීම නතර විය. බර වාහන මගින් මාර්ගය වෙතට එල්ල වන අමතර පීඩනය සාර්ථක ලෙස දරා ගැනීමේ හැකියාව Geo composites සතු වන අතර ගල් තාර තට්ටුවල ආයු කාලය වැඩි කිරීමට එය හේතු වේ. මේ වන විට විවිධ කොන්ත‍්‍රාත් සමාගම් විසින් ක‍්‍රියාත්මක කරනු ලැබෙන ව්‍යාපෘති රැසක් සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙහි අනුමැතිය යටතේ මෙම තාක්‍ෂණය යොදා ගැනෙන අතර විවිධ ශක්ති කාණ්ඩ කිහිපයක්ම පවතී. ඒ අතරින් අතිශයින් ජනප‍්‍රිය කාණ්ඩය වන්නේ 100 kN/m ශක්ති පන්තියයි.

හොඳ තත්ත්වයේ මාර්ග ඉදිකිරීම සඳහා අතිශයින්ම බලපාන සාධක දෙකක් වන ඉතා දැඩි පාරිසරික තත්ත්ව පැවතීම හා හොඳ තත්ත්වයේ පාදම් පස් නොමැති වීම නිසා Access Engineering PLC විසින් දැනට අනුගමනය කරනු ලබන ක‍්‍රමවේදයක් වන ටැද ටරසාි යෙදීම ඊට ඉතා සාර්ථක විසඳුමකි.

බේරේ වැව මාර්ග ව්‍යාපෘතිය නම් ව්‍යාපෘතියේදී මි. මී. 300 ක ඝනකමකින් යුතු වූ සම්පූර්ණ උප පාදම් තට්ටුව ඉවත් කොට ටැද ටරසා තට්ටු දෙකක් හඳුන්වා දෙන ලදි. මෙම ක‍්‍රමවේදය යොදා ගැනීම නිසා මුල් අදියරේ සැලසුම් කටයුතුද විශාල ලෙස වැඩිදියුණු වූ අතර ඊට ප‍්‍රධාන හේතුව වූයේ බස්නාහිර පළාතේ වෙරළබඩ තීරය යටින් පීට් පස් තට්ටුවක් තිබීමයි. එය යොදා ගැනීම නිසා ආසන්න වශයෙන් මාස එක හමාරකින් පමණ සැලකිය යුතු තරමින් කාලය ඉතිරි වීමක්ද සිදු විය.

සමස්ථයක් ලෙස ගත් විට geosysnthesis ක‍්‍රමවේදය යොදා ගැනීම හා එහි ප‍්‍රතිලාභ ප‍්‍රත්‍යක්‍ෂ වී ඇති අතර ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ප‍්‍රධාන සීමාවන් තුනක් වන කාලය, පිරිවැය හා තත්ත්වය යන සියල්ලටම එමගින් විසඳුම් ලැබේ. දින දින පාරිසරික තත්ත්ව දැඩි වීම හා ස්වභාවික අමුද්‍රව්‍ය හිඟය ඉහළ යාමත් සමගින් එවැනි නිෂ්පාදන සඳහා කර්මාන්තය තුළ ඇති ඉල්ලුම ඉහළ යනු ඇත.

   

References

පින්තූර:

P1. Access Engineering

P2. Access Engineering

Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.