කොටුවේ මාර්ග තදබදය (P1)
මාර්ග තදබදය
ඔබේ රැකියා ස්ථානයට යන්න එන්න ඔබට වැය වෙන්නේ මුදල් පමණක් නොවේ, කාලයත් වැය වෙනවා. ඒ නිසා වැඩ කරන තැන සළකා බලද්දී අපිට යන්න තියෙන දුර ගැනත් හිතන්න වෙනවා. කොළඹ නගරයට දවසකට වාහන 275,000 ක් පමණ ඇතුළු වෙනවා.(1) මේ නිසා විශේෂයෙන්ම පාසල් සහ කාර්යාල ඇරෙන වැහෙන වෙලාවට පාරවල් අවහිර වෙලා ගමනාගමනය ඉතාම අපහසු වෙනවා.
මේ ගමනාගමන අපහසුතාවය නිසා ඔබේ සේවකයින් අධෛර්යයට පත් වෙන්න පුළුවන්. ඔවුන් උනන්දු කරවන්න හොඳ පිළියමක් තමයි කාර්යාලයේ වැඩ පටන්ගන්න හා ඉවරකරන වේලාව පොඩ්ඩක් එහෙට මෙහෙට කරන එක. මෙහෙම කළාම සේවකයින්ට තදබද වේලාවේ ගමන් කරන්න වෙන එක අඩු කරන්න පුළුවන්. මේ නිසා සේවකයින්ට ආතතියකින් තොරව වැඩට එන්න පුළුවන්; විශේෂයෙන්ම නගරයෙන් බැහැර ගොඩක් දුර ඉඳන් එන අයට. මේ නිසා ඔබේ කාර්යාල ගොඩනැඟිල්ලේ අයිතිකරුගෙන් වායු සමීකරණ පහසුකම් වගේ පහසුකම් සම්මත කාර්යාල වේලාවෙන් පිටත භාවිතා කරන්න පුළුවන්ද කියන එක පොඩ්ඩක් අහලා තියාගත්තොත් හොඳයි.
දැල්වෙන විදුලි බුබුළු වලින් ගාල් කරන්න ඉඩ තියෙන්නේ කොතනද කියලා පෙන්වනවා. (P2)
වාහන ගාල් කිරීම
ඔබේ සේවකයින්ට වගේම ඔබේ ගනුදෙනුකරුවන්ටත් අවශ්‍ය ප්‍රමාණයට වාහන ගාල් කිරීමේ පහසුකම ලබා දීම වැදගත්. ගොඩක් කාර්යාලවල තියෙන්නේ එහි වැඩ කරන අයගේ වාහන සඳහා වෙන් කරපු සීමිත ඉඩ ප්‍රමාණයක් විතරයි. සාමාන්‍යයෙන් එක රථ ගාලක් වර්ග අඩි 1000 ක් විතර. නගරයේ ඇතුලෙන් ගාල් කිරීමේ ඉඩක් ගත්තොත් සාමාන්‍යයෙන් මාසයකට රුපියල් 10000 ක් වගේ වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා කාර්යාලයක් තෝරා ගැනීමේදී වාහන ගාල් කිරීමේ පහසුව තියෙන තැනක් බැලුවොත්, ඔබට මුදල් සහ වේලාව යන දෙකම ඉතිරි කරගන්න පුළුවන්.

lift එනකන් බලා සිටීම. (P3)
විදුලි සෝපානය
විදුලි සෝපානය එනකන් නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්න වෙන එක අපි හැමෝටම වෙලා තියෙන දෙයක්. ගොඩක් වෙලාවට මේක වෙන්නේ අපි පමා වෙලා එන විට. ගොඩනැගිල්ලේ විදුලි සෝපානත් ප්‍රමාණවත් තරම් නැහැ. ඉතින් අපි නියපොතු හප හපා ලිෆ්ට් එක එනකන් බලාන ඉන්නවා. කාර්යාලයක් තෝරා ගන්නවා නම් එතැන අයිතිකරුගෙන් විදුල් සෝපානවල RTT එක අහලා දැනගන්න. RTT එහෙම නැත්නම් Round Trip Time කියන්නේ; විදුලි සෝපානවල වේගය, විදුලි සෝපාන ආවරණය කරන තට්ටු ගණන, විදුලි සෝපානයේ ධාරිතාවය හා ගොඩනැගිල්ලේ වැඩ කරන පිරිස වගේ කාරණා ගණන් හදලා හොයා ගන්න අගයක්. මේකෙන් විදුලි සෝපනය එනකන් බලන් ඉඳලා කොච්චර මිනිත්තු ගණනක් වැය කරනවාද කියලා ඔබට හොයා ගන්න පුළුවන්.