දැක්ම සහ අභියෝගයන් අවබෝධ කරගන්න (P2)
ව්‍යාපෘතියක ජීවන චක්‍රය සහ අභියෝගයන්
1) පූර්ව නිර්මාණ අවධිය
නිර්මාණකරුට ව්‍යාපෘතිය හඳුන්වාදීම හා අවශ්‍යතාවය පැහැදිලි කිරීම සිදු වෙන්නේ මේ අවධියේදීයි. මෙහිදී, පින්තූර සමඟ ගොඩනැගිලි හිමිකරුගේ අවශ්‍යතාවය, නිර්මාණකරුට විස්තර කර දෙනවා. ඉන් පස්සේ, නිර්මාණකරු ගොඩනැගිලි හිමියාගේ ඒ දැක්ම, mood board එකක ප්‍රතිනිර්මාණය කරනවා. Pre-design එක කියන්නෙත් මේකටම තමා. මේක හරහා, ගොඩනැගිලි හිමියාට ඒ ඒ නිර්මාණ අංග අදාළ තැන්වලට එක් වෙන්නේ කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.
මේ pre-design එක සවිස්තරාත්මක වෙන තරමට, ගොඩනැගිල්ලේ හිමිකරුට වඩාත් හොඳීන් ඔහුගේ අවශ්‍යතාවය ඉටු වෙන ආකාරය, අවබෝධ කරගන්න පුළුවන්.
2) නිර්මාණ අවධිය
Pre-design එක අනුමත වුණාට පස්සේ, නිර්මාණකරු අවසන් සැලැස්ම සකස් කරන්න පටන් ගන්නවා. මේ අවධියේදී, ව්‍යාපෘතියේ විශාලත්වය අනුව මිකැනිකල්, ඉලෙක්ට්‍රිකල් සහ ජලනල ශිල්පය වැනි විෂයන් සම්බන්ධ උපදේශකයින් වැඩේට දායක වෙනවා. හොඳ නිර්මාණ සැලසුමක ,යොදා ගන්නා ද්‍රව්‍ය සහ නිමාව පිළිබඳව සියළු තොරතුරු හා දත්ත ඇතුළත් විය යුතුයි.
3) ටෙන්ඩර් කැඳවීමේ අවධිය
මේ අවධියේදී, ගොඩනැගිල්ලේ හිමිකරු විසින් ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවනවා. කොන්ත්‍රාත්කරුවන් විසින්, තමන්ට ලැබෙන තොරතුරු මත පදනම්ව, ව්‍යාපෘතියට වියදම් ඇස්තමේන්තුවක් සහ කාල සටහනක් ඉදිරිපත් කරනවා. ගොඩනැගිලි හිමිකරු විසින් ඉදිරිපත් කරන තොරතුරු ප්‍රමාණවත් නොවේ නම්, මේ වියදම් ඇස්තමේන්තු වෙනස් වෙන්න විශාල ඉඩක් තියෙනවා.
4) වැඩබිමේ කටයුතු ආරම්භය
මේ අවධියේදී තෝරාගත් කොන්ත්‍රාත්කරු, ඉදිකිරීම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ හා සේවකයින් වැඩබිමට ලබා ගන්නවා. සාමාන්‍යයෙන් විශාල ව්‍යාපෘතිවලදී නම්, ගොඩනැගිලි හිමිකරුවන් මේ සියල්ල හරියාකාරව සිදුවෙන බවට වගබලා ගන්න, ව්‍යාපෘති කළමනාකරුවෙකුගේ සේවය ලබා ගන්නවා. නමුත්, ව්‍යාපෘතියේ යම් යම් කොටස් පිළිබඳව හරි තීරණයක් අරන් නොමැති නම්, ව්‍යාපෘති කළමනාකරුට හෝ කොන්ත්‍රාත්කරුට වැඩේ හරියට කරන්න තියෙන ඉඩ ඇහිරෙන බව අපි මෙහිදී මතක තියා ගත යුතු වැදගත්ම කාරණයක්. ඔබට එම අවස්ථාවේදී (on site) මුහුණ දීමට සිදුවන අභියෝග සහ ඒවා ජයගැනීමට යොදාගත හැකි පිළියම් පිළිබඳව වැඩි විස්තර දැනගැනීම සඳහා මෙතනට පිවිසෙන්න.
හොඳ සැලැස්මක් සාර්ථක ව්‍යාපෘතියක මූලික හේතුව වේ (P3)
මේ අභියෝගයන් ජයගන්නේ කෙසේද?
1) සන්නිවේදනය
වැඩේ හරියට කෙරෙන්න නම්, සන්නිවේදනය ඉතාම වැදගත්. තිබෙන ඉඩ ප්‍රමාණයේ හැටියට තෝරාගත් නිර්මාණයේ සීමාවන්, ගොඩනැගිලි හිමිකරු හරියට අවබෝධ කරගත යුතුයි. මේ සීමාවන් පැහැදිලි වෙන්න නම්, අදාළ උපදේශකයින් සමඟ සැළසුම ඉතා කුඩා දත්ත පවා ආවරණය කරමින් සවිස්තරාතාමකව සාකච්ඡා කිරීම අවශ්‍යයි.
2) සවිස්තරාත්මක සැලසුම
සැලසුම් කිරීමේ අවධියේදී සියළුම වැඩ කටයුතු හරියාකාරව අවබෝධ කරගෙන සවිස්තරාත්මකව සැලසුම් කළ යුතුයි. සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නත්, අහඹු ලෙස ඇති විය හැකි ගැටළුකාරී අවස්ථාවන් අවම කරගන්නත් මේ සවිස්තරාත්මක සැළසුම්කරණය ඉතා වැදගත්. ඒ වගේම, ව්‍යාපෘතියේ වැදගත් අවස්ථාවන් හඳුනාගැනීමටත්, සම්පත් වෙන් කිරීමටත්, මුදල් අවශ්‍යතාවයන් හඳුනාගැනීමටත් මේ සැලසුම්කරණය ඉතා වැදගත්.
ගොඩනැගිල්ලේ හිමිකරු, ගැලපෙන හොඳම විසඳුම තෝරා ගැනීමට සාමාන්‍යයෙන් කාලයක් ගන්නා නිසා, ගොඩනැගිල්ලේ නිමාව හා අලංකරණය සම්බන්ධයෙන් කාලය ගත වීම සාමාන්‍ය තත්ත්වයක්. ආරම්භයේදීම මේ ගැන පැහැදිලි අදහසක් ඇතිව වැඩ පටන් ගැනීම, මේ ප්‍රමාදය වළක්වා ගැනීමට හොඳ විදියක්.
3) කාලය කළමනාකරණය
කාලය කළමනාකරණයෙන් මෙතනදී අදහස් කෙරෙන්නේ, එක් එක් කාර්යයට බලපාන සාධක සලකා බලා, ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ගතවන කාලය නිර්ණය කිරීමයි. හිර වෙන්න පුළුවන් තැන් කලින්ම හඳුනාගැනීමට මේක ඉතාම වැදගත්. මේ ගැන විශේෂඥත්වයක් දක්වන ව්‍යාපෘති සාමාජිකයින්ට, සැලසුම්ගත ඉලක්කයන් හරි වේලාවට සපුරා ගන්නත්, බජට් එක් ඇතුලේ වැඩ කරලා ලාභය තියා ගන්නත් පුළුවන්.
සැලසුම්කරණය නිවැරදි වෙන තරමට මේ ඉලක්ක සපුරා ගැනීම පහසු වෙනවා.
බොහෝ පාර්ශව සම්බන්ධ වෙන, අභ්‍යන්තර නිර්මාණකරණය වැනි කටයුතු වලදී සම්බන්ධීකරණය හරියට පවත්වා ගෙන යමින්, ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට නිසි සැලසුම්කරණය ඉතා වැදගත්. අත්දැකීම් ඇති, හොඳ නමක් දිනා ඇති ව්‍යාපෘති කළමනාකරුවෙක්ගේ සේවය විශාල වාසියක්.