access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් යනු කුමක්ද?

BSc in Human Nutrition. PhD in Nutrition and Microbiology.

Writer: Dr. Ruairi Robertson, PhD

BSc in Human Nutrition. PhD in Nutrition and Microbiology.

 

ඔබේ සිරුරේ ශෛල සියල්ලේම එකතුවටත් වැඩියෙන් බැක්ටීරියා පවතිනවා (P1)

**වෛද්‍ය රුවයිරි රොබර්ට්සන් විසින් ලියන ලද මෙම ලිපිය 2017 ජූලි 27 වැනි දින “What is the Gut Microbiome?” යන මැයින් Healthline හි පළවූවක්. අපගේ බ්ලොග් අඩවිය කියවන ඔබගේ පහසුව වෙනුවෙන් එය කොටස් දෙකක් වශයෙන් පළ කිරීමට අප සිතුවා. මෙහි මුල් ලිපිය මෙම සබැඳියෙන් කියවන්නට පුළුවන්. මේ පළමු ලිපිය මගින් අප විමසා බලන්නේ ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් (gut microbiome) ගැනයි.**

ඔබේ සිරුර ට්‍රිලියන ගණනක් බැක්ටීරියා, වයිරස සහ දිලීරවලින් පිරිලා තිබෙන්නක්. ඒවා පොදුවේ හැඳින්වෙන්නේ මයික්‍රෝබයෝම (microbiome) නොහොත් ක්ෂුද්‍ර ජීවීන්

ලෙසයි. සමහර බැක්ටීරියා විවිධ ලෙඩරෝගවලට හේතු වුණත් තවත් සමහර ඒවා ඇත්තෙන්ම ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, හෘදය වස්තු, සිරුරේ බර සහ තවත් සෞඛ්‍යමය පැති සඳහා උපකාරී වෙනවා.

ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් නොහොත් gut microbiome ගැනත්, ඔබේ සෞඛ්‍යයට ඒවායෙහි වැදගත්කම ගැනත් පැහැදිලි කිරීමක් මෙම ලිපිය මගින් සිදු කෙරෙනවා.

 
 
instestines

බැක්ටීරියා බොහොමයක් තිබෙන්නේ මහාන්ත්‍රය තුළයි (P2)

මයික්‍රෝබයෝම නොහොත් ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් (gut microbiome) යනු කුමක්ද 

බැක්ටීරියා, වයිරස්, දිලීර සහ වෙනත් ක්ෂුද්‍ර මට්ටමේ ජීවීන් විශේෂ සාමාන්‍යයෙන් ක්ෂුද්‍ර ජීවීන් නොහොත් මයික්‍රෝබ ලෙස හැඳින්වෙනවා. ප්‍රධාන වශයෙන්ම ඔබේ අන්ත්‍ර හෙවත් බඩවැල් තුළ සහ සම මත මෙවන් මයික්‍රෝබික ජීවීන් ට්‍රිලියන ගණනක් වාසය කරන බව සොයාගෙන තිබෙනවා.

මිනිස් සිරුරේ අන්ත්‍ර තුළ දිවි ගෙවන ක්ෂුද්‍ර ජීවීන්ගෙන් වැඩි ප්‍රමාණයක් හමු වන්නේ මහා අන්ත්‍රය තුළ ඇති සීකම් (cecum) නමින් හැඳින්වෙන "පොකට්ටුවක්" ඇතුළේ. ආන්ත්‍රක ක්ෂුද්‍ර ජීවීන් ලෙස හැඳින්වෙන්නේ මෙවැනි මයික්‍රෝබික ජීවී විශේෂයන්.

සිරුර තුළ විවිධ වර්ගවල ක්ෂුද්‍ර ජීවීන් රැසක් සිටියත්, වැඩියෙන්ම අධ්‍යයන සිදු කෙරී ඇත්තේ බැක්ටීරියා ගැනයි.

ඇත්තෙන්ම ඔබේ සිරුරේ මිනිස් සෛලවලට වඩා බැක්ටීරියා සෛල වැඩියි. ඔබේ සිරුර තුළ දළ වශයෙන් බැක්ටීරියා සෛල ට්‍රිලියන 40 ක් තිබෙන අතර මිනිස් සෛල තියෙන්නේ ට්‍රිලියන 30 ක් පමණ ප්‍රමාණයක්. මෙයින් අදහස් වන්නේ ඔබ මිනිස් වන තරමට වඩා 'බැක්ටීරියාත්මක' වන බවයි. (1, 2)

මිනිස් සිරුර තුළ ආන්ත්‍රක ක්ෂුද්‍ර ජීවීන් අතර බැක්ටීරියා විශේෂ 1,000 ක් පමණ දිවි ගෙවනවා. ඒ සෑම විශේෂයක්ම ඔබේ සිරුර තුළ එකිනෙකට වෙනස් කාර්යයන්ට දායක වෙනවා. ඇතැම් බැක්ටීරියා විශේෂ විවිධ ලෙඩරෝග ඇති කිරීමට දායක වුණත් වැඩි වශයෙන්ම බැක්ටීරියා විශේෂ ඔබේ සෞඛ්‍යයට අතිශයින් වැදගත් බව සොයාගෙන තිබෙනවා.(3)

සමස්ථයක් ලෙස ගත් විට මෙම ක්ෂුද්‍ර ජීවීන් රාත්තල් 2-5 (කිලෝ ග්‍රෑම් 1-2) ක් තරම් බර විය හැකි අතර ආසන්න වශයෙන් එය ඔබේ මොළයේ බරට සමාන වෙනවා. ඔවුන් එක්ව ඔබේ සිරුර තුළ අතිරේක අවයවයක් හැටියටත් ක්‍රියාත්මක වෙමින් සෞඛ්‍යය සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.

 
 
good bacteria

මැනවින් ක්‍රියාත්මක වීම සඳහා අපේ සිරුර හොඳ බැක්ටීරියා විශේෂ මත රඳා පවතිනවා(P3)

ක්ෂුද්‍ර ජීවීන් ඔබේ සිරුරට බලපාන්නේ කෙසේද?

ක්ෂුද්‍ර ජීවීන් සමග ජීවත් වීම සඳහා මිනිසා වසර මිලියන ගණනක් තිස්සේ පරිණාමය වී තිබෙනවා. මේ දීර්ඝ කාලයේ ඇවෑමෙන් මිනිස් සිරුර තුළ වැදගත් කාර්යයන් ඉටු කිරීමට හැකි පරිදි ක්ෂුද්‍ර ජීවීන් හැඩගැසී තිබෙනවා. ඇත්තෙන්ම, ආන්ත්‍රක ක්ෂුද්‍ර ජීවීන්ගෙන් තොරව ජීවත් වීම නම් හිතළුවක් බඳු දෙයක්.

ඔබ ඉපදුණු මොහොතේ පටන්ම ආන්ත්‍රක ක්ෂුද්‍ර ජීවීන් ඔබේ සිරුරේ ක්‍රියාකාරීත්වයට බලපාන්නට පටන්ගන්නවා. පළමු වරට ක්ෂ්‍රදු ජීවීන් වෙත නිරාවරණය වීම සිදු වන්නේ ඔබේ උපතේදී මවගේ උත්පත්ති මාර්ගය හරහා පිටතට පැමිණීම සිදු වන විටයි. කෙසේ වුවත්, බිළිඳුන් ගර්භාෂය තුළ සිටියදීම පවා ඇතැම් ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය විය හැකි බවටත් අලුත් සාක්ෂි තියෙනවා. (4, 5, 6)

ඔබ කෙමෙන් කෙමෙන් වර්ධනය වත්ම ආන්ත්‍රක ක්ෂුද්‍ර ජීවීන් විවිධ ලෙස බෙදී යාම ඇරඹෙන අතර මින් අදහස් වන්නේ විවිධ වර්ගවල ක්ෂුද්‍ර ජීවී විශේෂ ආන්ත්‍රක පද්ධතිය තුළ රැඳී සිටීම ඇරඹෙන බවයි. ඉහළ ක්ෂුද්‍ර ජීව විවිධත්වයක් තිබීම ඔබේ සෞඛ්‍යයට යහපත් දෙයක් හැටියට සැලකෙනවා.(7)

තවත් දැනගත යුතු කදිම කරුණක් වන්නේ, ඔබ අනුභව කරන ආහාර ඔබේ ආන්ත්‍රක බැක්ටීරියා විවිධත්වයට බලපාන බවයි. 

eating food

ඔබ සිතනවාටත් වඩා ඔබ ගන්නා ආහාර ඔබ කෙරෙහි බලපානවා (P4)

ඔබ තුළ ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වර්ධනය වන විට එය ඔබේ සිරුරට ආකාර ගණනාවකින් බලපානවා. ඒ අතර පහත කාරණා වැදගත්:

  • මව්කිරි ජීර්ණය වීම සඳහා: බිළිඳුන්ගේ අන්ත්‍ර තුළ මුලින්ම වර්ධනය වන ඇතැම් බැක්ටීරියාවන් හැඳින්වෙන්නේ බිෆිඩෝබැක්ටීරියා (Bifidobacteria) යනුවෙනුයි. ඔවුන් මව් කිරෙහි අඩංගු වන, සිරුරේ වර්ධනය සඳහා වැදගත් සීනි වර්ග ජීර්ණය කිරීමට උපකාර වෙනවා. (5, 6, 7)

  • තන්තු නොහොත් ෆයිබර් ජීර්ණය වීම සඳහා: අන්ත්‍රවල මනා සෞඛ්‍යයට වැදගත් වන කෙටි දාම මේද අම්ල නිපදවමින් සමහර බැක්ටීරියා විශේෂ ආහාරවල අඩංගු තන්තු ජීර්ණය කිරීමට උපකාරී වෙනවා. සිරුරේ බර වැඩි වීම, දියවැඩියාව, හෘද රෝග හා පිළිකා අවදානම වළක්වා ගැනීම සඳහා මෙම තන්තු මගින් සහාය ලැබෙනවා. (11, 12, 13, 14, 15, 16)

  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය පාලනයකින් යුතුව පවත්වා ගැනීම සඳහා: ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වන ආකාරයත් පාලනය කරනවා. ප්‍රතිශක්තිකාරක සෛල (immune cells) සමග සන්නිවේදනය කිරීම මගින්, ඔබේ සිරුර ආසාදනවලට ප්‍රතික්‍රියා දක්වන ආකාරය පාලනය කරන්නට ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන්ට පුළුවන්. (17)

  • මොළයේ සෞඛ්‍යය පාලනය කිරීම සඳහා: නවතම පර්යේෂණ මගින් හැඟවෙන පරිදි ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන්ට මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය පාලනය කරන මධ්‍යම ස්නායු පද්ධතිය වෙතද බලපෑම් ඇති කරන්න පුළුවන්. (17)

මේ අනුව බලන විට පෙනී යන්නේ ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් මිනිස් සිරුරේ ප්‍රධාන ශාරීරික කාර්යයන්ට බලපාමින් ඔබේ සෞඛ්‍යමත්භාවය වෙත බලපාන්නටත් හැකි ආකාර ගණනාවක්ම ඇති බවයි. ආන්ත්‍රික ක්ෂුද්‍ර ජීවීන් ඔබේ සිරුරට බලපාන අන්දම ගැන තවත් තොරතුරු අපගේ බ්ලොග් අඩවියෙහි පළ වන ඉදිරි ලිපි මගින් දැනගැනීමට ඔබට පුළුවන්.

 

   
Related Articles

References

මූලාශ්‍ර:

  1. Sender, R., Fuchs, S. and Milo, R. (2016). Revised Estimates for the Number of Human and Bacteria Cells in the Body. PLOS Biology, 14(8), p.e1002533.

  2. Qin, J., Li, R., Raes, J., Arumugam, M., Burgdorf, K., Manichanh, C., Nielsen, T., Pons, N., Levenez, F., Yamada, T., Mende, D., Li, J., Xu, J., Li, S., Li, D., Cao, J., Wang, B., Liang, H., Zheng, H., Xie, Y., Tap, J., Lepage, P., Bertalan, M., Batto, J., Hansen, T., Le Paslier, D., Linneberg, A., Nielsen, H., Pelletier, E., Renault, P., Sicheritz-Ponten, T., Turner, K., Zhu, H., Yu, C., Li, S., Jian, M., Zhou, Y., Li, Y., Zhang, X., Li, S., Qin, N., Yang, H., Wang, J., Brunak, S., Doré, J., Guarner, F., Kristiansen, K., Pedersen, O., Parkhill, J., Weissenbach, J., Bork, P., Ehrlich, S. and Wang, J. (2010). A human gut microbial gene catalogue established by metagenomic sequencing. Nature, 464(7285), pp.59-65.

  3. The Integrative Human Microbiome Project: Dynamic Analysis of Microbiome-Host Omics Profiles during Periods of Human Health and Disease. (2014). Cell Host & Microbe, 16(3), pp.276-289.

  4. Bäckhed, F., Roswall, J., Peng, Y., Feng, Q., Jia, H., Kovatcheva-Datchary, P., Li, Y., Xia, Y., Xie, H., Zhong, H., Khan, M., Zhang, J., Li, J., Xiao, L., Al-Aama, J., Zhang, D., Lee, Y., Kotowska, D., Colding, C., Tremaroli, V., Yin, Y., Bergman, S., Xu, X., Madsen, L., Kristiansen, K., Dahlgren, J. and Wang, J. (2015). Dynamics and Stabilization of the Human Gut Microbiome during the First Year of Life. Cell Host & Microbe, 17(6), p.852.

  5. Hill, C., Lynch, D., Murphy, K., Ulaszewska, M., Jeffery, I., O’Shea, C., Watkins, C., Dempsey, E., Mattivi, F., Tuohy, K., Ross, R., Ryan, C., O’Toole, P. and Stanton, C. (2017). Erratum to: Evolution of gut microbiota composition from birth to 24 weeks in the INFANTMET Cohort. Microbiome, 5(1).

  6. Aagaard, K., Ma, J., Antony, K., Ganu, R., Petrosino, J. and Versalovic, J. (2014). The Placenta Harbors a Unique Microbiome. Science Translational Medicine, 6(237), pp.237ra65-237ra65.

  7. Koenig, J., Spor, A., Scalfone, N., Fricker, A., Stombaugh, J., Knight, R., Angenent, L. and Ley, R. (2010). Succession of microbial consortia in the developing infant gut microbiome. Proceedings of the National Academy of Sciences, 108(Supplement_1), pp.4578-4585.

  8. Arboleya, S., Watkins, C., Stanton, C. and Ross, R. (2016). Gut Bifidobacteria Populations in Human Health and Aging. Frontiers in Microbiology, 7.

  9. Turroni, F., Peano, C., Pass, D., Foroni, E., Severgnini, M., Claesson, M., Kerr, C., Hourihane, J., Murray, D., Fuligni, F., Gueimonde, M., Margolles, A., De Bellis, G., O’Toole, P., van Sinderen, D., Marchesi, J. and Ventura, M. (2012). Diversity of Bifidobacteria within the Infant Gut Microbiota. PLoS ONE, 7(5), p.e36957.

  10. Turroni, F., Peano, C., Pass, D., Foroni, E., Severgnini, M., Claesson, M., Kerr, C., Hourihane, J., Murray, D., Fuligni, F., Gueimonde, M., Margolles, A., De Bellis, G., O’Toole, P., van Sinderen, D., Marchesi, J. and Ventura, M. (2012). Diversity of Bifidobacteria within the Infant Gut Microbiota. PLoS ONE, 7(5), p.e36957.

  11. Marcobal, A. and Sonnenburg, J. (2012). Human milk oligosaccharide consumption by intestinal microbiota. Clinical Microbiology and Infection, 18, pp.12-15.

  12. Slavin, J. (2013). Fiber and Prebiotics: Mechanisms and Health Benefits. Nutrients, 5(4), pp.1417-1435.

  13. Sonnenburg, E., Smits, S., Tikhonov, M., Higginbottom, S., Wingreen, N. and Sonnenburg, J. (2016). Diet-induced extinctions in the gut microbiota compound over generations. Nature, 529(7585), pp.212-215.

  14. Ríos-Covián, D., Ruas-Madiedo, P., Margolles, A., Gueimonde, M., de los Reyes-Gavilán, C. and Salazar, N. (2016). Intestinal Short Chain Fatty Acids and their Link with Diet and Human Health. Frontiers in Microbiology, 7.

  15. Dietary fibre and incidence of type 2 diabetes in eight European countries: the EPIC-InterAct Study and a meta-analysis of prospective studies. (2015). Diabetologia, 58(7), pp.1394-1408.

  16. Brown, L., Rosner, B., Willett, W. and Sacks, F. (1999). Cholesterol-lowering effects of dietary fiber: a meta-analysis. The American Journal of Clinical Nutrition, 69(1), pp.30-42.

  17. Rooks, M. and Garrett, W. (2016). Gut microbiota, metabolites and host immunity. Nature Reviews Immunology, 16(6), pp.341-352.

පින්තූර:

P1. Source Unknown

P2. Source Unknown

P3. Source Unknown

P4. http://maxpixel.freegreatpicture.com/Food-Dinner-Meal-Curry-Sri-Lanka-Bowls-2424541

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.