****මෙම ලිපිය UPS’ Longitudes හි මුල්වරට පළ වූ ලිපියකි.****
“නව්‍යකරණය”, අද ව්‍යාපාර ලෝකයේ වැඩිපුරම ඇහෙන වචනයක්. හැබැයි, කවුරු හරි මේ වචනයේ තේරුම පැහැදිලි කරනවා ඔබ අහලා තියෙනවාද? UPS සමාගමේ යුරෝපා කලාපය සඳහා විකිණුම් උප සභාපති, ක්‍රෙග් ආර්නල්ඩ් කියන ආකාරයට, “සාර්ථකව නව්‍යකරණය වෙන සමාගම් සහ එතනදී අසාර්ථක වෙන සමාගම් අතර ඇති වෙනස සරලයි. අපේක්ෂාව සහ අපේක්ෂාවන් සාර්ථකව ක්‍රියාවට නැංවීම අතර ඇති වෙනස තමා මේ සරල වෙනස. හැම කෙනෙක්ටම නව්‍යකරණය වෙන්න පුළුවන්. හැබැයි නව්‍යකරණය වීමේ අපේක්ෂාව, නැතිනම් සිහිනය විතරක් තිබිලා මදි.”
“මගේ තිස් වසරක වෘත්තීය ජීවිතය තුළ මම සමාගම් බොහොමයකට ඔවුන්ගේ සැපයුම් දාමයන් නැවත ගොඩනැංවීමට සහ සේවාවන් වර්ධනය කිරීමට උපකාර කර තියෙනවා. මේ උත්සාහයේ ප්‍රතිඵල මම අත්දැක තිබෙනවා. නමුත්, නව්‍යකරණයට එනවිට, අපේක්ෂාව සහ අපේක්ෂාව ක්‍රියාවට නැංවීම අතර විශාල පරතරයක් මම දකිනවා. ඒ ඇයි?”
“බොහෝ සමාගම් තමන්ගේ නිෂ්පාදන නිර්මාණය කිරීමට සහ දියත් කිරීමට බොහෝ වෙහෙස වෙන ආකාරය අපි දකිනවා. නමුත්, ඔවුන් නව්‍යකරණය ඔවුන්ගේ ව්‍යාපාර ආකෘතියට සාර්ථකව සම්බන්ධ කරගන්නේ නැහැ. මේ නිසා බොහෝ ව්‍යාපාරවලට අගනා අවස්ථා මඟහැරෙන ආකාරයක් දකින්න පුළුවන්.”
මේ තත්ත්වය මඟහරවා ගෙන, නව්‍යකරණය ව්‍යාපාර වර්ධනයත් එක්ක සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රම 3 ක් අපි සාකච්ඡා කරමු.

නව්‍යකරණයට මූලයන් ගොඩක් තියෙන්න පුළුවන්. (P2) රූපයේ අයිතිය: පෝල් ෆෝමන්
නව්‍යකරණය වචනයෙන් ඔබ අදහස් කරන දෙය ගැන පැහැදිලි අදහසක් ගන්න
සමහර අය දකින විදියට, නව්‍යකරණය කියන්නේ තරඟකාරීත්වය පවත්වා ගැනීමට, කරන දෙය උපරිම හොඳීන් කිරීම. තවත් සමහර අය නව්‍යකරණයෙන් අදහස් කරන්නේ, කරන්න බැහැ කියලා සම්මත දෙයක් කොහොම හරි කරන එක.
හැබැයි, එක් දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. නව්‍යකරණය පිළිබඳව ඔබේ ව්‍යාපාරය ඇතුළේ හැම කෙනාටම එකම අදහසක් තියෙන එක ඉතාම වැදගත්. මේක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. නමුත්, ඔබේ අරමුණ ගැන හැමෝටම පොදු අවබෝධයක් තිබුණේ නැතිනම්, ඇත්තටම ඔබ කොයි තරම් දුරට නව්‍යකරණය වෙනවාද කියන එක සහ නව්‍යකරණය වීමේ ප්‍රයෝජනයක් තියෙනවාද කියන එක තේරුම් ගන්න අමාරු වෙනවා.
ඔබේ ව්‍යාපාරයේ සෑම කොටස්කරුවෙක්ම හවුල් කරගෙන, නව්‍යකරණය, ව්‍යාපාරයේ දීර්ඝකාලීන සැළැස්මට එකතු කරගන්න පැකිළෙන්න එපා. නව්‍යකරණය විය යුතු දිශාව තේරුම් ගත්තොත්, ඔබට නව තත්ත්වයන්ට අනුගත වීමටත් නව අවස්ථාවන් වලින් ප්‍රයෝජන ගන්නටත් පුළුවන්.
නව්‍යකරණය කිව්වහම ඔබේ ගණුදෙණුකරුවන්ට තේරුම් යන්නෙ මොකක්ද? (P3)
පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් පමණක් නොවෙයි ඔවුන්ගේ දැනුමත් හඳුනාගන්න
ඔබට, කල නොහැකි දෙය යතාර්ථයක් කරන්න හැකි වෙන්න පුළුවන්. ඒත්, ඔබේ පාරිභෝගිකයාට අවශ්‍ය එය නොවේ නම්? ඔබේ නව්‍යකරණය, පාරිභෝගිකයාගේ පසුබිම, ඉතිහාසය, ජීවත් වෙන ප්‍රදේශය වැනි කරුණු කාරණා එක්ක සැසඳෙනවාද? ඔබේ නිෂ්පාදනය හෝ සේවාව, ඕනෑවට වඩා නව්‍යකරණය වීම නිසා පාරිභෝගිකයින්ට ප්‍රශ්න ඇති වෙනවාද? (උදාහරණයක් විදියට පද්ධතියේ ඇතිවන ගැටළු)
මේ කරුණු ගැන නිසි අවධානයක් යොමු නොකිරීමේ ප්‍රතිඵල අහිතකර වෙන්න පුළුවන්. නව්‍යකරණය, හිතූ මනාපෙට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පාරිභෝගිකයින්ට ඇහුම්කන් දෙන්න. ඔවුන්ට කියන්න තියෙන දෙය ඔබ කිසි දවසක නොහිතුව දෙයක් වෙන්න පුළුවන්. ඔවුන් සමහරවිට ඔබේ නිෂ්පාදනය ගැන ඔබ නොදන්නා දේ පවා දන්නවා විය හැකියි.
අවසන් වශයෙන් කියනවා නම්, ඔබේ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවයන් හරියටම හඳුනාගැනීම, දෙපාර්ශවයටම යහපත් ප්රතිලාභ ගෙන දෙන සාර්ථක ව්‍යාපාරයක් ගෙනයාමට හේතු වෙනවා.
බඳවාගැනීමට සුදුස්සන්ව තෝqරාගන්න (P4)
අලූත් දක්ෂයින් එකතු කරගන්න
ක්‍රමවත් නව්‍යකරණයකට නිවැරදි මිනිස්සු එකතු කරගන්න එක අවශ්‍යයි. නීති රීතිවලට අනුව, ධූරාවලිය, සම්ප්රදාය, අධ්‍යාපන සුදුසුකම් සහ විශේෂඥ දැනුම වගේ කරුණු මත පදනම් වෙලා සේවයට බඳවා ගත්ත කාලය දැන් අවසන්. වර්තමානයේ තියෙන්නේ සහසම්බන්ධීය විවෘත සේවාස්ථානයන්. නව්‍යකරණය වීමට නම් වෙනස් ක්රමයන් අත්හදා බැලීම අත්‍යවශ්‍යයි.
මේ සහශ්‍රයේ උපන් යොවුන් පරපුර, එහෙම නැතිනම් මිලේනියල්ස්ලා අපිට වැදගත් වෙන්නේ මෙතනදී. මේ යොවුන් පරපුර වැඩි දිනක් යන්න කලින් ගෝලීය ශ්‍රම බලකායේ බහුතරය වෙන බව මතක තියාගන්න.
මේ අලූත් පරපුර තාක්ෂණයට නැඹුරුයි. ඔවුන් නිර්මාණශීලීයි. ඒ වගේම නම්‍යශීලීයි. මේ අලූත් පරපුර කැමති තමන්ට ස්වාධීනව, සම්මතයට අභියෝග කරමින් වැඩකරන්න පුළුවන් තැන්වලට. ඔවුන් අත්හදා බැලීමට සහ නිර්මාණය කිරීමට කැමතියි.
මේකේ වැදගත්කම කිසිවිටක අවතක්සේරු කරන්න එපා. අලූතින් සේවයට බඳවා ගනිද්දී ඉගෙන ගන්න පුළුවන් දක්ෂතාවයන් සළකා බලනවාට වඩා, ඇඟෙන්ම එන දක්ෂතාවයන් ගැන වැඩියෙන් සළකා බලන්න. අලූත් පරපුර සේවයට බඳවා ගෙන, ඔවුන්ට වැඩ කරන්න අවශ්‍ය නිදහස ලබා දුන්නු ව්‍යාපාර, එහෙම නොකළ ව්‍යාපාරවලට වඩා සාර්ථක බව ඔප්පු කරලා තියෙනවා.
නව්‍යකරණය, ව්‍යාපාරයේ දියුණුවට අත්‍යවශ්‍ය සාධකයක්. වෙළෙඳපොළ තරඟකාරීත්වයට ඉදිරියෙන් ඉන්න, නව්‍යකරණය අවශ්‍යමයි. මේ කරුණු ගැන අවධානය යොමු කර, නව්‍යකරණය ව්‍යාපාරය තුළට කාවැද්දීම නව්‍යකරණය තුළින් සාර්ථක වීමට හොඳම ක්‍රමයයි.
මෙහි සඳහන් සියළුම කරුණු ලියුම්කරුගේ අදහස් වේ.