වැඩබිමක සාමාන්‍යයෙන් වැඩ සිද්ධ වෙන්නේ හෙමින් (P1)
ඉදිකිරීම් ව්‍යාපෘතියක් නියමිත වේලාවට අවසන් කරගන්න නම්, වැඩ ටික හරියට වේලාවට කරන්න කොන්ත්‍රාත්කරුවාට ඇති හැකියාව ඉතාම වැදගත්. ගොඩනැගිල්ලේ හිමිකරු විදියට ඔබේ දැක්ම සහ අවශ්‍යතාවය කොන්ත්‍රාත්කරු හරියටම අවබෝධ කරගෙන ඇති බවට තහවුරු කරගන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඕනෑම කොන්ත්‍රාත්කරුවෙක්, එකම වෙලාවක කළමනාකරණය කරන්න බැරි තරම් ව්‍යපෘති ගණනාවක් බාර ගන්න එක, අපේ රටේ ඉදිකිරීමේ ක්ෂේත්රයේ සාමාන්‍ය දෙයක්. මේ අයට, තමන්ගේ සම්පත් හැමතැනම විසුරුවා හරින්න වෙන නිසා එක් ව්‍යාපෘතියකට සෑහෙන තරම් සම්පත් යෙදවෙන්නේ නැති වෙන්න පුළුවන්. වැඩේලස්සනට ඉවර කරලා දෙන්නේ කොන්ත්‍රාත් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා හරි සාමාන්‍යාධිකාරීතුමා හරි නෙවෙයි, වැඩබිමේ ඉන්න සේවකයින්. මේ නිසා කොන්ත්‍රාත්කරු වැඩේට අවශ්‍ය සේවකයින් සහ උපකරණ, අවශ්‍ය වේලාවට හා අවශ්‍ය ප්‍රමාණයට සපයනවාද කියන එක තහවුරු කරගැනීම ඉතා වැදගත්. ඒ වගේම, ව්‍යාපෘති කළමානාකරණයේදී ප්‍රධාන කරුණු 3 විදියට සැළකෙන ගුණාත්මකබව, පිරිවැය සහ කාලය යන කාරණා 3 ගැන අවධානය යොමු කරන්න.
වැඩබිමෙන් පිටත වැඩපොළක කෙරෙන වැඩ, පිළිවෙලයි (P2)
අනිත් බොහෝ රටවල, ගොඩනැගිල්ලේ විශේෂ කොටස්, වැඩබිමෙන් පිට ඒ සඳහා විශේෂිත වූ වැඩපොළක නිම කරනවා. එතැන අවශ්‍ය උපකරණ සහ පහසුකම් තියෙන නිසා වැඩේ පිළිවෙලයි. නමුත්, මෙහේ අපිට ඒ වගේ වැඩපොලවල් නැහැ. මේ නිසා ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ වැඩබිමේමයි. ඒකේ ප්‍රතිඵලයක් විදියට බොහෝ වැරදි සහ ප්‍රමාදයන් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම, කම්හලක් ඇතුළේ වගේ ලස්සනට නිමාව ගන්න බැරි නිසා අවුල් ඇති වෙන්න පුළුවන්. බොහෝ කොන්ත්‍රාත්කරුවන්, සේවකයින් උප කොන්ත්‍රාත් ක්‍රමයට ලබාගන්න නිසා වැඩේට අවශ්‍ය කරන දක්ෂ සේවකයින් ලබාගැනීමට නොහැකි වී යනවා. ව්‍යාපෘතියක අවසානය ප්‍රමාද වීමට මේ හේතුව ලොකුවටම බලපානවා.
වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සුදුසුකම් ඇති සිවිල්, මිකැනිකල්, ඉලෙක්ටි්රකල් සහ ජලනල ශිල්පීන් හොයා ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා කොන්ත්‍රාත්කරුවන්, වැඩබිමේ ඉන්න සේවකයින් හරියාකාරව පුහුණු කිරීම සහ ඔවුන් සේවයේ රඳවා ගැනීම ඉතා වැදගත්. මේක කොන්ත්‍රාත්කරුවන්ගේ වගේම කර්මාන්තයේ දියුණුවටත් ඉතා හොඳ පියවරක්.