බොහෝ සමාගම් සමාජ සත්කාර ව්‍යාපෘති සඳහා ඉදිරිපත් වන්නේ ඒ සඳහා අවශ්‍යතාවක් ඇති විටක ඊට ප්‍රතිචාරයක් වශයෙනි. කෙසේ නමුත් අප කලින් ලිපියේදීත් සාකච්ඡා කළ ආකාරයට ආයතනික සමාජ සත්කාර ව්‍යාපෘතිවල සැබෑ අරමුණ විය යුත්තේ සමාගම් ඒවා ක්‍රියාත්මක වන ප්රජාවන්ගේ දියුණුවට කටයුතු කිරීමයි. සිය පාරිසරික පියසටහන අඩු කිරීම හා තමන් සම්බන්ධ වන ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට වඩා සෘජුව දායක වීම යන දෙයාකාරයෙන්ම මෙය සිදු කළ හැකිය. සමාගමේ සේවකයින්ද මේ අභියෝගයන්ට මුහුණ දීමට දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කිරීම ඒ නිසා වැදගත්ය.
මේ එවන් පරිසරයක් නිර්මාණය කිරීමට සමාගමකට ගත හැකි පියවර 4 ක්.
සාධනීය බලපෑමක් ඇති කළ හැකි තිරසාර ව්‍යාපෘතිවලට අරමුදල් වෙන් කිරීම (P2)
එක් එක් ව්‍යාපෘතියෙන් සමාජ සත්කාර කටයුතු සඳහා මුදලක් වෙන් කිරීම
සමීක්ෂණවලින් හෙළි(1) වන ආකාරයට ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව රුපියල් බිලියන 4 ක මුදලක් ආයතනික සමාජ වගකීම් වෙනුවෙන් විවිධ ආකාරයට යෙදවෙනවා. කෙසේවෙතත් සමාගමකට ප්‍රජා සත්කාර මෙහෙයුම් සඳහා අරමුදල් වෙන් කරගැනීම සැම විටම අභියෝගයක්.
ඒ නිසා සමාජ සත්කාර කටයුතුවලට අරමුදල් වෙන් කිරීම පිළිබඳව සමාගමකට පැහැදිලි ප්‍රතිපත්තියක් තිබීම වැදගත්. මේ සඳහා එක් ක්‍රමයක් වන්නේ සමාගම විසින් සිදු කරන එක් එක් ව්‍යාපෘතියෙන් යම් මුදලක් සමාජ සත්කාර කටයුතු වෙනුවෙන් වෙන් කිරීමයි. මේ නිසා සමාජ සත්කාර කටයුතුවලට අඛණ්ඩව මුදල් යොදවමින් ව්‍යාපෘතිය තිරසාරව පවත්වාගෙන යාමට හැකියාව ලැබෙනවා.
ආයතනික සමාජ වගකීම් (CSR) ගැන කෑම පැයේ දි කතා කරමු (P3)
සමාජ වගකීම් ගැන ස්වාධීනව හිතන සේවකයින්
ශ්‍රී ලංකාවේ බොහෝ සමාගම්වල ආයතනික සමාජ සත්කාර සඳහා වෙනම අංශයක් නැහැ. ඒ නිසා ආයතනයක් තුළ සමාජ සත්කාර ව්‍යාපෘති සම්බන්ධීකරණයේදී විවිධ දුෂ්කරතා මතු වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. අතිරේක විදයමක දරමින් වෙනම සමාජ සත්කාර අංශයක් පවත්වාගෙන යාම සෑම සමාගමකටම ප්‍රායෝගික දෙයක් නෙවෙයි. සමාගම වගේම සාමාන්‍ය ජනතාව මුහුණ දෙන අභියෝග ගැන ස්වාධීනව විචාරාත්මකව හිතලා ඒ අදහස් අනිත් අයත් එක්ක බෙදා ගන්න සංස්කෘතියක් සේවකයින් අතර නිර්මාණය කිරීම වැදගත් වෙන්නේ ඒ නිසයි.
මේ ක්‍රමය හරහා සේවකයින්ගේ විශ්ලේෂණාත්මක සහ විචාරාත්මක චින්තන හැකියාව පුළුල් වෙනවා. ඒ වගේම මේක සේවක සංවර්ධන වැඩටසහන් සහ ආයතනික සමාජ සත්කාර එකට එකතු කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්.
පැතලි ධුරාවලි ව්‍යුහයන් ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති වඩා
කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට උදව් වෙයි (P4)
ව්‍යාපෘති අනුමත කිරීමේදී සංකීර්ණ ධූරාවලි මඟහැරීම
හදිසි අවස්ථාවකදී ඉක්මනට හා කාර්යක්ෂමව ප්‍රතිචාර දක්වන්න නම් සමාගමේ ධූරාවලිය සංකීර්ණ එකක් නොවීම වැදගත්. එතකොට ව්‍යාපෘතිවලට ඉක්මනින් අනුමැතිය ලබාගැනීම පහසු වෙනවා. සමාගම ඉක්මනින් ප්‍රතිචාර දක්වන විට සමාගම පිළිබඳ ජනතාවගේ ප්‍රසාදයත් ඉහළ යනවා. සමාගමේ ධුරාවලිය සංකීර්ණ නොවීමේ වාසිය සමාජ සත්කාර කටයුතු පමණක් නොවෙයි වෙළඳපොල තුළ ඇතිවන හදිසි අවස්ථාවලදී ඉක්මන් පියවර ගැනීම වගේ පැතිවලින් පවා වැදගත්.
සමාජ සත්කාර කටයුතු වෙනත් ආයතනික කටයුතු සමග සම්බන්ධ කිරීම (P5)
සමාජ සත්කාර කටයුතු සාමාන්‍ය ව්‍යාපාර කටයුතු සමඟ සම්බන්ධ කිරීම
සමාගමක් තනි තනි සමාජ සත්කාර ව්‍යාපෘති කිරීමෙන් ඔබ්බට ගොස් ආයතනික සමාජ වගකීම් ව්‍යාපාර මෙහෙයුමට බද්ධ කරගැනීම ඉතාම වැදගත්. ව්‍යාපාර මෙහෙයුම්වලින් පරිසරයට සිදුවන බලපෑම අවම කරගැනීමට කටයුතු කිරීම තමන් ක්‍රියාත්මක වෙන ප්‍රජාවන් ඉහළ නැංවීම සමාගමේ වගකීම්. මේක කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමා සේවකයින්ට තමන්ගේ විවිධ දක්ෂතාවන් භාවිත කරලා ගැටලුවලට විසඳුම් සෙවීමට දිරිමත් කිරීම.
බොහෝ සමාගම් ප්‍රජාවගේ සුබසාධනයට දායක වෙන්නේ රැකියා අවස්ථා උත්පාදනය තුළින්. ඒත් සමාගමක සැබෑ සමාජ වගකීම ඉටු වෙන්නේ ප්‍රජාවගේ අවශ්‍යතාවයන්ට විසඳුම් ලබාදීම සඳහා අඛණ්ඩවම තමන්ගේ ව්‍යාපාර මෙහෙයුම් වර්ධනය කිරීමෙන් පමණයි.