දෘෂ්‍යකරණයේ වර්ධනයන් ශල්‍යකර්ම වල විකාශනය සම්බන්ධයෙන් ප්රමුඛ භූමිකාවක් ඉටුකරයි. (P1)
ශ්‍රී ලංකාවේ එන්ඩොස්කොපි සහ බහුලව සිදුවන එන්ඩොස්කොපික සැත්කම් ක්‍රියාවලි යන අපේ ලිපිවල අවධාරණය කෙරී ඇති පරිදි සාමාන්‍ය සැත්කම්, නාරිවේදය, කණ - නාසය - උගුර (ENT) හා විකලාංග චිකිත්සාව පිළිබඳ ක්ෂේත්රවල බොහෝ සැත්කම් ක්‍රියාපටිපාටි සිදු කෙරෙන්නේ එන්ඩොස්කොපි මාර්ගයෙන්. වෛද්‍ය විද්‍යා විෂය දැනුමෙහි ප්රයත්නයෙහි දී හෘදඋරස් (cardiothoracic) හා ස්නායු සැත්කම් (neurosurgery) සඳහාත් එන්ඩොස්කොපි යොදාගැනෙනවා. මේ ක්ෂේත්රවල එන්ඩොස්කොපි සැත්කම් සඳහා අතිරේක උපකරණ අවශ්‍ය වෙතත් වෛද්‍ය විද්‍යාවේ පෙරමුණෙහි දී අවම මැදිහත්වීම් සහිත සැත්කම් රෝගීන්ට ලබා දීම සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ට ඉඩ සලසනවා.
හෘද කපාට සැත්කම සඳහා විවෘත හා අවම මැදිහත් වීම සහිත (P2)
අවම මැදිහත් වීම සහිත හෘදඋරස් සැත්කම
උරස යනු පොදුවේ 'පපුව' ලෙස හැඳින්වෙන, ගෙල සහ උදරය අතර කලාපයයි. එය තුළ, ඉළඇට, උරස්ථිය හා කශේරුකාව මගින් බඳිනු ලැබ ඇති ඇති කුහරයක් තුළ පෙණහලු හා හෘදයවස්තුව තිබෙනවා. මේ කලාපයට ප්‍රවේශය ලබාගැනීම සඳහා සිදු කෙරෙන සාම්ප්‍රදායික සැත්කමක් වන්නේ තෝරැකොටමි (thoracotomy) සැත්කමයි. මෙහි දී ඉළඇට හා ප්‍රධාන පපු මාංශ පේශීන් වෙන් කිරීමක් සිදුවෙනවා. ඉළඇටවලට හානි සිදු වීමේ අවදානම, දීර්ඝ කලක් වේදනාව පැවතීම හා සුව වීමට කල්ගත වීම මෙහි සහ වෙනත් විවෘත සැත්කම්ක්රියාවලිවල අවාසි අතර තිබෙනවා.(1)
කෙසේ වෙතත්, අවම මැදිහත්වීම් සහිත සැත්කම්වලදී කැපුම අඟල් ½ ක් පමණ වන අතර මාංශපේශි හා ඉළඇට වෙන් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් ලෙස විවෘත සැත්කම් සමග සසඳන විට මෙය අඩු රුධිර වහනයක්, ඉක්මන් සුවයක් හා අඩු වේදනාවක් සහිත ක්‍රමයක්.
හෘදඋරස් සැත්කම් ප්‍රධාන වර්ග 2ක් තිබෙනවා.
වීඩියෝ සහාය ඇතිව සිදු කෙරෙන තෝරැකොස්කොපි (Video assisted thoracoscopy - VATS)
පෙණහලු, ප්ලූරාව හා ප්රාචීරයෙහි රෝග නිර්ණය සඳහා ජීවවේක්ෂා (biopsies) සහ පටක නියැදි ලබාගැනීම සඳහා ශල්‍ය වෛද්‍යවරු VATS යොදාගන්නවා. වඩාත් මෑතක පටන්, තාක්ෂණයේ වත්මන් වර්ධනයත් සමග එය පෙණහලු පිළිකා සහිත රෝගීන්ගේ පෙණහලු ප්රතිඡේදනයේ දී සැත්කම් කාර්යයන් සිදු කිරීමට ද යොදාගැනෙනවා.(2)
අවම මැදිහත් වීමකින් කෙරෙන හෘද සැත්කම
අවම මැදිහත් වීම් සහිත සැත්කම්වල, ඊටත් වඩා මෑත වර්ධනයක් තමයි කිරීටක බයිපාස් (coronary bypass) සැත්කම. කෙසේ වුණත්, එය සිදු කෙරෙන්නේ ධමනි දෙකකට වඩා අඩුවෙන් අවහිර වී ඇති විට පමණයි. එසේම, මේ ක්‍රමය සාපේක්ෂව අලුත් නිසාත්, තාක්ෂණිකව අභියෝගාත්මක නිසාත්, 10%ක පමණ අවස්ථාවල එය සාම්ප්‍රදායික විවෘත සැත්කමක් බවට පරිවර්තනය කෙරෙනවා. (3)
හෘද කපාට සැත්කම සඳහා විවෘත හා අවම මැදිහත් වීම සහිත සැත්කම්
ක්‍රමවේද (P3)
එන්ඩොස්කොපික ස්නායු සැත්කම
මොළයේත් සුෂුම්නාවේත් රෝගවලට කෙරෙන ප්‍රතිකාර, ස්නායු සැත්කම් අතරට ඇතුළත්. මෙහි දී වෛද්‍යවරුන්ට ක්ෂුද්‍ර කැමරාවක් භාවිත කොට කුඩා කැපුමක් හරහා, හානියට පත් විය හැකි ව්‍යුහයන් දැකගන්න පුළුවන් වෙනවා. රූප විශාලනය කළ හැකි කැමරා, ශල්‍ය වෛද්‍යවරුන්ට සැත්කම සිදු වන ප්‍රදේශයෙහි වඩා පැහැදිලි දර්ශනයක් ලබාදෙනවා. මේ නිසා, හිස් කබලෙහි විශාල කොටස් කැපීම හා මොළයේ පටල විච්ඡේදනය සඳහා අවශ්‍යතාව නැති වෙනවා.
විශේෂයෙන් මොළය හා සුෂුම්නාව සම්බන්ධ සැත්කම්වලදී, කුඩාම අත්වැරදීමක් පවා විශාල ආබාධිත තත්වයන් ඇති කළ හැකි නිසා මෙය වාසිසහගත දෙයක්. ඒ වගේම එයින් වේගවත් සැත්කමක්, අඩු පශ්චාත් ශල්‍ය සංකූලතා, කැළැල් හා සුවපත්වීමේ කාලයක් ලැබෙනවා.
මේ එන්ඩොස්කෝප්, මොළයේ දැකගත යුතු වන කොටස අනුව, එක්කෝ කුඩා කැපුමක් මගින් හිස් කබල හරහා යවනවා (අන්තඃකපාල සැත්කම - intracranial surgery) නැත්නම් නාස් මාර්ගය ඔස්සේ යවනවා (නාසික එන්ඩොස්කොපික සැත්කම). මොළය සම්බන්ධ එන්ඩොස්කොපික කාර්යයට ජීවවේක්ෂා (biopsies) ලබාගැනීම සහ කෝෂ්ඨ හා අර්බුද (tumours) ප්රතිඡේදනය ද ඇතුළත්.
කශේරුක රෝගවලදී, කශේරුවේ ඇති කුඩා විවර ඔස්සේ එන්ඩොස්කෝප් ස්ථානගත කෙරෙනවා. දැනට, ඔස්ටියෝපොරෝසිස් සහිත පුද්ගලයින් අතර සුලභ කශේරුකා බිම්බය පෙරළීම (prolapsed intervertebral disc/ slipped disc) සහ සම්පීඩක බිඳීම (compression fractures) සඳහා පුළුල් වශයෙන් එන්ඩොස්කොපි මගින් ප්‍රතිකාර ලබා දෙනවා.(4)