විශාල ගොඩනැගිල්ලක වායුසමීකරණ සහ වාතාශ්‍රය පවත්වාගැනීමේ පද්ධතියේ සැකැස්ම (P1)
වායුසමීකරණය (ශීතකරණය - chiller) සම්බන්ධ අලුත් ම වර්ධනයන් නිසා, වානිජ ගොඩනැගිලිවලට තමන්ගේ වායුසමීකරණය සම්බන්ධ මූලික වියදම් 40% කින් විතර අඩුකරගැනීමට අවස්ථාව සැලසිලා තියෙනවා. ඒත්, මෙම විෂය ක්ෂේත්රයේ තාක්ෂණික ස්වභාවය සහ ඉපැයුම් මැනබැලීමට නිෂ්පාදන ක්ෂේත්රයේ මිනුම්දඬු අඩුබව නිසා, බොහෝ සමාගම් තමන්ගේ වඩාත් පැරණි වායුසමීකරණ පද්ධති වැඩිදියුණු කිරීමට මැලි වෙනවා.
මෙම ලිපියෙන් අප මින් පළමු ගැටලුව සාකච්ඡා කරමින්, වායුසමීකරණ පද්ධතියක් වැඩකරන්නේ කෙසේ ද කියා විස්තර කර, මෙම තාක්ෂණයන් සන්ධර්භගත කරන්නට උත්සාහ ගන්නවා.
වායුසමීකරණ (ශීතකරණ) පද්ධතියක් යනු කුමක් ද?
වායුසමීකරණ පද්ධතියක් කියන්නේ, ගොඩනැගිල්ලක් ඇතුළෙ ඉඳල, පිටත වායුගෝලයට තාපය මුදාහරින මධ්‍යගත ශිතකරණ පද්ධතියක්. මෙහි ඇති බොහෝ වානිජ වායුසමීකරණ, මෙසේ මුදාහරින අවස්ථාවේදී තාපය අරගෙන යන්න, පාවිච්චි කරන්නේ ජලයයි.
එම පද්ධතිය ගොඩනැගිල්ල තුළ ඇති තාපය උරාගෙන, එය පිටත වායුගෝලයට මුදාහරිනවා. (P1)
ඔබේ වායුසමීකරණය වැඩ කරන්නේ කෙසේ ද?
ගොඩනැගිල්ල තුළ ඇති තාපය, වාතය හැසිරවීමේ ඒකකය (Air Handling Unit - AHU) මඟින් ගොඩනැගිල්ල පුරා සංසරණය වන ජලයට උරාගැනෙන්නේ ආපහු වාෂ්පීකාරකයට (evaporator) පොම්ප කිරීමට පෙරයි. මෙතැනදී, ශීතකාරකය (refrigerant), ජලයේ ඇති තාපය උරාගන්නවා. ඉන්පසු ශීතකාරකය කන්ඩෙන්සරයට යවා, තවත් ජලකඳකට තාපය මුදාහැරෙනවා. මෙම පද්ධතිය සිසිලන කුලුනකට (cooling tower) යොමු වී, ඒ මාර්ගයෙන් ගෙනයන තාපය වායුගෝලයට මුදාහැරෙනවා.
මේවායින් වැඩිදියුණු කරන්න අවශ්‍ය උපාංග හඳුනාගන්න, වායුසමීකරණයක මූලිකාංග වගේම ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන දැනගැනීම අත්‍යවශ්‍ය කරුණක්. අවශ්‍ය උපාංග වැඩිදියුණු කිරීම සහ ඒවා ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියකට (BMS) සම්බන්ධ කිරීම, එම පද්ධතිය නඩත්තුකිරීමටත් උදව්වක් වෙනවා.
මුලු පද්ධතියම එක නඩත්තු ඉංජිනේරුවෙක්ට අධීක්ෂණය කළ හැකියි. (P2)
අධීක්ෂණය සහ නඩත්තුවඔබේ වායුසමීකරණය ගොඩ
නැගිලි කළමනාකරණ පද්ධතියකට (BMS) සම්බන්ධ කිරීමෙන්, පද්ධතියේ වෙනස් වියහැකි ප්‍රධාන අංග අධීක්ෂණය කිරීමට පහසු සන්ධර්භයක් සැලසෙනවා. මෙමඟින් අදාල අවස්ථාවේ එම ස්ථානයේ සිට ම (real time) කටයුතු කරන තනි නඩත්තු ඉංජිනේරුවෙක්ට මුළු පද්ධතිය ම අධීක්ෂණය කරමින්, එහි ක්‍රියාකාරිත්වයට බළපෑම් එල්ල වීමට පෙර, අදාල ප්‍රශ්ණ හඳුනාගත හැකියි.