ජලය පිරිසිදු කරන අසමසම ක්‍රම ස්වභාවධර්මය සතුයි (P1)
මේ වන විට අපට ජලය ලබාගැනීමට හැකි ලේසිම ආකාරය බෝතල් කළ ජලය හැටියටයි. ඒත් ඒවායේ ප්ලාස්ටික් ඇසුරුම් නිසා එය තිරසාර ලෙස බොහෝ විට සැලකෙන්නේ නැහැ.
ඇසුරුම් ගැන කාරණය පොඩ්ඩක් පැත්තක තිබ්බොත්, ක්ලෝරීන් (Cl2) හා වෙනත් රසායන ද්‍රව්‍ය පාවිච්චිකර ජලය පිරිසිදු කිරීම සාමාන්‍ය විධියක්. දැනට මේ කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින ව්‍යාපාර කීපයක් භාවිතා කරන, එසේ ස්වභාවධර්මය අනුකරණය කරන පිරිසිදු කිරීමේ ක්‍රමවේද කීපයක්, අප පහත විස්තර කරමු. එ් ඔක්කොටම ඉස්සෙල්ලා, මුලින් ම බලමු, පානීය ජලය සඳහා ඇති අවශ්‍යතා මොනවාද?
සනීපාරක්ෂාව සඳහා පිරිසිදු පානීය ජලය අත්‍යවශ්‍යය (P2)
පානීය ජලයේ ලක්ෂණ
- සෞඛ්‍යසම්පන්න පී.එච්. (pH) අගය (ක්ෂාරීය ජලයේ හැර වෙනත් අවස්ථාවල උදාසීනයි.)
- හොඳ ඛනිජ
- අඩු අපිරිසිදුකාරක:
- කර්මාන්තශාලා අපද්‍රව්‍ය වල ඇති බැර ලෝහ (heavy metals)
- කෘෂිකාර්මික ක්‍රියාකාරකම් වලින් ලැබෙන පලිබෝධනාශක
- අචලතාපී (warm blooded) සතුන්ගේ මල අපද්‍රව්‍ය වල ඇති කොලිෆෝම් (Coliform) සහ ඊ.කොලි (E.coli) බැක්ටීරියා (1)
- අඩු හෝ ඍණාත්මක, ඔක්සිකරණය අඩුකිරීමේ හැකියාව [Oxidation Reduction potential (ORP)]
- මෙමගින් මුක්ත ඛණ්ඩක (free radicals) නිර්මාණය කරමින්, ජලය මඟින් ඔබේ සිරුරේ අණු වලින් ඉලෙක්ට්‍රෝන අයින් කිරීම වැලැක්වෙනවා. (2)
වැලි සහ පස් භෞතික ෆිල්ටරයක් ලෙස ක්‍රියාකරමින් ජලයේ ඇති අපද්‍රව්‍ය හිර කර ගනී. (P3)
වැලි මඟින් වේගයෙන් පෙරීමේ (ෆිල්ටර) ක්‍රියාවලිය (Rapid sand filtering)
වැලි මඟින් වේගයෙන් පෙරීමේ ක්‍රියාවලියේදී ඝන වැලි සහ ගල් කොටස් සහිත අංශු කුට්ටියක් හරහා, අධි පීඩනයකින් ජලය ගමන් කරවයි. ජලය මෙවැනි කුට්ටියක් හරහා ගමන් කිරීමේදී එහි ඇති භෞතික අපද්‍රව්‍ය මේ ෆිල්ටරය ඇතුළේ හිර වෙයි. මෙය හුදු තාක්ෂණික ෆිල්ටර ක්‍රමයක් නිසා, එය හා වෙනත් තාක්ෂනික ක්‍රම පාවිච්චි කිරීමෙන් වතුරේ තිබිය හැකි රසායන හා ජෛවී අපද්‍රව්‍ය ඉවත් කිරීමට එය භාවිතා කෙරේ.
දියඇල්ලකදී ජලය සමඟ වාතය එකතු වී [එහි ඇති] ඔක්සිජන් මඟින් අපද්‍රව්‍ය ඉවත් කෙරේ. (P4)
වාතනය/ වාතය වැද්දීම (Aeration)
දියඇල්ලක ජලය ගලාහැලෙන ආකාරය අනුකරණය කිරීම වාතන උපකරණයක ක්‍රියාවයි. කුඩා සිදුරු (නොසල) තුළින් අර්ධ ගෝලාකාර අවකාශයකට ජලය උඩු අතට විදීමෙන්, ජලය වාතය සමඟ මිශ්‍රකිරීම එමඟින් සිදුවේ. මෙම ක්‍රියාවලිය එතරම් විශේෂබවක් නොපෙනුනත්, ජලයේ තත්වය සහ රස සම්බන්ධයෙන් එයින් පැහැදිලි බලපෑමක් ඇත. මෙමඟින් මූලික කටයුතු 3ක් සිදුවේ:
1. කාබන් ඉවත් කිරීම (decarbonation) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් තුළින් කාබන් ඩයොක්සයිඩ් (CO2) ඉවත් කරයි.
2. ඔක්සිකරණය (oxidation) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් මඟින් යකඩ සහ මැන්ගනීස් සංයෝග ඔක්සිකරණය කරයි.
3. නග්න කිරීම (stripping) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් තුළින් දිරාපත්වන කාබනික ද්‍රව්‍යවල සාමාන්‍යයෙන් අඩංගුවන ඇමෝනියා (NH3) සහ හයිඩ්රජන් සල්ෆයිඩ් (H2S) ප්‍රමාණය අඩුකරයි.
මෙම ක්‍රියාවලි ජලයේ පී.එච්. අගය උදාසීන කර එහි ඔක්සිජන් අඩුකිරීමේ ශක්‍යතාව (ORP) අඩුකරයි. මෙමඟින් එහි තිබියහැකි අපද්‍රව්‍ය බිඳ හෙළීමක් සිදුකෙරේ. ලෝහමය හා රසායනික අපද්‍රව්‍ය ඉවත්කිරීමෙන් රස වැඩිදියුණු වේ.
ඉරුඑළියේ ඇති UV කිරණ ජලයේ ක්ෂුද්‍රජීවීන්ගේ DNA විකරණයකර ඒවා අක්‍රිය කරයි. (P5)
පාරජම්බූල-C කිරණ (Ultraviolet-C Rays)
දිවා ආලෝකය යටතේ ජලය ස්වභාවිකව පහතට ගලායාම අනුකරණය කිරීමට කාර්මික පාරජම්බූල [Ultra Violet (UV)] බල්බ භාවිතා කෙරේ. UV ආලෝකය, රෝගකාරක ලෙසත් හැඳින්වෙන, ජලයේ ඇති ක්ෂුද්රජීවීන් පසාරු කරමින්, එම ජීවින්ගේ DNA මඟින් උරාගනී. රෝගකාරක වලට ප්‍රජනනය කිරීමට නොහැකි වන අාකාරයට DNA විකරණය කෙරෙන නිසා ඒවා මැරී ගොස් ආසාදනයක් ඇති කළ නොහැකි බවට පත් වේ. මෙසේ DNA විකරණය කිරීම, නිෂ්ක්‍රිය කිරීම (inactivation) ලෙස හැඳින්වේ. රසායනික විෂබීජනාශනය (chemical disinfection) මෙන් නොව, මෙහිදී එයට විරුද්ධව ප්‍රතිශක්තියක් වර්ධනය කරගැනීමට ක්ෂුද්රජීවීන්ට හැකියාව ලැබෙන්නේ නැත. (3)