access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

හරි තැන ආයෝජනය කිරීම මහල් නිවාසයක් මිල දී ගන්නා විට ඔබ ආයෝජනය කළ යුතු දේවල් 3 ක්

 

තලවතුගොඩ දැනට ඉදිකෙරෙමින් පවතින මහල් නිවාසයක සංකල්පය (P1)

තෝරාගන්න දේවල් වැඩිද?

පසුගිය දශක 2 තිස්සේ ශ්‍රී ලංකාවේ කොන්ඩොමිනියම් මහල් නිවාස (condominium) වෙළඳපොල ඉහළ-මධ්‍යම හා මධ්‍යම පන්ති වෙනුවෙනුත් ප්‍රසාරණය වී තිබෙනවා. නගරයේ කේන්ද්‍රීය ප්‍රදේශවල ඉහළ ඉඩම් මිල නිසා අලුත් ව්‍යාපෘතිවලින් බහුතරය දැකගත හැක්කේ රාජගිරිය, බත්තරමුල්ල, නාවල, නුගේගොඩ හා දෙහිවල වැනි, අවට පිහිටි ප්‍රදේශවලයි.

මේ වෙද්දී කොන්ඩොමිනියම් 150ක් පමණ ඉදිකෙරෙමින් හෝ අනුමැතිය අපේක්ෂාවෙන් තියෙනවා. 2020 වන විට අලුත් නිවාස ඒකක 20,000දැවැන්ත සංඛ්‍යාවක් වෙළඳපොලට ඇතුළු වීමට නියමිතයි.(1)නගරය තුළ ස්ථිර නිවාස හොයන අයට මෙය හොඳ පුවතක් වන අතරම, හරි මහල් නිවාසය තෝරාගන්නේ කෙසේද යන්න දැනගැනීම, අන් කවර දාටත් වඩා වැදගත් වෙනවා. මෙය රඳා පවතින්නේ නිවැරදි “ස්ථානයේ” ආයෝජනය කිරීම මත. ඔබට පහත දැකගන්න ලැබෙන විදිහට, එය හුදෙක් එම ස්ථානයේ ලිපිනයට සීමා වෙන්නෙ නෑ.

 

 
Furniture in the living room

සුදුසු අභ්‍යන්තර සැලසුම් මගින් මහල් නිවාසයක් ගෙදරක් බවට පත්කරන්න පුළුවන් (P2)

1. ස්ථානය: ඔබේ මහල් නිවාසය

ඔබේ මහල් නිවාසය මොන වගේ වෙන්න ඕනද කියලා හිතන්න. සමහර සලකාබැලීම් මේ වගේ වෙන්න පුළුවන්: ප්‍රමාණවත් ස්වාභාවික ආලෝකය ලැබෙන පරිදි එය සැලසුම් කර තිබෙනවාද? ඔබේ කසල කළමනාකරණය සඳහා හොඳ ක්‍රමයක් එහි තියෙනවද? එයට රෝද පුටුවකින් ප්‍රවේශ වෙන්න පුළුවන්ද?

යොදාගෙන ඇති නිමහම්වල (finishings) ගුණාත්මක බව හා මහල් නිවාසයේ පහසුකම් කළමනාකරණය කිරීමට කළමනාකරණ කමිටුව සමත් වේවිද යන්නත් සොයාබැලීම අත්‍යවශ්‍යයි. බොහෝ මහල්නිවාස වැසියන්ගේ මැසිවිලිවලට හේතු වෙන්නේ අකාර්යක්ෂම කළමනාකරණ කමිටු හා පහසුකම් නඩත්තු කිරීමේ දුර්වලතාවයි. ඒ නිසා හොඳම දේ වෙන්නේ, අවශ්‍ය පියවර හා මාර්ගෝපදේශ සම්පාදනය කර තිබේද යන්න ඉදිකිරීම් ආයතනයෙන් විමසා දැනගැනීමයි.

 

 
townships in colombo

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගර  (P3)

2. ස්ථානය: ලිපිනය

හරි තැන ආයෝජනය කරන්න කියලා අපි කියද්දී ඔබ මුලින්ම හිතුවේ මේ ගැන වෙන්න පුළුවන්. ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නය තමයි ඔබට වඩාත් පහසු ස්ථානය මොකක්ද කියන එක. “ළඟපාත තැනක්”  පැයක ගමනක් බවට පෙරළන්න හැකියාව තියෙන කොළඹ වාහන තදබදය සලකාබලද්දී, මේක අභියෝගාත්මක ප්‍රශ්නයක්. සුපිරි වෙළඳසැල්වල සිට ආපනශාලා දක්වාත්, රෝහල්වල සිට පාසැල් දක්වාත්, අත්‍යවශ්‍ය සේවාවන්ට තිබෙන සමීප බව අනුව, හොඳ ස්ථානයක් ගැන නිගමනය කරන්න පුළුවන්.

 

 
A road under construction

ප්‍රදේශයක සංවර්ධනයට හොඳ මංමාවත් අත්‍යවශ්‍යයි (P4)

3. ස්ථානය: නාගරිකය

ඒ වගේම ඔබ ජීවත් වීමට සැලසුම් කරන ප්‍රදේශය, නගරයේත් එහි උපනාගරික ප්‍රදේශවලත් ව්‍යාප්තිය සමග සම්බන්ධ වෙන ආකාරයත් ඔබේ සිහියේ තිබිය යුතුයි. නිශ්චල දේපළ මිලදී ගැනීම, ඔබේ ජීවිතය තුළ ඔබ ගන්නා වඩාත්ම වැදගත් ආයෝජන තීරණවලින් එකක්. වෙළඳපොල, සමපේක්ෂණයට යටත්ව තිබෙන සමයක ඔබ ගන්නා හොඳ තීරණයකින් තහවුරු කළ යුත්තේ ඔබේ මිලදී ගැනීම මිලියන ගණනක වියදමක් නොව, ඔබේ දරුවන් හා ඔබ වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බවයි.

සංවර්ධනය කෙරෙමින් පවතින, නැඟී එන වටාපිටාවක පදිංචියට යාමට තෝරාගැනීම, කාලයත් සමග ඔබේ ආයෝජනයේ වැඩීම සහතික කොට එය වෙළඳපොලේ උච්චාවචනයන්ට ගොදුරු වීම අඩු කරනු ඇති. 

   

References

උද්ධෘත:

1. Fernandopulle, L. (2017). Real estate market takes an upward trend:Fast changing landscape in Colombo. [online] Sunday Observer.

 

රූප:

P1. ඡායාරූපය Access Residencies අනුග්‍රහයෙන්

P2. https://pxhere.com/en/photo/1215392

P3. Inside Access

P4.https://pixabay.com/en/roll-road-construction-work-machine-1887796/

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.