"වායුසමීකරණ තාක්ෂණය තේරුම් ගැනීම" යන මැයින් පළ වූ අපේ පෙර ලිපිය තුළ සාමාන්‍ය සිසිල් කෙරුණු ජල පද්ධතියක් වැඩ කරන අන්දම පිළිබඳ සමස්ත චිත්‍රයක් අපි ඔබට ලබා දුන්නා. එම ලිපිය පළමුව කියවන මෙන් අපි ඉහළින්ම නිර්දේශ කරනවා. මේ ලිපියේදී අපි අවධාරණය කරන්නේ සිසිලන (වායුසමීකරණ) පද්ධතියක තිබෙන ප්‍රධාන මූලිකාංග 3ක ක්‍රියාකාරිත්වය. තවද අපි මෙහිදී ඒවායේ සැලැස්මේ තාක්ෂණික වර්ධනයන් ඔබට වැඩියෙන් ඉතිරි කිරීමට උදව් වන අයුරු දෙස බලනවා.
VFD විද්‍යුත් පැනලය සහිත සම්පීඩකයක් (P2)
වාෂ්පීකාරකය සහ සම්පීඩකය (The Evaporator & Compressor)
පළමුවැන්න නම් සිසිලන පද්ධතියෙහි හදවත වන වාෂ්පීකාරකය සහ සම්පීඩකයයි. උණුසුම ගොඩනැඟිල්ලෙන් ඉවතට ගෙන යාම භාර වන්නේ එයටයි. උණුසුම මෙසේ තැනකින් තවත් තැනකට රැගෙන යාමේදී සිදුවිය හැකි අහිමි වීම් වළකාගැනීම සඳහා ශීතකාරකයක් මත යොදනු ලබන පීඩනය සම්පීඩකය විසින් පාලනය කෙරෙනවා. ඔබේ සිසිලන පද්ධතිය ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ අදහසක් ගැනීමට සහ මේ ක්‍රියාවලිය අතිශයින් වැදගත් වන්නේ මන්ද යන්න දැනගැනීමට කරුණාකර මෙතන ක්ලික් කරන්න.
පැරණි සම්පීඩක මාදිලිවල තියෙන්නේ ගොඩනැඟිල්ලක විවිධාකාර විය හැකි සිසිලන අවශ්‍යතා සමග කලාතුරකින් ගැළපෙන වෙනස් නොවන ප්‍රතිදාන සීමා (output thresholds) වන අතර විචල්‍ය සංඛ්‍යාත ධාවක (Variable Frequency Drives – VFDs) සහිත අලුත් මාදිලිවලට, අඛණ්ඩ උෂ්ණත්වයන්, ඉහළ කාර්යක්ෂමතාවක් හා අඩු සිසිලන පිරිවැයක් සහතික කිරීම සඳහා නොකඩවා වෙනස්වන ධාරිතාවන්ගෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.
වර්තමානයේදී, ප්‍රධාන සම්පීඩක වර්ග 3ක් වෙළඳපොලේ තියෙනවා.
1. පරස්පර සම්පීඩකය (Reciprocating Compressor)
2. බමර සම්පීඩකය (Rotary Compressor)
3. චුම්බක දිගංශ කේන්ද්‍රාපසාරී සම්පීඩකය(Magnetic Bearing Centrifugal Compressor)
ශීතකාරකයක් මේ සම්පීඩක වර්ග 3 හරහා ගලා යද්දී සම්පීඩනය කිරීම සඳහා යොදාගන්නේ එකිනෙකට වෙනස් ක්‍රමවේද. චුම්බක දිගංශ කේන්ද්‍රපසාරී සම්පීඩකය (Magnetic Bearing Centrifugal Compressor), ඝර්ෂණය අඩු කිරීම සඳහා ස්ථිර චුම්බක යොදාගන්නා අතර පරස්පර හා බමර සම්පීඩක මෙන් ලිහිසි තෙල් මත (oil for lubrication) රඳා පවතින්නේ නැහැ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් චුම්බක දිගංශ කේන්ද්‍රාපසාරී සම්පීඩකය අවම නඩත්තු වියදමකින් යුතුයි. මේ වර්ග තුනේම අලුත් අනුවාද, සැලකිය යුතු ශක්ති පිරිමැසුමක් සඳහා විචල්‍ය සංඛ්‍යාත ධාවක (VFDs) සංයෝග කරනවා.(1)
සම්පීඩකය සිසිලන කුලුණ සමග සම්බන්ධ කරන පොම්ප (P3)
පොම්ප
සිසිලන පද්ධතිය, උණුසුම රැගෙන යාම සඳහා ජලය යොදාගනිද්දී ජලය පොම්ප කිරීම සඳහා සිය බලශක්තියෙන් සැලකිය යුතු කොටසක් වැය කරනවා. අලුත් පොම්ප මාදිළිවල ඇති විචල්‍ය සංඛ්‍යාත ධාවක (VFDs) මගින් ගොඩනැඟිල්ලේ සිසිලන අවශ්‍යතාව අනුව ජලය ගලා යාම සකස් කරගැනීමට පොම්පවලට හැකියාව ලබා දෙනවා. දැනට තිබෙන පොම්පවලටත් VFD අලුතින් සවි කළ හැකි අතර ඒවා සිසිලන පද්ධතිවල බලශක්ති සංරක්ෂණ තාක්ෂණයේ උසස්ම අංගයක්.
වාතය හැසිරවීමේ ඒකකය (P4)
වාතය හැසිරවීමේ ඒකක (Air Handling Units)
ගොඩනැඟිල්ලක් තුළ විවිධ ස්ථානවල උෂ්ණත්වය සහ ආර්ද්‍රතාව නියාමනය කිරීම සඳහා වාතය හැසිරවීමේ ඒකක (Air Handling Units – AHUs) යොදාගැනෙනවා. ගොඩනැඟිල්ලක් තුළ විවිධ කලාප ඒවායේ සිසිලන අවශ්‍යතා අනුව එකිනෙකින් වෙනස් විය හැකි බැවින් සාමාන්‍යයෙන් සැලකිය යුතු ප්‍රමාණයක බලශක්තියක් අපතේ යනවා. මෙය සිදු වෙන්නේ වාතය හැසිරවීමේ ඒකකයෙන් (AHU) නිකුත් කෙරෙන ප්‍රමාණය හා එහි සේවාව සැපයෙන කලාපයේ සිසිලන අවශ්‍යතාව අතර තියෙන නොගැලපීම හේතුවෙනුයි. කිසියම් කලාපයක සිසිලන අවශ්‍යතාවේ හටගන්නා වෙනස්කම් දැනගැනීමේ හැකියාව සහ ඒ අනුව ඒවායේ නිකුතුව (output) සකස් කරගැනීමේ හැකියාව අලුත් AHU වල තියෙනවා.
මේ සියලු අංග උත්ශ්‍රේණි (upgrade) කිරීමෙන් ඉහළ මට්ටමක බලශක්ති ඉතිරියක් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සමහර උත්ශ්‍රේණි කිරීම් බාහිරින් සවිකරගත හැකි නිසා ඉතා අරපිරිමැස්මෙන් යුක්තයි. බලශක්තිය ඉතිරි කිරීමට අමතරව මේ පද්ධති මගින් නඩත්තු වියදම් සහ පද්ධතිය අක්‍රිය කර තබන අවස්ථා අඩු කෙරෙනවා.