access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සිසිලනය: ඇසිය යුතු ප්‍රශ්න

Manager - Energy Management

Eng. Sujeewa Fernando

Manager - Energy Management

Access Energy Solutions

 

වායු සමනය, සුවපහසුව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපේක්ෂා කරන ප්‍රමිතියක් බවට පත් වෙලා(P1-4)

බොහෝ දෙනා අද වෙළඳ හා සේවා අවකාශ තුළ සිසිල්, සුවදායී උෂ්ණත්වක් තිබීම බලාපොරොත්තු වෙන දෙයක්. මේ නිසා එයට උදව්වක් වෙන වායු සමීකරණ පද්ධති අපේ ජීවිතවල අනිවාර්ය කොටසක් බවටත්, බොහෝ සමාගම්වල පොදුකාර්ය පිරිවැයේ (overheads) වියදම් අධික අංගයක් බවටත් පත් වෙලා.

 

 

සාමාන්‍ය සිසිලන පද්ධතියක සැලැස්ම. මේ රූපය ගැන විස්තරාත්මක පැහැදිලි කිරීමක් සිසිලන පද්ධති අවබෝධ කරගැනීම නමැති අපේ ලිපියෙන් ලබාගත හැකියි. (P5)

මොනවද මේ පද්ධති?

සිසිල් කෙරුණු ජල පද්ධති (chilled water systems) මඟින්, අවට ඇති උෂ්ණත්වයට වඩා බෙහෙවින් සිසිල් කිරීමට තිබෙන හැකියාව නිසා, ඒවා ශ්‍රී ලංකාවේ සුලභව භාවිත වන මධ්‍යගත වායු සමීකරණ පද්ධති වර්ගයක්.(1) මේ පද්ධතිවල මෑත කාලීන තාක්ෂණික වර්ධනයන් නිසා ඒවායේ කාර්යක්ෂමතාව සැලකියයුතු මට්ටමකට දියුණු වෙලා. ඒ අනුව, ගොඩනැගිල්ලක බලශක්ති වියදම ඉතුරු කරගන්න උදව් කරන්න ඒවාට පුළුවන්. කෙසේ වෙතත්, සිසිලනය කළ ජල පද්ධතියක් යාවත්කාල කිරීම, ඔබේ නිවසේ වායු සමන යන්ත්‍රය මාරු කිරීමට වඩා බෙහෙවින් අභියෝගාත්මකයි.

මේ පද්ධති යාවත්කාල කිරීමේ අභියෝගය මතු වෙන්නේ ඒවායේ සංකීර්ණතාව නිසයි. ඒත්, පද්ධතියේ ප්‍රධාන අංග යාවත්කාල කිරීමෙන් එහි කාර්යක්ෂමතාව විශාල වශයෙන් දියුණු වෙනව වගේම, එසේ කිරීම මුල්‍යමය අතිනුත් වාසිදායකයි. පැහැදිලි මුල්‍යමය වාසියට අමතරව, ගොඩනැගිල්ලේ කාබන් පා සලකුණ (carbon footprint) අවම කරන්නත්, හරිත සහතිකය (LEED) ලබාගන්නත්, යාවත්කාල කිරී උපකාරී වෙන්න පුළුවන්.

 

 

පටන්ගන්න ඕනෙ කොතනින්ද කියන එක අභියෝගාත්මක වෙන්න පුළුවන් (P6)

ඔබ ඇසිය යුතු ප්‍රශ්න මොනවාද?

ඔබ පටන්ගන්නේ කොතනින්ද? මේ තාක්ෂණයන් අවබෝධ කරගැනීමට හා ඒවා අතරින් ගැලපෙන දෙය තෝරාගැනීමට විශේෂඥ ඉංජිනේරු දැනුම අවශ්‍ය වෙනවා. යාවත්කාල කිරීමක් අවශ්‍යදැයි තීරණය කිරීම සඳහා, මුළින්ම පහත දැක්වෙන ප්‍රශ්න ඇසිය යුතු බව අපට කියන්න පුළුවන්.

1. ගොඩනැඟිල්ල තුළ කටයුතු කාර්යබහුල (peak) හා කාර්යබහුල නොවන (off-peak) වේලාවන් අතර එතුළ රැඳී        සිටින පුද්ගලයින් සංඛ්‍යාවේ සැලකිය යුතු වෙනසක් තිබෙනවාද?

වාණිජ ගොඩනැඟිලි සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් තත්වය මේකයි. එම වෙනස 30% සිට 70% දක්වා වෙනසක් නම්, ඔබේ සිසිලන සම්පීඩකය හා ජල පොම්ප, විචල්‍ය සංඛ්‍යාත ධාවක (variable frequency drivers – VFD) යොදා යාවත්කාල කිරීම මගින්, සැලකිය යුතු මට්ටමේ බලශක්ති ඉතිරියක් කරගන්න පුළුවන්.

2. වැඩ කෙරෙන දිනයක් අතරතුර රැඳී සිටින පුද්ගල සංඛ්‍යාවේ විශාල වෙනස් වීම් හටගන්නා නිශ්චිත      අවකාශ ගොඩනැගිල්ල තුළ තිබෙනවාද?

සමාන්‍යයෙන් භෝජනාගාර හා ගොඩනැගිල්ලක ලොබි ප්‍රදේශ සම්බන්ධයෙන් තත්වය මෙයයි. ඉතින් විචල්‍ය සංඛ්‍යාත ධාවකයක් (VFD) සහිත වායු හැසිරුම් ඒකකයක(Air Handling Unit – AHU) මේ අවකාශ තුළ ස්ථාපනය කිරීමෙන් ඔබට මේ තැන්වල බලශක්තිය අපතේ යාම අඩු කර සිසිලනය සඳහා වැය වන වියදම ඉතිරි කරගන්න පුළුවන්.

3. වායුසමීකරණ පද්ධතිය නොකඩවා ක්‍රියාත්මක වීම ගොඩනැඟිල්ලේ මෙහෙයුම් සඳහා                     අත්‍යවශ්‍යද?

ප්‍රධාන විචල්‍යයන් නිරීක්ෂණය කිරීම සඳහා ඔබේ සිසිලන පද්ධතිය ගොඩනැගිලි නිරීක්ෂක පද්ධතියකට (Building Monitoring System – BMS) සම්බන්ධ කරන්න පුළුවන්. පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කරන්න ඉඩ ඇති දේවල්, එසේ ගැටලු සහගත වෙන්න කලින් හඳුනාගන්න, මෙමගින් නඩත්තු ඉංජිනේරුවන්ට හැකි වෙනවා.

4. පද්ධතියේ නඩත්තු වියදම් අධිකද?

ගොඩනැගිලි නිරීක්ෂක පද්ධතියකින් (BMS) ඔබේ පද්ධතිය නිරීක්ෂණය කිරීමට හා දෝෂ සෙවීම මධ්‍යගත කිරීමට ඉඩ සැලසෙනවා. මෙය ඔබට සේවකයින් සහ අමතර කොටස් සඳහාත්, පද්ධතිය අක්‍රිය වීම් නිසාත්, වැය වන වියදම් කපාහරින්න උදව් වේවි.

5. ඔබ යොදාගන්නා ශීතකාරකය භාවිතයෙන් ඉවත් කිරීමට නියමිත එකක්ද?

හයිඩ්‍රොක්ලෝරොෆ්ලෝරොකාබන් (HCFCs) කියන්නේ බහුලව භාවිතයේ තියෙන, ඕසෝන් ක්ෂය කිරීමේ විභවය අධික ශීතකාරකයක්. ඕසෝන් ක්ෂය කිරීමේ විභවය අනුපිළිවෙලින් 0.055 හා 0.11 ක් වන R-22 හා R-141b ඇතුළු මේ වර්ගයේ ශීතකාරක බහුතරයක් දැන් භාවිතයෙන් ඉවත් කෙරෙමින් තිබෙනවා. මේ භාවිතයෙන් ඉවත් කිරීම, ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් 197ක් විසින් අත්සන් කරන ලද මොන්ට්‍රියාල් සන්ධානයේ (Montreal Protocol) කොටසක්. කෙසේ වෙතත්, R-22 වැනි ශීතකාරක වෙනුවට දැන් ඕසෝන් ක්ෂය නොකරන හා භාවිතය නතර කළ යුතු දිනයක් නියම වී නැති R-141A ආදේශ කෙරෙමින් තිබෙනවා.

ඉහත ප්‍රශ්නවලින් එකකට හෝ වැඩි ගණනකට ඔබේ පිළිතුර ඔව් නම්, ඔබේ පද්ධතිය යාවත්කාල කිරීම ගැන සලකා බැලිය යුතුයි. ඔබේ සිසිලන පද්ධතියේත් එහි කොටස්වලත් ක්‍රියාකාරීත්වය හොඳින් අවබෝධ කරගැනීම සඳහා ඔබට මෙහි පළ වී ඇති අපේ ලිපි කියවා බැලිය හැකියි. 

   
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.