වන අතර අප විසින් පාඨකයාගේ පහසුව වෙනුවෙන් ලිපිය කොටස් දෙකක් වශයෙන් පළ කෙරේ. දෙවන ලිපිය මෙතනින්මාසයකට නළ 600 ක් කපන්න පුළුවන් ක්‍රම ගණන මුළු විශ්වයේම තියෙන පරමාණු ගණනටත් වඩා වැඩි බව මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසට තේරුම් ගියා. දළ වශයෙන් -4×1079 (P1)
මේ ලිපිය GE Reports හි පළ වූ ලිපියක් වන අතර අප විසින් පාඨකයාගේ පහසුව වෙනුවෙන් ලිපිය කොටස් දෙකක් වශයෙන් පළ කෙරේ. දෙවන ලිපිය මෙතනින්.
Dirk Uhde කියන්නේ ගිනිකොණ දිග ප්‍රංශයේ පිහිටි thermal spa වලට ප්‍රසිද්ධ නගරයක් වන Aix-les-Bains හි ඉන්න කර්මාන්තශාලා හිමිකරුවෙක්. Uhde කවදාවත් පරිගණක මෘදුකාංග ගැන එතරම් තැකීමක් කළ අයෙක් නෙවෙයි. GE Digital - European Foundry සමාගමේ දත්ත විද්‍යාඥයින් සහ මෘදුකාංග ඉංජිනේරුවන් පිරිසක් යකඩ ගැටෙන, ගිනි පුළිඟු විසිරෙන Uhde ගේ කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට ආවාම ඒ අයට තමන් කරන්න හදන දේ Uhde ට පැහැදිලි කරන එක ලේසි පහසු වුණේ නැහැ. අනෙක් අතට තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ යන්ත්‍ර සූත්‍ර ගැන මේ කණ්ඩායමට පැහැදිලි කරන එක Uhde ට ලේසි වුණෙත් නැහැ. ඒ සාම්ප්‍රදායික කාර්මික ලෝකයයි නූතන ඩිජිටල් ලෝකයයි එකට හමු වුණු අවස්ථාවක්. ඒත් Uhde දැන් කියන විදියට ඒ හමුවීම තමයි Uhde වසර ගණනාවකින් සිදු කළ හොඳම ව්‍යාපාර හමුවීම.
Uhde ගේ කර්මාන්ත ශාලාව ලෝකය පුරා විදුලි උපපොළවලට අවශ්‍ය උපාංග නිෂ්පාදනය කරන කම්හලක්. මෙහි ප්‍රධානතම නිෂ්පාදනය වුණේ විදුලි උපපොළවලට අවශ්‍ය ඇලුමිනියම් නළ කැපීම සහ එකලස් කිරීම. Uhde ගේ කර්මාන්ත ශාලාව වර්ෂයකට නිෂ්පාදනය කරන මීටර 9 සහ 11 ප්‍රමාණයේ ඇලුමිනියම් නළ එක දිගට තිබ්බොත් කිලෝමීටර 20 ක් විතර වෙනවා.
Uhde ගේ ප්රශ්නය වුණේ ගණිතමය ප්‍රශ්නයක්. කර්මාන්ත ශාලාවේ නළ කැපීම සිදු කරන කුඩා කණ්ඩායම මාසයක ඇණවුම් සම්පූර්ණ කරන්න නම් 600 වරක් නළ කැපීම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ සතියකට 150 වරක්. Uhde ට අවුරුදු ගණනක් තිබුණු ප්රශ්නය තමා මෙහෙම කපන නළවලින් 10% ක් විතර අපතේ යාම. මේකට හේතු වුණේ අපතේ යාම අවම වෙන විදියට හරියට මිම්මට ගණන් හදලා කැපීම ප්‍රායෝගිකව දුෂ්කර වීම මිස සේවකයින්ගේ අදක්ෂතාව නෙවෙයි. අපි ගෙදර බිමට ලෑලි අතුරන විට නාස්ති වෙන්නේ නැතිව ගාණට මිම්මට කපා ගන්න එක කොපමණ අසීරුද කියන අත්දැකීම අපිට තියෙනවා. මේකත් ඒ වගේම ප්‍රශ්නයක්. Uhde ගේ සමාගමට අපතේ යන බට කෑලි ඉවත දමන ද්‍රව්‍ය විදියට විකුණන්න පුළුවන් වුණත් ඒ බටවල තොග වටිනාකමින් 30% කටත් වඩා අඩු ගණනකට. මේ නිසා Uhde ට මේක විශාල පාඩුවක් වුණා.
“මේ සම්පූර්ණ ක්රියාදායමයම අපි අතින් කළ ක්‍රියාදාමයක්” යයි Uhde පවසනවා. සාමාන්‍යයෙන් එක් සේවකයෙක් අඩුම තරමේ දිනකට පැයක්වත් ගණන් හැදීමට වැය කරනවා. බට කීයක් කැපිය යුතුද, මොන ප්‍රමාණයේ බටද, දවස අවසානයේදී අවශ්‍ය වෙන බටවලට ප්‍රමාණය වගේ කාරණා සලකා බලමින් උපරිම කාර්යක්ෂමතාවකින් වැඬේ කරන්න පුළුවන් විදිය ඔහු සොයා බලනවා. “අපි පසුගිය වසර 30 පුරාම වැඩ කළේ මේ විදියට. පුළුවන් විදියට කාර්යක්ෂමතාව වැඩි කරගන්න අපි උත්සාහ කළා.”
දෙවන ලිපිය මෙතනින්.