access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

ඔබේ සිහින මහල් නිවාසය තෝරාගනිද්දී සැලකිය යුතුම දේවල් 3ක්

General Manager - Business Development

Eng.Athula Wimalarathne

General Manager - Business Development

Access International Pvt. Ltd

 

සැහැල්ලු ජීවන රටාවක් රසවිඳින්න; ගුණාත්මක බව අගයන මහල් නිවසක් තෝරාගන්න (P1)

 

සිහින නිවහනක් මිලදී ගැනීම ජීවිතයේ වැදගත් සැතපුම් කණුවක්. සුවපහසු හා සුඛෝපභෝගී නූතන ජීවන රටාවක අග්‍රස්ථානය හැටියට සැලකෙන නිසා, අද මහල් නිවාස බොහෝ දෙනා අතර ජනප්‍රිය තේරීමක්. නිවසකට ආයෝජනය කරද්දී, ගැනුම්කරුවෝ ප්‍රධාන පැති 2ක් ගැන අවධානය යොමු කරනවා - හොඳ තැනක් සහ ගුණාත්මක ඉදිකිරීමක්.

කොහොම වුණත්, මහල් නිවාසයක් ගොඩනැඟීමේ වැඩ පරාසය, නිවසක් ඉදිකරද්දී වගේ එහි අනාගත පදිංචිකරුවන්ට පරීක්ෂාවෙන් ඉන්න පුළුවන් එකක් නෙමේ. ඒ වගේම, මහල් නිවාසවලින් වැඩි හරියක් විකුණනු ලබන්නේ පෙර-අලෙවි (pre-sale) ක්‍රමයට නිසා පොරොන්දුව ඉටු කිරීම ගැන විශාල විශ්වාසයක් සංවර්ධකයන් (developers) වෙත තැබෙනවා. කණගාටුදායක ලෙස, බොහෝ මහල් නිවාසවල පදිංචිකරුවන් සිය මහල් නිවාස ගැනත් ඒවා නඩත්තු කෙරෙන ආකාරය ගැනත් සෑහීමකට පත් ව නැති බව දැනගන්න ලැබීම අසාමාන්‍ය දෙයක් නෙවෙයි.

ඔබේ සිහින මහල් නිවාසය තෝරාගනිද්දී එවැනි කලකිරීම් වළක්වාගැනීම සඳහා, නිරීක්ෂණය කළ යුතු ඉතා වැදගත් පැති 3ක් මෙන්න.

 
 
Outdoor Socket

යොදාගෙන තියෙන නිමැවුම්වල (finishings) ගුණාත්මක තත්වය හා උචිත බව මගින් සංවර්ධකයාගේ ගුණාත්මකභාවය තක්සේරු කරගන්න පුළුවන් (P2)

විශ්වසනීය සංවර්ධකයෙක්

කලින් සඳහන් කෙරුණු විදිහට, ගැනුම්කරුවන් ප්‍රධාන වශයෙන් මහල් නිවාස මිලදී ගන්නේ පෙර-අලෙවි ක්‍රමයට. සංවර්ධකයින් පොරොන්දුව ඉටු කරන බව සහතික කරගැනීම සඳහා, හාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය (Condominium Management Authority – CMA) විසින් අන්තර්වාර කොන්ඩොමිනියම් සැලසුම් ලියාපදිංචි කිරීමේ පද්ධතියක් ක්‍රියාත්මක කෙරුණා. මේ අනුව, ගැනුම්කරුවන්සිය මහල් නිවාස ගොඩනැගිල්ලේ සැලසුම් ලියාපදිංචි කර තිබේදැයි පරීක්ෂා කර බලා, තම සංවර්ධකයාට ලියාපදිංචි සැලසුම්වලින් පිට යා නොහැකි බවට විශ්වාසයෙන් යුතුව නිවාස මිලදී ගන්න පුළුවන්.

හොඳ සංවර්ධකයෙක් හඳුනාගත හැකි වෙනත් ක්‍රම අතර මේවාත් තියෙනවා:

  1. ඔවුන්ගේ සම්පූර්ණ කෙරුණු ව්‍යාපෘති බැලීමට යාම හා නිමැවුම්වල ගුණාත්මක බව, එනම් සුළු කොටස් කෙරෙහි සංවර්ධකයාගේ අවධානය නිරීක්ෂණය කිරීම. නිදසුනක් ලෙස, වැස්සට නිරාවරණය වන ස්විච් එළිමහනේ භාවිතය සඳහා ප්‍රමිතිගත ඒවාද?”

  2. ඔවුන් සමග වැඩ කරන ගෘහනිර්මාණ ශිල්පීන් හා කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ තක්සේරුව.

  3. සංවර්ධකයා පිළිබඳ තක්සේරුව සහ ඔවුන්ට එරෙහි ව පැමිණිලි තිබේදැයි දැනගැනීම සඳහා සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය (CMA) වෙතින් විමසී.

 
 
Lift Maintainence

ක්‍රමානුකූල නඩත්තුව සුමට ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යයි (P3)

ස්ථාපිත කළමනාකරණ කමිටුවක්

අනාගත පදිංචිකරුවන් ආකර්ෂණය කරගැනීම සඳහා පොදු පහසුකම් ගණනාවක් ඇතුළත් කිරීම සංවර්ධකයින් සුලභව කරන දෙයක්. පළමු වසර තුළ මේ පහසුකම් නඩත්තුව හා අලුත්වැඩියාව සංවර්ධකයාගේ වගකීම වන අතර, ඉන් පසුව, කළමනාකරණ කමිටුවක් පිහිටුවා ලියාපදිංචි කර, පදිංචිකරුවන් විසින් මේ වගකීම භාරගත යුතු බව මතක තබා ගැනීම වැදගත්.

පහසුකම් අඛණ්ඩව පවත්වාගැනීම බොහෝ කළමනාකරණ කමිටු මුහුණ පාන විශාලතම අභියෝගයයි. මෙය ආවරණය කරගැනීම සඳහා බොහෝ මහල් නිවාසවලට, ඒ ඒ නිවාසයේ හිමිකරු විසින් ගෙවිය යුතු මාසික නඩත්තු ගාස්තුවක් තියෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කටයුතු කිරීමේදී, වඩා විශාල අලුත්වැඩියා අවශ්‍යතා පියවාගැනීම සඳහා නිදන් අරමුදලක් (sinking fund) පිහිටුවීම, සංවර්ධකයාගේත් අනාගත අයිතිකරුවාගේත් වගකිමක් හා නෛතික බැඳීමක්. එවැනි පියවර මගින්, අනාගත කළමනාකරණ කමිටුවට අවශ්‍ය අවස්ථාවලදී විශාල අලුත්වැඩියා කටයුතු සිදු කිරීමේ හැකියාව සහතික කෙරෙනවා. කළමනාකරණ කමිටුවක් පිහිටුවා ලියාපදිංචි කිරීම සඳහා වූ පෝරමය සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය වෙතින් ලබාගත හැකියි. මෙහි සම්බන්ධ කර ඇති පෝරමයේ දෙවැනි පිටුව තුළ මේ ක්‍රියාවලියට අවශ්‍ය සියලු සහතික සඳහන් වෙනවා. ඔබේ අනාගත සිහින නිවහන සඳහා අවශ්‍ය සහතික ඔබේ සංවර්ධකයා ලබාගෙන තිබේද යන්න ඔවුන් ගෙන් විමසා දැනගන්න.

 
 
Access people working on construction site

පිළිගත් කොන්ත්‍රාත්කරුවෙක්, වැඩ ඉහළම ප්‍රමිතියට සිදුකෙරෙන බවට සහතික කරනු ඇති (P4)

පිළිගත් කොන්ත්‍රාත්කරුවෙක්

නිවසක් කියන්නේ දිගු කාලීන වත්කමක්. ඒ සඳහා කරන ආයෝජනය වටිනා එකක් වෙන්න නම්, එය හොඳින් ඉදි කර තිබීම අත්‍යවශ්‍යයි. ගුණාත්මක නිෂ්පාදන වගේම හොඳ සැලසුම් මූලධර්ම හා ඉදිකිරීම් භාවිතයන්, නඩත්තු හා අලුත්වැඩියා වියදම් අඩු කරන්න උදව් වෙනවා.

ප්‍රධාන කොන්ත්‍රාත්කරු පිළිබඳ තක්සේරුවට අමතරව, යාන්ත්‍රික, විදුලි හා ජලනල කොන්ත්‍රාත්කරුවන් දෙසත් සමීපව බැලීම වැදගත් වන්නේ, ගොඩනැගිල්ලේ ආයු කාලය තුළ ගැටලු පැනනඟින්නේ එම ක්ෂේත්‍ර තුළ නිසයි. ඉදිකිරීම්, පුහුණු හා සංවර්ධන ආයතනය (The Institute for Construction, Training and Development - ICTAD) අනුමැතිය ලද කොන්ත්‍රාත්කරුවන්, ඔවුන්ට දී ඇති ශ්‍රේණිය අනුව වර්ග කරගන්න ඉඩ සලසනවා. ප්‍රධාන හා විශේෂඥ කොන්ත්‍රාත්කරුවන්ට ශ්‍රේණි ලබා දී ඇත්තේ ඔවුන්ගේ තක්සේරු කරන ලද හැකියාවන් මත පදනම් වෙමින්, ඔවුන්ට භාරගත හැකි ව්‍යාපෘතියේ උපරිම ප්‍රමාණය සීමා කරමින්. වැඩි දුර තොරතුරු මෙතැනින් ලබාගන්න පුළුවන්. කෙසේ වුවත්, මේ ශ්‍රේණිගත කිරීම්, කොන්ත්‍රාත්කරුවන්ට භාර ගත හැකි ව්‍යාපෘතියේ ප්‍රමාණයට සීමා වෙන බවත්, ඔවුන් නිම කරනලද ව්‍යාපෘතිවල ගුණාත්මක බව පිළිබඳ ඇඟවුමක් නොවන බවත් සැලකිල්ලට ගන්න.

   

References

රූප:

P1. බ්ලූ ස්ටාර් රියැල්ටීස්

P2. මූලාශ්‍රය නොදනී

P3. ඉන්සයිඩ් ඇක්සස්

P4. ඇක්සස් ඉංජිනියරින්

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends
Access

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.