ජෛව අනුකරණය (biomimicry) යොදා ගන්නා අවස්ථා
ජෛව අනුකරණය කියන්නේ කාලයක් තිස්සේ පරීක්ෂාවට ලක් වූ ස්වභාවධර්මයේ රටා හා ක්රමෝපායන් අනුකරණය කරමින්, මනුෂ්‍යයා මුහුණ දෙන අභියෝගවලට තිරසාර විසඳුම් සොයන නවීන ප්රවේශයකටයි. එය භාණ්ඩ නිර්මාණයට බලපාන අන්දම අපේ "ස්වභාවධර්මය ඇසුරෙන් සිදු කළ නිපැයුම් 3ක්" යන ලිපියේ ඉතා හොඳින් පැහැදිලි කෙරෙනවා. එහෙත්, මේ බලපෑම, මෙම මුළු ක්ෂේත්රය සලකා බලනවිට, ඉතාම සුළු කොටසක් පමණයි. සොබාදහම අනුසාරයෙන් ලබා ගන්නා නිර්මාණ ආවේශය, භාණ්ඩ නිර්මාණයට එහා, නිෂ්පාදන පේළි සැලසුම් හා ව්‍යාපාර මෙහෙයුම්වලට පවා යොදාගන්න පුළුවන්.
මීට පෙර ලිපියක, බෝතල් කළ ජලය නිපදවන ප්‍රධානපෙළේ ශ්‍රී ලාංකීය සමාගමක්, සොබාදහම ජලය පිරිසිදු කිරීමට යොදාගන්නා කාර්යක්ෂම මාර්ග අනුකරණය කරමින් ජාත්‍යන්තර ප්‍රසාදය දිනාගැනීමට පවා සමත් වුණේ කෙසේද යන්න අපි පෙන්වා දුන්නා. මේ ලිපිය තුළ අපි සොබාදහමේ වඩාත් කුඩා ජීව විශේෂයක් වන කූඹීන් නිරීක්ෂණය කිරීම මගින් සිය මෙහෙයුම් විප්ලවීකරණයට ලක් කර ඇති තවත් සමාගම් දෙස බලනවා. මේ කර්මාන්ත කාර්ය සම්පාදනයේ (logistics) සිට විදුලිසන්දේශ දක්වාත් සිල්ලර වෙළඳාම දක්වාත් පරාසයක තිබෙන අතර, කෑම සොයන කූඹීන් අනුකරණය කිරීමෙන් ඔවුන් අත්දකින බලපෑම, මෙහි පහත දැක්වෙන ආකාරයට, කිසි සේත් සුළුපටු නැහැ.
වඩා සරල හා කාර්යක්ෂම කාර්ය සම්පාදනය පටන්ගන්නේ මුලින් වැරදි දිශාවට හෝ වේවා, ගමන් කිරීමත් එක්කයි (P2)
කාර්ය සම්පාදනය සඳහා කෑම සොයා ගමන් කිරීමේ මූලධර්ම
2000 වසරේ දී සවුත්වෙස්ට් ගුවන් සේවය (Southwest Airlines) කෑම සොයා යන කූඹීන් අධ්‍යයනය කළේ සිය බඩු ප්‍රවාහන කාර්ය සම්පාදනය දියුණු කරගැනීමේ අරමුණින්. බඩු තොගය මුලින් වැරදි දිශාවටත් පසුව අවශ්‍ය (නිවැරදි) දිශාවටත් යන ගුවන්යානයේ ප්‍රවාහනය කිරීම, මීළඟ ඍජු ගුවන්ගමන තෙක් බලා සිටීමට වඩා හොඳ බව ඔවුන් සොයාගත්තා. මේ සොයාගැනීම නිසා බඩු තැනකින් තවත් තැනකට ගෙන යාමේ වියදම් 80% කින් අඩු වුණු අතර, ගුවන් තොටුපලේ සිටින කාර්ය මණ්ඩලයට (ground staff) පැවරෙන වැඩ 20% කින් විතර අඩු වුණා. බඩු රාත්‍රී කාලයේදී තැනකින් තවත් තැනකට පැටවීමේ අවස්ථා අඩු වීම නිසා, ඔවුන්ට සිය බඩු ගබඩා පහසුකම් ද අඩු කිරීමේ හැකියාව ලැබුණා. මේ සියලු ප්රතිලාභ මගින් ගුවන් සේවාවට වාර්ෂිකව ඩොලර් මිලියන 10ක ඇස්තමේන්තුගත වාසියක් ලැබුණා. (1)
කූඹි ෆෙරමෝනවල සිට ඩිජිටල් ෆෙරමෝන දක්වා (P3)
වඩා හොඳ සබඳතාවක් සඳහා අඩිපාර
එංගලන්තයේ බ්‍රිස්ටල්හි තොරතුරු තාක්ෂණ විසඳුම් සම්බන්ධයෙන් වැඩ කරන නවෝත්පාදක සමාගමක් වන Hewlett Packard Laboratories, කූඹීන්ට කෑම ඇති තැනක් වෙත ගමන් කිරීමට හා ආපසු පැමිණීමට කෙටිම මාර්ගය සොයාගැනීම සඳහා බුද්ධිමත් ක්‍රමවේදයක් තිබෙන බව තේරුම්ගත්තා. පිටතට ගමනේ යෙදෙන සියලු කූඹියෝ ෆෙරමෝන (pheromones) පාරක් සලකුණු කරගෙන යනවා. වඩාත් වේගයෙන් කෑම ඇති තැනට ගොස් ආපසු පැමිණි කූඹියා, සෙසු කූඹීන්ට එම මාර්ගයේ යාමට දිරිමත් කරමින් සිය අඩිපාරේ ෆෙරමෝනවල තීව්‍රතාව දෙගුණ කරනවා.
මේ සොයාගැනීම්, ප්‍රධාන නෝඩ (nodes) අතර විදුලි සන්දේශ ජාල හරහා රංචු පිටින් සැරිසරන මෘදුකාංග කාරක (software agents) නිකුත් කරන පරිගණක වැඩසටහනක් නිපදවීමට යොදාගැනුණා. සෑම කාරකයක්ම ජාලය දිගේ ගමන් කොට ආපසු එද්දී ඩිජිටල් අඩි පාරක් (trail) සලකුණු කරනවා. වඩාත් ඉක්මනින් ආපසු පැමිණීමට හැකි වූ මාර්ග, එනම් කෙටිම මාර්ග වල ඩිජිටල් අඩි පාර වඩාත් තීව්ර කරනු ලබනවා. ඉන් පසු මේ අඩි පාරවල් ඔස්සේ දුරකථන ඇමතුම් දෙනු ලබනවා. මෙම ඩිජිටල් අඩි පාරවල් දිගින් දිගටම අඩු කරන ක්‍රමවේදයක් ඔස්සේ, වේගයෙන් වෙනස්වන සන්නිවේදන තත්වයන් කළමනාකරණය කිරීමටත් මෙම වැඩසටහනට පුළුවන්. මෙයට ස්තුති වන්නට, ජාලය තුළ තදබදය අඩු මාර්ග ඔස්සේ දුරකථන ඇමතුම් මාර්ගගත කරන්න පුළුවන් වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස තදබදය වැඩි මාර්ගවලට අධිභාරයෙන් නිදහස් වෙමින් සමස්ත ක්‍රියාදාමයම සැලකියයුතු අන්දමින් වඩා කාර්යක්ෂම කරන්න ඉඩ සැලසෙනවා. (2)
ගබඩාවලින් බඩු ඉවත්කර ගැනීමේදී මිනිස්සු කූඹීන් අනුකරණය කරනවා (P4)
බඩු ගබඩා සඳහා බකට් සේනාංක
කෑම සොයා යන කූඹියෝ සිල්ලර වෙළඳ දාමයන් (retail chains) සිය බඩු ගබඩා (warehouses) ක්‍රියාත්මක කරන ආකාරයටත් බලපා තිබෙනවා. කූඹීන් කෑම එහා මෙහා ගෙනයන යාන්ත්‍රණය, බඩු ගබඩාවලින් ඇණවුම් කරන ලද භාණ්ඩ ලබාගැනීමේ ක්‍රියාවලිය සඳහා යොදාගන්න පුළුවන් බව, ජෝර්ජියා ටෙක්හි (Georgia Tech) ජේ. බාර්තොල්ඩි (J. Bartholdi) සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ ඩී. අයින්ස්ටයින් (D. Einstein) හොයාගත්තා. මේ යාන්ත්‍රණය බකට් සේනාංක පද්ධතියක් (Bucket Brigade System) වශයෙන් පොදුවේ හැඳින්වෙනවා. එහිදී සෑම කූඹියෙක්ම සිය කූඹිගුල කරා කෑම අරගෙන යන්නේ ඒ කෑම බාර දිය හැකි වෙනත් කූඹියකු හමු වන තුරුයි. එසේ හමු වූ කූඹියාට තමා ගෙන ආ කෑම බාර දී, පළමු කූඹියා තවත් කෑම අරගෙන ඒමට ආපසු කෑම ඇති තැන වෙත ගමන් කරනවා. මේ ක්‍රියාවලිය ගුල දක්වා දාමය තුළ දිගටම ක්‍රියාත්මක වෙනවා.
මේ අසිරිමත් පද්ධතිය බඩු ගබඩා කළමනාකරණයට විශාල වශයෙන් බලපා තිබෙනවා. මින් පෙර, ගබඩාවලින් බඩු ඉවත් කරගැනීමේදී යොදාගැනුණේ සේවකයින්ට වෙන්වූ කලාප නියම කර තිබුණු "කලාප ක්‍රමයක්". කෙසේ වෙතත් මෙහිදී වේගවත් සේවකයින් අඩුවෙන් යොදාගැනීමත් මන්දගාමී සේවකයින් අසහනයට පත් වීමත් නිසා කාලය අපතේ ගිය අතර, අයහපත් වැඩ පරිසරයක් නිර්මාණය වුණා. බඩු ගබඩාවලට බකට් සේනාංක පද්ධතිය යොදා ගැනීමෙන් ඒවායෙහි කාර්යක්ෂමතාවය 30% කින් වැඩි වූ අතර, ඊට පෙර තිබුණු කලාප ක්‍රමය යටතේ අත්දැකපු අයහපත් තත්වයන් නැති වී ගියා. (3)
අතිශයින් සංවිධානාත්මක හා සමාජශීලී මේ කෘමීන්ගෙන් තව ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් (P5)
නිගමනය
ඉහත සඳහන් වුණු කර්මාන්ත ක්ෂේත්‍ර තුළ ජෛව අනුකරණය විසින් ඇති කරන ලද බලපෑම ඇත්තෙන්ම විප්ලවකාරී එකක් වුණත්, ව්‍යාපාරවලටත් පොදුවේ සමාජයටත් සොබාදහමේ ඇති උදාහරණවලින් ඉගෙනගන්න තවමත් ගොඩක් දේවල් තියෙනවා. එමගින්, අපේ නූතන පද්ධතිවල ආවේණික නාස්තිය සහ අකාර්යක්ෂමතා අඩු කරගන්නේ කෙසේදැයි පෙන්වා දෙන්න පුළුවන් වගේම, වඩා තිරසාර අනාගතයක් කරා අපට මඟ පෙන්වීමේ හැකියාව තියෙනවා. එවැනි ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙයින් එක් පුරෝගාමී ව්‍යාපෘතියක් ගැන වැඩිදුර කියවන්න; සිම්බාබ්වේහි ඇති ගොඩනැඟිල්ලක් එය තුළ වායු උෂ්ණත්වය නියාමනය කරන්නේ බලශක්තිය පාවිච්චි කිරීමෙන් තොරව, වේයන්ගේ හුඹස් සම්බන්ධයෙන් දැනගත්ත දේ යොදාගෙන.