access_logo

ශ්‍රී ලංකාවේ ප්‍ර‍ථම තොරතුරු බ්ලොග් අඩවිය. අනුග්‍රහය Access.

සෞඛ්‍ය සේවාවේ වියදම් සිසිල් කිරීම: සිසිලන පද්ධතිවලට වැය වන බලශක්තිය ඉතිරි කරගැනීම පිළිබඳ සිද්ධි අධ්‍යයනයක්

Manager - Energy Management

Eng. Sujeewa Fernando

Manager - Energy Management

Access Energy Solutions

 

නොරිස් කැනල් පාරේ ඇති ආසිරි ශල්‍ය රෝහල (P1)

හැඳින්වීම

සිය පොදුකාර්ය පිරිවැය (overheads) හා කාබන් පා සලකුණ (carbon footprint) යන දෙකම අවම කිරීමට උදව් වන නවතම පිළියම් මොනවාදැයි අද සමාගම් නිතරම සෙවිල්ලෙන් පසුවෙනවා. සිසිලන තාක්ෂණයේ නවතම සොයාගැනීම් තමයි මෙයට හොඳින්ම ගැළපෙන පිළිතුර. මේවා අතරින් සමහර බලශක්ති සුරකින අංගෝපාංග, පැරණි සිසිලන පද්ධතිවලට අලුතින් සවි කරන්න පුළුවන්. එමගින් බලශක්ති පරිභෝජනය හා නඩත්තු වියදම් විතරක් නෙවෙයි, ඔබේ මූලික ආයෝජනයේ වියදමත් ඉතිරි කරගන්න පුළුවන්. එහෙත්, දැනට මිලදී ගන්න තියෙන පද්ධති සහ ඒවා ඔබේ ගොඩනැගිලිවල සිසිලන අවශ්‍යතා සමඟ සැසඳෙන අයුරු හඳුනාගැනීමේ අභියෝග නිසා, එවැනි වැඩිදියුණු කිරීම්, වෙළඳපොළ විසින් තවම වැලඳගෙන නැහැ. මෙම පද්ධතිවල ප්‍රතිලාභ මැනබැලීමට ඇති අභියෝග නිසා, ඇත්ත තත්වය පැහැදිලිව දැනගැනීමට ඔබේ පවතින පද්ධතිය වැඩිදියුණු කිරීමටම සිදුවෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ පුරෝගාමී විදුලි ඉංජිනේරු සමාගමක් වන ඇක්සස් එනර්ජි සොලූශන්ස් (Access Energy Solutions), ආසිරි ශල්‍ය රෝහල සමඟ එක්ව, එවැනි පද්ධති වැඩිදියුණු කිරීමේ ක්‍රියාවලියක් තුළින් මසකට ඉතිරි කළ හැකි ප්‍රමාණය පිළිබඳ නිශ්චිත අගයක් (benchmark) තහවුරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම, උණුසුම හා ආර්ද්‍රතාව වැඩි අපේ දේශගුණය යටතේ පවතින, රැඳී සිටීන පුද්ගල සංඛ්‍යාව නිතර වෙනස්වන ගොඩනැගිල්ලක් තුළ පවතින තත්වය ඇසුරෙන්.

 
 
Asiri Central Outside

අත්‍යවශ්‍ය සත්කාර සේවා ගණනාවක් මේ රෝහලෙන් සැපයෙනවා (P2)

ස්ථානය පිළිබඳ විස්තර

ආසිරි සර්ජිකල්හි සිසිලන පද්ධතිය යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලියෙන් වර්ග මීටර 33,000 ක සමස්ත භූමි ප්‍රමාණයක් ආවරණය වෙනවා. ගොඩනැගිල්ල මහල් 12 කින් සමන්විත අතර, ඉන් එක් එක් මහලේ සිසිලන භාරය (load) ඒවායේ රැඳී සිටින පුද්ගල සංඛ්‍යාව මත රඳා පවතිනවා. එහි වරකට සිටින පුද්ගල සංඛ්‍යාවේ විශාල වෙනස්කම් සිදුවන, ඒ නිසාම සිසිලන අවශ්‍යතාව වෙනස් වන මහල් දෙකක් තියෙනවා. ඒවා වන්නේ, සිසිලනය අවශ්‍ය ඉඩකඩ උපරිම වර්ග මීටර 3000ක් වන තුන්වන මහල සහ වර්ග මීටර 2500ක් අවශ්‍ය වන දෙවන මහලයි. මීට අමතරව, හදිසි ප්‍රතිකාර ඒකකය වැනි විශේෂිත ප්‍රදේශ සඳහා නිරතුරුවම සිසිලනය අවශ්‍ය වෙනවා. තවද, මෙම ආයතනය රෝහලක් වීම නිසා, ඝෝෂා මට්ටමත් (noise level) සැලකිල්ලට ගත යුතු වුණා.

 
 
Chiller and pumps

ආසිරි සෙන්ට්‍රල් රෝහලේ සිසිලන කාමරය (P3)

යොදාගත් තාක්ෂණය

දැනට තිබෙන පද්ධතියේ සිට කෙරෙන යාවත්කාල කිරීමකදී ප්‍රධාන සිසිලන ඒකකය වෙනුවට විචල්‍ය සංඛ්‍යාත ධාවක (Variable Frequency Drive - VFD) සහිත භ්‍රමණ සම්පීඩක ඩේකින් සිසිලකයක් (rotary compressor Daikin chiller) ආදේශ කෙරෙනවා. රෝහල් පරිශ්‍රයේ අඩු ඝෝෂාවක් පවත්වාගැනීමේ අවශ්‍යතාව නිසා, තෝරාගන්නා ලද මාදිලිය, සිසිලන ක්ෂේත්‍රයේ තිබෙන නිශ්ශබ්දම සැලසුම් අතරින් එකක් වූ අතර එමගින් නිශ්ශබ්දකාරක උපාංග සඳහා වැය වන වියදමත් ඉතිරි වුණා. සිසිලකය යාවත්කාල කිරීමට අතිරේකව, ජල පොම්ප VFD පොම්ප බවට යාවත්කාල කරන ලද අතර, ඇතුළත රැඳී සිටින පිරිසගේ හා සිසිලන අවශ්‍යතාවේ අධික වෙනස්කම් හටගන්නා මහල්වල වායු හැසිරුම් ඒකක සබුද්ධ විද්‍යුත් තාක්ෂණය (intelligent electronics) යොදා යාවත්කාල කෙරුණා.

 
 
Electric panel

බලශක්තිය පරිභෝජනය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීම සඳහා සවි කළ විද්යුත් පැනල. වැඩි විස්තර සඳහා මෙතන බලන්න. (P4)

ආයෝජනය හා ප්‍රතිලාභ

ඉහත දැක්වුණු සිසිලන පද්ධතියට කෙරුණු යාවත්කාල කිරීම්වල සමස්ත පිරිවැය රුපියල් මිලියන 70ක් පමණ වුණා. කෙසේ වෙතත්, රෝහලේ මාසික වායුසමීකරණ බිලෙහි බලශක්ති පිරිවැයේ අඩු වීම ආසන්න වශයෙන් 40%ක්. මෙයින් රුපියල් මිලියන 2.5 සිට 3 දක්වා සිත් කාවදිනසුලු මාසික ඉතිරියක් ලැබෙන්නේ, සමාගමට අවුරුදු 2.2 ක ආපසු උපයාගැනීමේ කාලයක් සහ පළමු වසර තුළ 46% ක ආයෝජන ප්‍රතිලාභයක් (ROI) ලබා දෙමින්. එය දැනටමත් ලැබී අවසන්. මෙයින් පෙනී යන්නේ වාණිජ හා කාර්මික සිසිලක යාවත්කාලීන කිරීම ඕනෑම සමාගමකට ආකර්ෂණීය යෝජනාවක් බවයි. මේ ඉතිරි කිරීම්වලට පහත ඉස්මතු කර පෙන්වන, නඩත්තු වියදම්වල පහළ යාම ඇතුළත් කර නැහැ.

 
 
Building Management System UI

BMS එකකින් පද්ධතියේ සෞඛ්‍යය පිළිබඳ මූලික තොරතුරුවලට පහසු ප්‍රවේශයක් සැපයෙනවා (P5)

නඩත්තුව

සිසිලන පද්ධතියේ සෑම කොටසකටම සංවේදක (sensors) යොදා එහි සෞඛ්‍යය නීරීක්ෂණය කරන ගොඩනැගිලි කළමනාකරණ පද්ධතියකට (Building Management System - BMS), මෙය සම්බන්ධ කෙරුණා. මෙමගින් පද්ධති ඉංජිනේරුවන්ට මධ්‍යගතව නිරීක්ෂණය කරමින්, සමස්ත ක්‍රියාකාරිත්වයට බලපෑමක් එල්ල වන්නට පෙර දෝෂ හඳුනාගෙන, රෝහලේ නඩත්තු වියදම් පහත හෙළීමට ඉඩ සැලසෙනවා. මෙම අතිරේක අඩුකිරීම් ස්ථාපනයේ සමස්ත පිරිවැය කාර්යක්ෂමතාවට (cost efficiency) එකතු වෙනවා. මෙම වාසි, ඉහත සඳහන් ප්‍රතිලාභවලට එකතු කර නැතත්, ඒවා නොසලකා හරින්න බැහැ. ඒවා ඔබේ සිසිලන පද්ධතිය යාවත්කාල කිරීම ඇත්තෙන්ම වඩාත් ආකර්ෂණීය ආයෝජනයක් බවට පත් කරනවා.

 
 
Asiri Reception

උණුසුම් පිළිගැනීමක් සඳහා බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුතු, නොවෙනස්ව පවතින උෂ්ණත්වයක්. (P6)

නිගමනය

ඔබේ සිසිලන පද්ධතිය යාවත්කාලීන කිරීමේ මුල්‍යමය මෙන්ම පාරිසරික වාසි ගැනත් සැලකීමේදී, ආසිරි ශල්‍ය රෝහලේ සිදු වුණාක් මෙන්, හරිත මගට පිවිසීමේ හොඳම ක්‍රමයක් ලෙස එය ප්‍රබලව ඉස්මතු වෙනවා. ඔබේ සිසිලන පද්ධතිය යාවත්කාලීන කිරීමට කාලය එළඹ ඇත්දැයි දැනගන්නේ කෙසේද? ඇසිය යුතු ප්‍රශ්න මොනවාදැයි දැනගැනීමට, මෙතනට පිවිසෙන්න.

 

   

References

රූප:

P1: Asiri Central 

P2: Asiri Central 

P3: Asiri Central 

P4: Asiri Central 

P5: Asiri Central 

P6: Asiri Central 

Access
Subscribe to This Blog
For the latest business insights and industry trends

Inside Access යනු වඩා දැනුම්වත් සංවාද වෙත සහාය දක්වමින් තොරතුරු ප්‍රවර්ධනය අරමුණු කරගෙන Access සමාගම විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියකි. පුද්ගලයන්ට, ව්‍යාපාරික සමාගම්වලට මෙන්ම සමස්ථ ශ්‍රී ලාංකික ප්‍රජාවටම වැදගත් වන දැනුම් මූලාශ්‍රයක් ලෙස කටයුතු කිරීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම ආයතන සමග අපි සමූපව කටයුතු කරන්නෙමු.